
(ගයාන් සූරියආරච්චි)
පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවටය.
ඒ අනුව ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිලදි ගෙන තිබූ අතර පසුව එම නිවස අත හැර 23 වැනි මහලේ පිහිටි නිවෙසකට මාරුවී ඇත.
එම මාරු වූ නිවෙසේ කාමර 3 ක්, නානකාමර 3 ක්, බැල්කනි 4 ක් මුළුතැන් ගෙයක් සහ කෑම කාමරයකින් යුක්ත බව පොලිසිය කියයි.
පියුමි හංසමාලි එම නිවෙස වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක බොරැල්ල ප්‍රදේශයේ බැංකුවකට රුපියල් ලක්ෂ 50 ක් බැර කර තිබූ අතර පසුව රුපියල් මිලියන 87 ක මුදලක් ගෙවා තිබේ.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ එම නිවාස සහ දේපොළ වෙළෙදාම් ආයතනය සමග එකගතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
එම ගිවිසුමට අනුව 2023 අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 5 ක්, 2023 මැයි මාසයේ දී දෙවතාවකට මිලියන 143 ක් වශයෙන් ගෙවා දැමීමට එකගවී ඇත.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ එම මුදල් ගෙවා දැමීමට නියමිතව තිබුණද ඇය සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර තිබුණේ 2023 දෙසැම්බර් මාසයේ බවත් මේවන තෙක් එහි ඔප්පුව පියුමි හංසමාලි ගේ නමට ලියාපදිංචි කර නොමැති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
තවද පියුමි හංස මාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ද මේවන විට වාර්තා ලබාගෙන ඇති අතර බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද පැවැසේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජේසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිව්ස් එක දාල තියෙන විදියටම තේරෙනවා.....පියුමි ගොඩ.....මොකුත්ම වෙන්නේ නෑ..
කෝ මේ රන්ජන්ට කඩේ යන උන්
තව ටික දවසකින් මෙයත් මාලිමාවේ කාන්තා සමුළුවේ ඉන්නවා දකින්න පුළුවන් වෙයි වගේ...
මේකත් හොඳයි. මෙහෙමවත් කියාගන්න බැරි වත්කම් තියෙන පොලිසියේ සහ රජයේ නිලධාරින් දේශපාලඥයින් ගැනත් හොයන්න අපි දුප්පත් වීමේ රහස එතැන ඇති.
පියුම් හංසමාලි ගැන නැතුව තව හොයන්න තෝරු මෝරු ඉන්නවා. ඒවාට අත ගහන්නේ නැතුව සංජයලයි, සී.අයි.ඩී. එකයි බොරු ඇඩ් දානවා රට රවටන්න.
මුලින්ම ඔය පේන්න තියෙන විශාල වත්කම ලැබුණේ කොහොමද කියලා හොයලා බලමු. මෙයා තරුණ කාලේ ඔහොම වත්කමක් තිබුණේ නෑ.
අපේ සොච්චම් පඩියට ටැක්ස් ගැහුවට ඒවා ගැන හොයලා නෑ වගේ...
ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයෙක් ඇල්ලුවොත් නිකන්ම ගොඩයන්න පුළුවන් වෙයි...
දැන් ඕවා ගැන විමර්ශන ඇරඹුවේ සරාගෙන් අනුමැතියක් අරන්ද?
ඕනෑවට වඩා රඟපෑමෙන් තමයි කෙලවා ගත්තේ...
වත්කම් ඔය ලොකුවට තියෙන්නේ මහන්සියෙන් හම්බ කරලානේ...
මෙයාට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඕක ඔහොම මාස කීපයක් ඇදිලා යයි. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියයි නඩුව පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නැහැ කියලා. කෙලින්ම නිදොස් කොට නිදහස්...!
දැන් කාලේ ගොඩක් සල්ලි තියෙන අය කරන ජොබ් එක අල්ලපු ගෙදර එකාවත් දන්නේ නැහැ. බිස්නස් කරන අය සහ ඉගෙන ගත් මිනිස්සු වගේ සාධාරන සල්ලි නෙමෙයි ඕවා...
ඩේසි ආච්චිගෙ ලෝයර් අල්ලන්න.
මෙයා රඟපාපු කිසිම නිර්මාණයක් මම දැකලා නෑ. නිරූපිකාවක්ලු. මෙයා ඉන්දියාවේ ඉහළටම ගිය නිරූපිකාවක් වුණා නම් මේ සල්ලි ලීගල්. ඒත් මිලියන 22.5ක ජනගහනයක් ඉන්නා රටක නිරූපනයෙන් කොහොමද මෙහෙම හම්බ කරන්නේ? රූපලාවන්‍ය නිශ්පාදන බෙදාහැරීමේ බිස්නස් එකක් කලා කියමු. කී දෙනෙක් ඒවා කරනවද මේ රටේ? ඒවාට ඇති වෙළෙඳපල ප්‍රමාණයෙන් පොඩියි. මේ නිසාම මෙයාගෙ සල්ලි ක්වෙස්චනබල්...
මටත් ගොඩක් වටිනා දේවල් තියෙනවා. නමුත් ගැනුම් කරුවන් නැහැ.
හරියටම පරීක්ෂා කරනවා නම් මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න වෙනවා. කොහොමද පාවිච්චිය කියලා...?
ඩේසි ආච්චිගෙ ලෝයර් අල්ලන්න. නිදොස් කොට නිදහස්...
ප්‍රධාන ආගමික ස්ථානවල ඉහල පූජ්‍ය / පූජක අයගේ වත්කම් ගැන හොයන්න.. මෙයාට වඩා සල්ලි තියෙන අය හම්බ වේවි.
එතකොට කෝටි ගණන් වත්කම් විදේශවල තියන දේශපාලකයන්ගේ වත්කම් හොයන්නේ නැතෙයි. මේ මුදල් එයාගේ නොවේ. ශ්‍රී ලන්කන් විධායකයේ ගිණුම්වලට සල්ලිත් එයාගේ නොවන බව කියවුණා රාලහාමිලා එතකොට ගොඩක් හොඳයි.
තවත් එක් මාධ්‍ය සංදර්ශනයක්...
ජීවිතේට රස්සාවක් නොකර රොකට් යවපු අයත් මේ රටේ හිටියා නේද?
නාඩගම් නටන්න එපා බන්.. මම දන්න ඇති හංසමාලියෙක් නම් නැහැ. ඒත් කෙනෙක්ගේ වත්කම් ගැන හොයන්න ඕනේ, ඒ මනුස්සයා වියදම් කරන්න පටන් ගන්න කොටමයි. නිකන් ඡන්ද ගුණ්ඩු දෙන්නේ නැතිව යන්න.
පියුමි වැඩකරන්නේ ලොකු බිස්නස් කාරයින් එක්ක...
හිතා ගන්න පුළුවන්නේ සරත් වීරසේකර ලවා ඇඳුම් ගෙන්න ගන්න පුළුවන් තරමට මෙයාගේ හැකියාව මොකක්ද කියලා.
ඔය මොනදේ හෙව්වත් අවසානයේ මොකුත්ම වරදක් හොයා ගන්න බැරිවෙනවා. නඩු දැම්මත් අවසානයේ වෙන්නේ නිදොස්කොට නිදහස්වීමයි.
කවුරුන් හෝ අයථා ලෙස වත්කම් උපයා ඇත්නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. නමුත් හංසමාලි කියන්නේ එලෙස උපයා ඇති එකම කෙනාවත් විශාලම දේපල හිමි කෙනාවත් නොවෙයි. ආසියානු කලාපයේම ඉහළ වත්කම් ඇති ඒවා උපයාගත් ආකාරය අභිරහසක්ව ඇති සමහර දේශපාලකයින් සිටින රටේ හංසමාලිගේ වත්කම් සෙවීම පළමු කාරිය විය යුතුද?
ඔය අක්කලා කාගෙ කාගේත් සල්ලි හෝදනවා ඇති...
ඇයි මෙි කලාකාරයන්ගේ විතරක් සෝදිසි කරන්නේ මේ වගේ දේශපාලුුවන්ගේ සෝදිසි කරන්න බැරි