
(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි.
ජනාධිපතිවරණයක් මෙම මස නිවේදනය කිරීමට නියමිතව තිබියදී ඉන්ධන පිරවුම්හල් 100 ක් වැනි විශාල සංඛ්‍යාවකට අනුමැතිය දීම පිළිගත නොහැකි බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි විශාල ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවකට එකවර අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවත් වෘත්තිය සමිති සඳහන් කරයි.
ඉන්ධන පිරවුම්හල් හතරකට පහකට එකවර අනුමැතිය ලැබුණු අවස්ථාව තිබුණ ද මෙවැනි විශාල පිරවුම්හල් සංඛ්‍යාවක් එකවර ඉදිරිකිරීම සැක සහිත බව කියන වෘත්තිය සමිති මෙම පිරවුම්හල් පැවරීමේ ගණුදෙනු සැකසහිත මෙන්ම ඒවායෙන් වැඩි සංඛ්‍යාවක් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන්ට පවරා ඇති බව ද කීය.
ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමට පිළියමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව යටතේ තිබූ ඉහළතම අළෙවියක් තිබූ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පිරවුම්හල් 450 ක් විදේශ පෞද්ගලික සමාගම්වලට දී නව පිරවුම්හල් ඉදිකිරීම පිළිගත නොහැකි බවත් නව පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමට සංස්ථාව ඩොලර් වැයකර ඉන්ධන ආනයනය කළ යුතු බවත් වෘත්තිය සමිති කියයි. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු ආණ්ඩුව මෙයට පිළිතුරු සැපයිය යුතු බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ එම ඉන්ධන පිරවුම්හල් පැවරූ ආකාරය ජනතාවට හෙළි කළ යුතු බව ද සඳහන් කරති.
විදේශ පෞද්ගලික සමාගම් පිරවුම්හල් ඉදිකිරීමට කිසිඳු වියදමක් නොකර ඉන්ධන ආනයනය පමණක් කර ලාභ ලබමින් සිටින බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ නව පිරවුම්හල් ඉදිකරන්නේ නම් එම පිරවුම්හල් විදේශ සමාගම්වලට දීමේ අවස්ථාව තිබුණ බව ද කියති.
ලංකා කනජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් දර්ශන රත්නායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සිපෙට්කෝ සතුව තිබූ පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට පැවරීම නිසා නව ඉන්ධන පිරවුම්හල් 300 ඉදිරිකිරීමට බලශක්ති අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉන් පිරවුම්හල් 300 න් කොටසකට මෙසේ පසුගිය සතියේ අනුමැතිය දුන් බවත්ය.
එම ඉන්ධන පිරවුම්හල් පැවරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තේරීම් මණ්ඩලයක් හරහා පැවරුම්ලාභීන් තෝරාගත් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ අනුමැතිය ලැබුණු ලැයිස්තුව ද නැවත අනුමැතියක් සඳහා බලශක්ති අමාත්‍යංශයට යොමු කරන බවත් දර්ශන රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුර ම අලෙවිය තිබුණ ෂෙඩ් සේරම දීල දාල දැන් කැලවල් අස්සෙ පාලුවට ගියපු තැන් වල ෂෙඩ් දානව... නියමයි...
දැන් මාස ගානකට කලින් සයිනෝපෙක්, අයිඕසී, ෂෙල් සමාගම් වලට පිරවුම්හල් දෙද්දි තිබුනේ තැති සල්ලි දැන් කොහෙන්ද? ඡන්දේ කිට්ටු වෙද්දි බංකොලොත් වෙච්ච රට එකපාරටම සිංගප්පූරුවක් වුනේ කොහොමද? කාගේ සල්ලි ද?
ඔවුන් දේශීය සමාගම් බංකොලොත් කරනු ඇත. ඔවුන් පොහොසත් ජාත්‍යන්තර සමාගම් ඇති කරයි. මේවා ජාත්‍යන්තරයට දුන්නට පෙට්‍රල් මිල අඩු වෙන්නේ නැහැ
ආපහු මෙයාලාටම චන්දෙ දෙමු
ලංකාවේ බලශක්ති පිළිබඳව භාරව ඉන්නේ නම ගිය ඩීල් කාරයෙක්ගේ බූරු පුත්‍රයෙක්ටයි. ඌත් තාත්තා වගේ හතර වටේටම ඩීල් දාලා රට විනාශ කරනවා.
පිරවුම්හලකට බලපත්‍රයක් කියන්නේ බාර් පර්මිට් එකක් වගේම අල්ලසක්. ඒක ලබාගන්න කෙනා ඒ ලාබ දෙන ප්‍රෙද්ශයේ තම වියදමින් ශෙඩ් එක අරින්න ඕනේ.. තෙල් ලබාදෙන්නේ සිපෙට්කෝ එකෙන්.. ඒ කියන්නේ මේක ඡන්ද අල්ලසක්...
පළමුව අරක්කු දෙවනුව තෙල් , ලොක්කා කොහොමද සපොර්ට් ගන්න ලයිට් කනු වලට දෙන ආතල් .