
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා මෙම තහනම නිකුත් කළේය .
තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වන අතර මෙම නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයේ කටයුතු කිරීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ජයසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවලින්, දැන් ලේකම්ලාම දුසිම් බාගයක් විතර පත්කරලා නේද?
ලොකුම ප්‍රශ්නයක් විසඳුවට උසාවියට පින්
මේ පක්ෂයට දැන් "ලේකම්ලා දුසිම් බාගයයි, සභාපතිලා දුසිම් බාගයයි, ඡන්ද දායකයින් දුසිමයි
නිදහස් පක්ෂයේ ඊලඟ සභාපති මම වෙන්වත් බැරි නෑ
දැන් එතනත් ආයෙ රිලා නැටුම් වල සිරි බැලියහැකි. ඒකත් හොඳා
SLFP එක ඉවරයි .දැන් නමට විතරයි