
(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය.
මෙම මිල පහත දැමීම අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.
ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතින බව ඛනංජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ගිල්මාට් මැතිවරණයෙන් පසු ජනතාවට තවත් බදු ගසා දඩ ගසා අත්‍යාවශ්‍ය මිල අහස උසට නගිනු ඇත.
මාළු සඳහා මසුන් ඇල්ලීම සූදානම් ගිල දැමීමට පෙර දෙවරක් සිතන්න
මේ මාසෙකට ,සතියකට සැරයක් කරන ,ගොබ්බ මිල අඩු වැඩි කිරීම් වලින් වෙන එකම දේ මුදලාලිලා ට ලාභයක් යන එක විතරයි. බස් ගාස්තු , පාසල් බස් ගාස්තු ,වැඩි වුණ ඒවා එහෙමම තියෙනවා, බඩු වල මිලත් එහෙමමයි.ආයේ තව මාසෙකින් ඩීසල් ඔය මිලටම වැඩි කලොත් , සතයක් අඩු නොකරපු, බස් ගාස්තු, පාසල් ගාස්තු , බඩු මිල වැඩි වෙනවා.
මේක පුදුම මිල සුත්‍රයක්...ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ගන්නෙ එකම බොරතෙල් එකෙන් නෙමෙයිද ???
මේ බැස්සීම හරියට අර අමරකීර්ති මහත්තය කිව්ව වගේ අගල් 8ක කිනිස්සක් බස්සල අගල් 1/2 උඩට ඇදල කිනිස්සෙන් ඇනුම් කාපු එකාගෙන් අහනව දැන් සැපද කියල වගේ වැඩක්
ඡන්දෙට කලින් සතියක් වෙනකොට තෙල් මිල 100-200 අතර ඉස්සර තිබ්බ ගාණට ආවොත් හොඳයි
ඡන්දෙන් මෙයා දිනුවාට පස්සේ ඕවායේ පොලියත් එක්ක වැඩි වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න පොම්ප ගාවට වෙලා.
තෙල් නිකම් ගහලා දුන්නත් ඡන්දෙ නම් දෙන්නේ නෑ...!