
(යොහාන් භාසුර)
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (23) පැවසීය.
එම ව්‍යාපෘතියේ විදුලි මිලදීගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර ගිවිසුමේ මූලික තොරතුරු දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්න ද එම තොරතුරු නොලැබුණු බවත් එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යනය කළ නොහැකි බවත් එම නිලධාරියා කීය.
එම තොරතුරු නොමැති විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලිබල පනත යටතේ මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාරවලට අනුමැතිය දිය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ මුදල් හුවමාරුවක්... නැත්නම් නිලධාරීන් ගෙදර යාමක්... වැඩ එහෙමයි...
මොන මගඩියක්ද දන්නෙ නෑ කවුරු නමුත් හොඳින් හොයා බලන එක හොඳයි
ගිවිසුම එළි කළොත් කලිසම ගැලවෙන නිසා හංඟනවා වගේ
ඔය ඔක්කොම අත්හිටුවන කොමිසම රටට ඕනද? ලංවිම අනාගත සැලසුම් නතරකිරුම කියන්නේ විදුලි සැපයුම සීමාවීම.
කොමිසමේ කට් එක තාම එකවුන්ට් එකට ඇවිත් නෑ. ඒකයි මේ...!
පිනා මැදිහත් වෙලා ඕක නිදහස් කරලා දෙයි , මොකද එයා ඉන්දියවේ ආර්ථිකය ගොඩ දාන්න නේ ඇප කැප වෙලා ඉන්නේ