
(සුජිත් හේවාජුලිගේ)
නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත.
වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම මාර්තු 31 වනවිට පැවතුණ සියලුම වත්කම් පිළිබඳ විස්තර සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර කතානායකවරයාට බාරදිය යුතුවේ.
මේ අතර ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට නොහැකිව ජූලි මස 1 වෙනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න බැරි ?
තමන්ගේ වත්කමවත් වෙලාවට ප්‍රකාශ කරන්න බැරි අය කොහොමද වෙන වැඩක් හරියට කරන්නේ?
තියෙන වත්කම් ගැන හොයා ගන්ඩ බැරි වෙලා ඇති.