
(විමුක්ති එස් රුද්‍රිගු)
සති 15ක් පුරාවට පැවැති මැද පෙරදිග අර්බුදයේදී ඇමෙරිකාව ඉරානයට පහරදීම සඳහා ඩොලර් බිලියන 58 ක මුදලක් වියදම් කර ඇති බවත් දෙපාර්ශවය සාම ගිවිසුමකට එළැඹීම සඳහා ඉතාමත් ආසන්න බව එම කාලයේ දී ජනපති ට්‍රම්ප් 39 වතාවක් ප්‍රකාශ කර ඇති බවත් නවතම වාර්තාවක් පසුගියදා අනාවරණය කළේය.
ඒ අනුව ඇමෙරිකා - ඉරාන යුද්ධය සඳහා ඇමෙරිකාවේ එක් පවුලක් ඩොලර් 441ක් වියදමක් දරා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. සති 15 ක් කරා පැවැති යුද්ධයේදී සියයට 60 ක ප්‍රතිශතයක් සටන් විරාම පැවැති ඇති බවත් ඉතිරි සියයට 40ක ප්‍රතිශතයේදී ඇමෙරිකාව-ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට ප්‍රහාර 5,034ක් එල්ල කර ගෙන ඇති බවත් එහි සඳහන් වේ.
එම ප්‍රහාර එල්ල වූ රටවල් අතරට ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ලෙබනනය, සිරියාව, සෞදි අරාබිය, ඕමානය, බහරේනය, කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේටය සහ ජෝර්දානය අයත්වන එම වාර්තාවේ දැක්වේ. මැද පෙරදිග අර්බුදයේදී ප්‍රහාර එල්ල වූ එම රටවල් වරක් ලෝකයේ ආරක්ෂිතම රටවල් වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
ප්‍රහාර 5,034 න් ප්‍රහාර 3,242ක් එල්ල කර ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානයට බවත් ඉතිරි ප්‍රහාර 1,792 ක එල්ල කර ඇත්තේ ඉරානය ඇමෙරිකානු හමුදා කඳවුරුවලට බවත් එම වාර්තාවේ සඳහන් වේ. පසුගිය 12 වැනිදා පමණක් ඇමෙරිකාව ස්ථාන 32ක් වෙත ප්‍රහාර 32ක් එල්ල කර ඇති බවත් එහිදී එයට පිළිතුරු ලෙස ඉරානය ස්ථාන 11ක් වෙත ප්‍රහාර 12ක් එල්ල කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd