
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය.
ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි.
2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය.
බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදුවලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම රාජ්‍ය වියදම් හිඟයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන පියවර යන්ද අයවැයට ඇතුළත් වීම ඉතා වැදගත් බවද ඔහු පැවසුවේය.
රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය හා රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතු බවද පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය .
මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසරභාවයට සහායවීමටත් විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක වුවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බද්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට ඇති අවදානම ඉහළ දමන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වර්තමාන භූ දේශපාලනයේ නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට තිබෙන අවදානම ඉහල දමන බවද ඔහු පැවසුවේය.
මෙම අවදානම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීමේ සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේය.
මෙතෙක් අමාරුවෙන් දිනා ගත් ආර්ථික ප්‍රගතිය ආරක්‍ෂා කර ගැනීමට සහ මෙරටට එල්ල වන අවදානම් වලට මුහුණ දීමට ඇති හැකියාව පුළුල් කරගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉඩ සලසා දෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට මුදල් ඇදලා ගන්න ක්‍රමය නම් ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් මහජනතාව වෙත මුදල් ලැබෙන ක්‍රම ඇහිරී යන බව නම් පැහැදිලියි.
රජයේ වියදම් වසරකට රුපියල් ට්‍රිලියන 7 කි , අදායම ට්‍රිලියන 5 කි , වියදම්වලින් වැඩි කොටසක් වියදම් වන්නේ අවශ්‍ය පමණට 3 ගුණයක්කට වැඩි ප්‍රමාණයක් සිටින රජයේ සේවකයන්ගේ වැටුප් සහ දීමන ගෙවන්න. දැන් කාලෙකට ඉස්සර රජයේ සේවකයන් කළේ රිලවු ගණන් කළේය. එකෙන් කිසිම ප්‍රතිපලයක් නැත. දැන් කරන්නේ ගෙවල්වල මිනිස්සු කන එළවලු , මාළු ග්රෑම් ප්‍රමාණය ගණන් හදන එකය , එම කාර්යයට අවශ්‍ය අවශ්‍ය ලිපි මුද්‍රණයට දැනට රුපියල් කොටි ගණනක් වියදම් කර ඇත. නමුත් පුරවැසියෙකුගේ මුලික ඓතිවාසිකමක් වන විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට ලියකියවිලි භාරදීමට දිනයක් ලබාදුන්නේ මස 5 කට පසුවය. සාමාන්‍ය ක්‍රමයට අයදුම්පත භාර දී මාස 3 ගතවී ඇතත් ගමන් බලපත්‍රය තවම තැපෑලෙන් එවා නැත. මේක එක උදාහරණයක් පමණි. පුරවැසියාට කාර්යක්ෂම රජයේ සේවයක් ලබාදීම රජයේ වගකීමය. අපිට විවිධාකාර විශාල බදු ගසමින් , රජය නටන මේ නාඩගම ගැන පුරවැසියාගේ ප්‍රසාදයක් නොමැත ,
මොනවා කරන්නද? නැති බැරි වුණාම ඔහොම තමයි, ඇති හැකි කෙනාගේ පදයට නටන්න ඕනෑ…!
පුළුවන් අය හොරකම් කරනවා, බැරි අය ආණ්ඩුව කරලා දෙනකන් බලන් ඉන්නවා. ඉදිරියටම යව් හෙළයිනි, ඉදිරියටම ...
ආණ්ඩුව කරන්න යන වැඩපිළිවෙල අයින් කරලා විපක්ෂයට ආණ්ඩුව ගන්න පාර කපනවා අයි.එම්.එෆ්. රනිල් මුළු රටම පාව දුන්නා. ඉස්සරහට බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා.
සමුර්ධියෙන් හෝ ජනසවියේ අස්වැසුමෙන් ලැබෙන මුදල් වලින් බදු ගෙවීමට නොහැකි බව තේරුම් ගැනීමට රටේ පුරවසියනට් අවස්ථාවක්. IMF ආයතනය යනු ලංකාව නිවැරැදි දිසාව පෙන්වන ආයතනයක් බව පුරවැසියන් තේරුම් ගත යුතුවේ. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් IMF කොන්දේසි සහ මගපෙන්වීම අනුව කටයුතු කර මාලිමාවක් නොමැතිව දියුණුව දෙසට ගමන් කරමින් සිටියි.
ඔන්න අපේ විපක්ෂ නායකතුමාට එල්ලෙන්න වැලක්.
අයියෝ ඕක කවුද ගණන් ගන්නේ? අපි අයි.එම්.එෆ් එකට කොන්දේසි දමන්නේ හා නැද්ද? ඉස්සර දෙඩු පුරසාරම් තමයි මේවා. ඩොලර් බිලියන 50 ණය ගෙවන එකත් සුළු මුදලක් කියලත් කිව්වා. එත් මිනිස්සු මරවා මරවා බදු ගහනවා.
ට්‍රැක් එක මාරු කරලා වගේ?