(අංජුල මහික වීරරත්න)

එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර්- නොවැම්බර් මාස වල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ(අනාවැකි) අජිත් විජේමාන්න මහතා පැවැසීය.

මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැබර් වලින් පසු ප්‍රබල, අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකතන කරන්නේ යැයිද විජේමාන්න මහතා කීය.

දෙසැම්බර්,ජනවාරි,පෙබරවාරි කාලයේදී එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව සියයට හැටකට වඩා වැඩිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

දුර්වල, මධ්‍යස්ථ,ප්‍රබල, ඉතා ප්‍රබල ආදී ලෙස එල් නිනෝ තත්ව වර්ග කර තිබෙන අතර මේ වන විට පවතින්නේ දුර්වල තත්ත්වයක එල්නිනෝ තත්ත්වයක් යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේය.