
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට හිටපු මන්ත්‍රීවරිය වරදකරු කරමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු 2015 වසරේ දෙසැම්බර් 21 වැනි දා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කළේය.
මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරීය අභියාචනයක් ඉදිරිපත් කරන බව හිරුණිකාගේ නීතිඥයෝ ප්‍රකාශ කලහ.
දඬුවම් නියම වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවෙයි.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි... මේ වගේ වැරදි කරන හැමකෙනාටම එකම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොදයි
අපෝ කක්කුස්සි කටක් නේ වෙච්ච දෙයක්
අනේ සාදු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමටත් හිමිකම් නැතිවෙයි
සජිත් අනුර බලකාය විසින් දැන් ඉතින් මේක "දේශපාලන පලි ගැනීමක්" විදිහට හංවඩු ගහයි. එහෙම නැත්තන් මැය "දේශපාලන සිරකාරියකි. එම නිසා හිර ගෙදර දී විශේෂ වරප්‍රසාද ලබා දිය යුතුයි" වගේ සටන් පාඨයකට යොදා ගනියි. කාන්තා විමුක්තිය තම ව්‍යාපාරය කර ගත් අයත් තමන්ගේ බිස්නස් එක දියුණු කර ගන්න මේ සිද්ධිය භාවිතා කරයි. සමාජ මාධ්‍ය වැලපෙන උදවිය "අනේ මැය දරුවන් කීප දෙනෙකුගේ මවක්. ඒ නිසා සානුකම්පිත වෙන්න" වගේ ලයින් එකක හෑලි ලියයි. වැරදිලා වත් මහින්ද මහත්තය බලයේ ඉන්න වෙලාවක මේ අධිකරණ තීන්දුව ආව නම් කවුරුත් එයාගේ පිටින් වැඩේ යවනවා සිකුරුයි.
ෂා... ජම්පරේට හැඩට හිටියි නෙහ්?
පුදුම අමාරුවක් තිබුණානේ මේ වැඩේ කරගන්න
පමණට වඩා ඉදිමෙන්න යන අයට ඔහොම වෙනවා. දියවන්නාවේ තව ඉන්නව ඔය වගෙ සෙට් එකක් . බලාපොරොත්තු වන්න .
කිසිවෙකුත් සිර ගත වීම කිසිවෙකුටත් සතුට දනවන කාරණයක් නොවන අතර මේ වැනි මෙලෝ රහක් නැති , දුරාචාරයන් පමණක් හුරු කාන්තාවන් මෙයින් හෝ පාඩමක් ඉගෙන ගනීවි යැයි සිතමි. මොවුන් ඇපෑල් උසාවියට ගොස් නිදොස්කොට නිදහස් වීමේ විජ්ජාවද භාවිතා කළ හැකිය
බොහොම හොඳයි හැබැයි තව අය ඉන්නවා හිරේ ඉන්න ඕනෑ
මෙයාට බලය ලැබුණේ නැහැ, එයා හිටියේ බලවතුන්ගේ තුරුල්ලේ, ඒ ආනිසංසයෙන් රටම එයා වටේ කැරකෙනවා කියලා හිතුව මෝඩ අම්මණ්ඩි. දැන් "රනිලෝ වරෙන් එළියට" නොවෙයි, "රනිල් සෑර් ගන්න මාව එළියට" කියලා වැද වැටෙන්න වෙයි.
කාන්තාවක් වගේම අම්ම කෙනෙක්.තමන්ගෙ පියා ඝාතනය වූ දුවෙක්.ඒ ගාතකයා රජයේ අනුහසින් හිරගෙදරත් AC කරගෙන සියලු සැප විදිනව.හිරුනිකා වැරැද්දක් කලා නම් එයට දඩුවම් දිය යුතුයි.ඒත් මීට වඩා වැරදි කල අය රජයේ පිහිටින්ම අද නිදැල්ලෙ.වසීම් තාජුදී මරපු අය අද නිදැල්ලෙ.පුරවැසිකම හන්ගල රටක් රවටපු ඩයනා ගමගේට නැති උනේ පාර්ලිමේන්තු ආසනය විතරයි .අදත් සියලු වරප්‍රසාද ලබමින් වීසා නැතිව රටේ ඉන්නව.රටේ ජාතික ධනය මංකොල්ල කාපු පල් හොරු අද නැවත බලය ගන්නත් සූදානම්.ඒත් කරපු හොරකම්වලට දඩුවම් නෑ.කාට කියන්නද මේව
ජේවීපී අපිට පුදුම සතුටක්, එදා මෙයා ගෝටගෙ ගේ ඉස්සරහටම ගිහින් මුලින්ම අරගලය ආරම්භ කලා. ගෝල්ෆේස් අරගලය යන අතර වාරෙ ජෙවිපි අපි එම අරගලයට සම්බන්ද නැහැ කියල කිව්වට පස්සෙ ගෝට පැනල ගිය දවසෙ අරගල කලේ අපි කියන්න විදිහක් තිබුනෙ නැහැ.
කාන්තාවො එක මිටට ගේන හරිනිලට හුරේ දාන මේ රටේ දැන් අපි ජේවීපී කියන කට්ටිය එදා හිරුනිකා තනියම ගෝටට රනිල්ට අභියෝග කරද්දී කාන්තාවො දුක් විදින එක ගැන කතා කලා කියලවත් කියන්න කැමති නැහැ. ගුනමකු කුහක පිරිසක්.
මෙතන අදහස් දාල තියෙන්නෙ ඉස්සර වියත් මගේ හිටපු අපි දැන් ජේවීපී කියන පිරිස. එයාලට ලොකුම අභියෝගයක් තමයි හිරුනිකා
දැන් ඉතින් රනිල් සරණ තමයි
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දී ඇත.
මේ රට විනාශ කරපු රාජපක්ෂලාට දුන්න දඬුවම මොකද්ද.වැරැද්දට දඬුවම් ලැබිය යුතුමයි .හිරුනිකාටත් එහෙමයි.ඒත් මේ මුළු රටම විනාශ කරපු උන් තාමත් නිදැල්ලේ
බොරුවට අනුන්ට අවලාද කියන ඔවුන්ට හොඳ පාඩම්.
හිරුණිකා අරගලයේ කොටසක් ගනියි කියල භය පක්ෂයක කට්ටිය හෝ ගාල සතුටු වෙනවා. හිරුණිකා ගෝඨාගේ ගාවට යද්දි ඔය ඩීල් කාරයො කිසි කෙනෙක් හිටියෙ නැහැ.
පියාගේ ඝාතකයින්ට එරෙහිව සටන්වැදි අභීත කාන්තාවක් ජයවේවා
අනික කවද්ද බං අපේ රටේ දේශපාලකයන් පූර්ණ හිර දඬුවම් වින්දේ...? ඔන්න බලපං ටික දවසකින් එළියේ නෙමෙයිද කියලා....අර මහ බැංකුව කඩපු එවුං ඔය යස අගේට එළියේ ඉන්නේ....
අර මැක්ස් කියන උන්නැහෙලා පවත්වාගෙන ආපු ක්‍රමයේ ප්‍රතිඵල තමයි මේ, එව හෙළිවෙනකොට ලැජ්ජයි, එතකොට හිත හදාගන්න අනුර පටලවනවා. අනුරට මොකක්ද තියෙන අමාරුව මේ ගලිකට වෙනුවෙන් කතා කරන්න. පිස්සු නැත්නම් ෂෝක් තමයි.
සජිත් වෙනුවෙන් පෙනී ඉන්න කාන්තා බල ඇනියේ ප්‍රධානියා තමයි මේ හිතනවද මෙයාල මේ ක්‍රමය අත්හරීවි කියල, ඒක නිසා මෙතන සජිත් කල්ලිය වෙනුවෙන් ඉන්න අයට කියන්නෙ අනේ ඔයාල පව්,
එන් පී පී එකේ හරිිනිට උපදෙස් දෙන්න කතාකරපු කාන්තා රත්නය. අද චැනල් එකට ජය මගුල්
නිදොස් කොට නිදහස් වෙන්නේ කවදද?
කොලොන්නාවේ අශුචි නෝනා, අවුරුදු 3 ක් ජම්පර් ගහගෙන කුඩුවේ නිකම් ඉන්න වෙන්නේ නැහැ ..
මට ඇඩෙන්න වගේ
අද ටීවී එකේ රැට මේ නිවුස් එක විතරයි එහෙනම්
එළකිරි! එළකිරි!!
ඇය එයට සුදුසු විය. ඒක අනිත් වැරදි කාරයන්ට හොඳ පාඩමක්.
එතකොට මචන් ලා අර මහබැංකු හොරා කාපු කට්ටිය
මීට වඩා මිනිමරපු, තක්කඩියෝ,මැරයෝ,නිදහසේ දියවන්නාවේ ඉන්නවා.සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු උනුත් ඉන්නේ.? හිරුණිකා ගෙන් පළිගන්ඩ බලාගෙන ඉන්න අයට නම් සුභ ආරංචියක් වේවී.
PGPThilak, එතකොට ඒ පියා කවුද...මුලු කොලොන්නාවටම කුඩු බෙදපු තරුණ ජීවිත විනාස කරපු එකෙක් නෙමෙයිද...? පොත්ත රතු චීත්තෙ පස්සේ යන්න එපා ඕයි....
කෙහෙළියව මතක් කලා කියන්න. ගොඩ දවසකින් දැක්කෙත් නෑ...
සුනිල් මිලානෝ හැම බම්බුවකටම ආගම පටලවා ගන්න එපා. නීතිවිරෝධී වැඩක් කළා සහ එයට දඬුවම් ලැබුණා. මෙය හොඳ ප්‍රවණතාවක්... මොකද, රට, ජාතිය සුද්ද කරපු මයිනෝ සහ කපුටෝ ලේසියෙන්ම ඇතුළට යවන්න පුළුවනි...
දැන් සැපද?
ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම පිළිබඳ අවබෝධයක් මේවා කියැවීමෙන් අපට ලබා ගත හැකිය..
අභියාචනා කරලා අද පාර්ලිමේන්තුවේ
මේ අම්මණ්ඩි විශාකාවේ .....වගේ හැසුරුනේ අඩියක් පළල කට වාචාල කමට ඇරගෙන . සිංහල බෞද්ධකම ගැවිලාවත් නැ
එතකොට මයිනාගේ බේබිලා කරපු අපරාධ ගෝඨාභය පැහැර ගත්තු අයට මොකද වුනේ? හරි හුරතල් නේද ඒ කට්ටිය... අනේ අපේ උසාවිය. ලැජ්ජයි...!
පව් අප්පා, පොඩි ළමයි ඉන්න අම්මා කෙනෙක්....
ගෝඨාභයට තිබිච්ච නඩු ටිකට මොකද වුණේ? නීතිය හැමෝටම පොදුවිය යුතුයි.
හිරුට රජ මගුල්...
හිරුණිකා එංගලන්තයෙන් නීතිය හදාරා සොලිසිටර් වරියක ලෙස සුදුසු කම් ලැබ ලංකාවට පැමිණීමෙන් පසු පියාගේ අඩිපාරේ යමින් එකී දේශපාලන උරුමයට අනුගත වූවාය. ඉතා උසස් අධ්‍යාපනික සුදුසුකම් ලැබූ ඇය විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට දක්ෂ වූවාය. ඒ අනුව ලංකා දේශපාලනයට ඇගේ ආගමනය සුබ ලකුණක් සේ බොහෝ දෙනෙකුට පසක් වූවාට සැක නැත.. නමුත් අවාසනාවක මහත, ඇයගේ එදිනෙදා භාවිතය ධනාත්මක සිතුවිලි වලට වඩා රිනාත්මක සිතුවිලි වලින් ( ඇයගේ දේශපාලන දර්ශනය අදාල නොවේ) අඳුරු වීම ඇගේ තාරුණ්‍ය නිසා වූවක් විය හැකිය. මේ තත්ත්වයෙන් ඇයව මුදා ගැනීමට ක්‍රියා නොකළ නිසා ඇයගෙන් වාසි ප්‍රයෝජන ගත් කසල - වසල - අකුසල කාලිකණ්ණි දේශපාලකයින්ගේ ගිණුමට 50% එහා ගිය ප්‍රතිශතයක් බැර කිරීම යුක්ති යුක්ත වේ. කණගාටුව ඇය දැන් අවු 03-04-05 වයසැති දරු ත්‍රිත්වයක් උරුම කරගත් මවක වීමයි.
ඕවා නාට්‍ය, දේශපාලන, මැතිවරන ගේම්. මිනිස්සු දැන් ඕවාට රැවටෙන්නේ නෑ...