IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි

(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය.

මෙම මිල පහත දැමීම අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.

ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතින බව ඛනංජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි

Achi Sunday, 30 June 2024 10:30 PM

මැතිවරණ ගිල්මාට් මැතිවරණයෙන් පසු ජනතාවට තවත් බදු ගසා දඩ ගසා අත්‍යාවශ්‍ය මිල අහස උසට නගිනු ඇත.

:       1       3

Dharshi Sunday, 30 June 2024 10:39 PM

මාළු සඳහා මසුන් ඇල්ලීම සූදානම් ගිල දැමීමට පෙර දෙවරක් සිතන්න

:       1       0

SL Sunday, 30 June 2024 11:12 PM

මේ මාසෙකට ,සතියකට සැරයක් කරන ,ගොබ්බ මිල අඩු වැඩි කිරීම් වලින් වෙන එකම දේ මුදලාලිලා ට ලාභයක් යන එක විතරයි. බස් ගාස්තු , පාසල් බස් ගාස්තු ,වැඩි වුණ ඒවා එහෙමම තියෙනවා, බඩු වල මිලත් එහෙමමයි.ආයේ තව මාසෙකින් ඩීසල් ඔය මිලටම වැඩි කලොත් , සතයක් අඩු නොකරපු, බස් ගාස්තු, පාසල් ගාස්තු , බඩු මිල වැඩි වෙනවා.

:       0       1

පිටරටවැසියා Monday, 01 July 2024 02:42 AM

මේක පුදුම මිල සුත්‍රයක්...ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ගන්නෙ එකම බොරතෙල් එකෙන් නෙමෙයිද ???

:       1       2

ගැමිය Monday, 01 July 2024 04:31 AM

මේ බැස්සීම හරියට අර අමරකීර්ති මහත්තය කිව්ව වගේ අගල් 8ක කිනිස්සක් බස්සල අගල් 1/2 උඩට ඇදල කිනිස්සෙන් ඇනුම් කාපු එකාගෙන් අහනව දැන් සැපද කියල වගේ වැඩක්

:       0       8

sachith Monday, 01 July 2024 07:37 AM

ඡන්දෙට කලින් සතියක් වෙනකොට තෙල් මිල 100-200 අතර ඉස්සර තිබ්බ ගාණට ආවොත් හොඳයි

:       0       11

Perera Monday, 01 July 2024 09:57 AM

ඡන්දෙන් මෙයා දිනුවාට පස්සේ ඕවායේ පොලියත් එක්ක වැඩි වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න පොම්ප ගාවට වෙලා.

:       1       8

නිහාල් Monday, 01 July 2024 08:29 PM

තෙල් නිකම් ගහලා දුන්නත් ඡන්දෙ නම් දෙන්නේ නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site