(ගයාන් සූරියආරච්චි)
ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.
ධීවරයන් 6 දෙනකු රැගත් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාව තංගල්ල වරායෙන් ධීවර කටයුතු සදහා ඉකුත් 4 වැනිදා පිටත්ව තිබුණි.
ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් තංගල්ල වරායේ සිට කිලෝමීටර් 675 ක් පමණ වූ ජාත්‍යන්තර ගැඹුරු මුහුද ගමන් කර තිබූ අතර එහිදී මුහුදේ පාවී ආ මත්පැන්වලට සමාන බෝතලයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබුණි.
එහිදී බහුදින යාත්‍රාවේ යාත්‍රා පාලක එම දියර වර්ගය පානය කිරීමෙන් අනතුරුව සුළු මොහොතකින් මියගොස් තිබූ බව නාවික හමුදාව පවසයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් නාවික හමුදා මූලස්ථානයට පණිවුඩයක් ලබාදී තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව පෙරේදා (29) එම බහුදින යාත්‍රව තිබෙන මුහුදු ප්‍රදේශයට විජයබාහු නෞකාව පිටත්කර යවා ඇති බවත් ඊයේ (30) සවස වනවිට එම අසාධ්‍ය ධීවරයා විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
“ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයන් 5 දෙනාගේ මෘත දේහ ද විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවද කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබිච්ච කන්ටේනරයක් බිඳිලා මේ බෝතල් ආවාද දන්නේ නැහැ...!
දුප්පත් මිනිස්සු. ඒකට මෝඩකමත්, බඩජාරිකමත් එකතු වුණාම වෙන්න බැරි දෙයක් නෑ. අනික් මිනිස්සුත් මේකෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොඳයි. වෙන මොනවා කියන්නද? මියගිය අයගේ භව ගමන සුගතිගාමී වේවා...!
පියනන්ද මහත්මයෝ… අවුරුදු හැත්තෑවකට පාඩම් ඉගෙන ගත්තේ නැති ජාතියක් අපි... මේක ජාන වලින්ම එන දෙයක්. අවස්ථාවාදී බඩජාරීකම හැම සමාජ ස්ථරයකම තිබෙනවා...
අන්තිමට වැරැද්ද නාවික හමුදාවේ කියලා කියයිද දන්නේ නෑ...!
දුප්පත්කම සහ බේබදුකම එක් වෙලා මරණය ඇති කලා..
දුර දිග නොබලා කරන වැඩ වලින් දුක් විඳින්නෙ අහිංසක දරුවන් සහ බිරිඳ.
අර අලුතින් බාර් පර්මිට් දීලා තියෙන්නේ ජනතාවට හොඳට බීලා මැරෙන්ඩ තමයි කාටද ආඩම්බර
මේ පිටිගල මහත්තයො හැම බම්බුවටම දේශපාලනය ගාව ගන්න එපා