
(සුරංග රාජනායක)
රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවකු පතොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බි.ආර්.ජි. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි.
ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත් අයකි.
මෙම සිසුවා සඟවා තිබූ පියා සතු ගිනිඅවිය සොයා ගෙන සිය කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මව පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොයුරා සමග මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ.
මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සා පෙළ සමත් වී තිබේ. නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසින.
මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ.
සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද එසේම විභාගය පිළිබඳව සිතා සිටිමෙන් ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද පොලිසිය සැක පල කරයි.
ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිව තිබුණි.
.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් සේවය සදහා ගියාට පපස්සෙ සොහොයුරා සමග නිවසේ හිටියලු සොයුරා සේවය සදහා යන්න බලද්දි මේ සිද්ධිය දැක්කලු ඇත්තටම සොයුරාට ඇසීමේ බලවත් දෝෂයක් තිබුනාද බලන්න කොහොම වුනත් වෙඩි තබා ගත්තාට පස්සෙ කරන්න දෙයක් නැහැ ඒත් වෙඩි සද්දෙ නොඇසුනු බවක් හැගෙනවා නේද
මේ දරැවාගේ අයියා යසස් කුලසේකරත් මගේ පුතාගේ වයසේ කිංස්වුඩ් සිසුවෙක්. ඔහු දැන් පේරාදෙනිය කැම්පස් එකේ ELTU තාවකාලික ඉංග්‍රීසි උපදේශකයෙක් විදිහට වැඩ කරන බව මගේ පුතා කිව්වා. චින්තක කියලා තියෙනවා වගේ ඔහුට මේ අනතුර නෑහුණු එක නම පුදුමයක් තමයි. වෙඩි සද්දයක් නිවස තුළින් නැගෙද්දී ඒක නිවස තුළම හිටිය යසස් පුතාට ඇහුණෙ නැද්ද? මට ඔහු සැක කරන්න නම් කරුණු නෑ. හැබැයි මේ මරණය ඉතා කණගාටුදායක එකක්. අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන අපේ අවධානය මදි වීම මීට හේතුවක් බවයි දරුවො ඉන්න තාත්තා කෙනෙක් විදිහට මට දැනට හිතෙන්නේ.
වෙඩි ශබ්දය අයියාට ඇසුනේ නැද්ද? ප්‍රශ්න ගොඩයි
පියාව සගවා තිබ්බෙ කව්ද කියන එකයි මට තියෙන ගැටලුව
ළමයෙක් සියදිවි නසාගත්තම අන්තිමට ෆෝන් එක තමයි වැරදිකාරයා වෙන්නෙ. හරිනම් ෆෝන් නිසා සියදිවි නසාගන්න ඕන තරුණ වයසෙදි ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න ගත්ත අපි. දැන් ළමයින්ට උපතේ ඉඳලම ස්මාට් ෆෝන් අමුතු දෙයක් නෙවේ. තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හිතෙන තරමට තනිකමක් අසරණ කමක් ඒ දරුවට තියෙන්න ඇති. පීඩනයක් තියෙන්න ඇති. පවුල ඇතුළෙ තනි වෙන්න ඇති. අන්තිමට ලේසි උත්තරේ තමයි ෆෝන් ඇඩික්ෂන්. දෙමව්පියො දරුවන්ව ඕනවට වඩා තනි කරන්නවත්, විශ්වාස කරන්නවත් හොඳ නෑ. පවු අසරණ ජීවිතේ.
කටට වෙඩි තියා ගත්තාට පස්සේ සද්දේ ඇහුණත් වැඩක් නම් වෙන එකක් නැහැ. අවුරුද්දක් කලින් උසස් පෙළ කරන්නේ අහවල් එකටද? තමන්ගේ බලාපොරොත්තු දරුවන් පිට පැටවීම හෝ ඔවුන්ට ඉටු කර ගත නොහැකි ආකාරයේ බලාපොරොත්තු ඇති කිරීමේ අවසානය, මෙවැනි ඛේදවාචකයක් විය හැකි බවට දෙමාපියන් දැනුවත් විය යුතුයි. අධ්‍යාපනය, ඉලක්ක, ධනය, රැකියාව යන හැමදේටම වඩා වටින්නේ ඔබ විසින් දරුවාට ලබා දුන් "ජීවිතය" රැක බලා ගැනීම බව මතක තබා ගන්න.