මනම්පිටිය බස් අනතුරිින් 11ක් මරුට,40කට තුවාල කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (9) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනෙක් මරුමුවට පත්ව 40 දෙනෙක් බරපතළ තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති. 09 July 2023
‘‘පොලිස්පතිට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘ රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 09 July 2023
ශ්‍රමනවේශධාරියකු, කතුන් දෙදෙනකු නිරුවත් කළ අටක් රිමාන්ඩ් නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය. 08 July 2023
හිටපු පොලිස්පති යළි පුටුවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි 07 July 2023
ඉංජිනේරු සංස්ථාවේ සභාපති කාමරේක හිර කරයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසීය. 07 July 2023
බැංකු පොලිය පහළ දමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කර තිබේ. 06 July 2023
මුතු රාජා යළි දෙන්නෑ මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත. 05 July 2023
නූපන් දරු තිදෙනා සමග මවක් මරුට තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය බව මවගේ ඥාතීහු පවසති. 04 July 2023
රත්තරන් ජෙල් සමග ඩියුටි ෆ්‍රී සේවිකාවක් මාට්ටු රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් අත් අඩංගුවට ගත් බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය. 04 July 2023
දින නවයක් හිස් වූ පොලිස් මහ පුටුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 03 July 2023
ලිට්රෝ මිල තවත් පහළට? ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
සිංහ පැටව් ලෝක කුසලානයට සුදුසුකම් ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (2) සමත් විය. 02 July 2023
පොහොට්ටු තරුණ මැති ඇමැතිවරු අලුත් පාරක් කපති ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 01 July 2023
පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල ඉහළට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 01 July 2023
විදුලි ගාස්තුව සියයට 14කින් අඩු කරයි රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව හෙට (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) පැවසීය. 30 June 2023
තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 30 June 2023
තෙල්දෙණියේ මහා වාහන කොල්ලය තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි. 29 June 2023
කොමිෂන් දෙකක් පත් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත. 29 June 2023
ලක් දියණිකයට කැනඩා රජයේ ලොකු පුටුවක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ. 28 June 2023
මාවුස්සා කැලේ ඉඩම් අරාබියට දෙන්න යයි සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
සෞඛ්‍යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 27 June 2023
ලිට්රෝ ගෑස් මිල තවත් අඩු වෙයි ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය. 26 June 2023
ඇමති ප්‍රසන්නගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසෙන තිදෙනකුට අද 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 25 June 2023
රෝහල් වැඩ කොට උඩ වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මස අග දී එකවර විශ්‍රාම යාමත්,ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීමත් යන කාරණා මත,රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. 24 June 2023
වෙඩික්කරුවෙක් වෙඩි කයි මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත. 24 June 2023
පොලොන්නරුවේ ඖෂධ කල් ඉකුත් වුණේ කාගේ වරදින්ද පොළොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක ගබඩා කර තිබූ රුපියල් කෝටි ගණනක ඖෂධ වර්ග විනාශ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 23 June 2023
ඩයනා අධිකරණයට අපහාස කරලා? අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය. 22 June 2023
ත්‍රිරෝද රථ රියැදුරා වෙඩි කා පළා යයි පොලිස් අණ නොතකා ධාවනය කරන ලද ත්‍රිරෝද රථයකට ලබුදුව බෝගහ වේල්ල මාර්ගයේදී අද (22) දහවල් වෙඩි තැබූ බව පෝද්දල පොලිසිය කියයි. 22 June 2023
මාස හයට උණ්ඩය 23 බිලි ගනී 2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 22 June 2023
ඉඟිනියාගල දැරියෝ දෙකක් අතුරුදහන් අම්පාර ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි ඉඟිනියාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉඟිනියාගල පොලිසිය කියයි. 21 June 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026