
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙම වසර මුලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.
මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් මුදලක් උපයා ගැනීමට, සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට යමක් තිබිය යුතුය. අපිත් අවුරුදු ගාණක් උපයනවා ඒත් තාම වාහනයක් ගන්න බැරි වුණා
පියුමිගේ ඔක්කොම කුඩු සල්ලි තමයි
මුන් ඔක්කොම එකතු වෙලා රට කනව හොර හැත්ත
කුරා කූඹියෙකු හෝ අමාරුවේ වැටෙනවා දැක සතුටුවීමේ හදවතක් අප සතුව නැත. වැරැදි මාර්ග වලින් ආදායම් උපයා සැප, සතුට භුක්ති විඳිය හැක්කේ ඉතා කෙටි කාලයකි. සාධාරණව ජීවත් වෙමින් උපන් රටටත් සමාජයට හානියක් නොකර සිටී නම් සතුට හැමදා රැකේවි.
මේවාට රැවටෙන්න එපා. ආණ්ඩුව මේ කරන්නේ එයාලගේ මාධ්‍ය පාවිච්චි කරලා news මවන්න. රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න.
ව්‍යාපාරිකයාගේ නම හෙළි කරන්නේ නැද්ද?
පියුමිගේ මොනවා මොනවා හරි හොර ජාවාරම්, කලුසල්ලි ආදායම් මාර්ග තිබෙනවා.. නැතිනම් මේ විදිහට කෙටි කාලයක් තුළදී ලංකාවේ ක්‍රීම් වර්ග සහ රූපලාවණ්‍ය දේවල් විකුණලා ප්‍රකෝටි ගණන් හොයන්න බැහැ. මේවා සත්‍යනම් දිගුකලක් (උදාහරණ ජනෙට් වසර 30-40) මෙවැනි රූපලාවන්‍ය ව්‍යාපාර කරන පුද්ගලයින්ට සහ ක්‍රීම් වර්ග තොග වශයෙන් ලංකාවට ගෙන්වන පිටකොටුවේ මුදලාලිලාට අර ඩඩ්ලි සිරිසේනලාට, ධම්මික පෙරේරාට වගේ සල්ලි තිබෙන්න ඕනේ.. මේ වාහන දෙකේ වටිනාකම පමණක් රුපියල් කොටි 10-14 අතර වෙනවා .. සමාජයේ ඉහලින් වැජඹෙන රෙන්ජ්රෝවර් වලින් යන එන නළු නිලියෝ , ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දේපළ ගැනත් සොයලා බලන්න ඕනේ... මේ ගොල්ලන් මේවා මිලදී ගෙන තිබෙන්නේ නීත්‍යානුකූලවද, එහෙම නැතිනම් අල්ලස් අරන්ද, මේ ගොල්ලන් නිසි ලෙස ආදායම් බදු ගෙවනවාද කියලා..!
එලිවන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවනි..
වෙන රටවල් වල හැම ආදායම් විස්තරයක්ම අඩු ගානේ මාසයකට වතාවක්වත් රජයට යනවා. ඊට අමතරව ගිණුම් වල ශේෂය අසාමන්‍ය ලෙස ඉහළ ගියහොත් රජය ඒ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරනවා. ලංකාවේ කව්රු හරි පැමිණිලි කරනකන් රජයවත්, අරක්ෂක අංශවත් දන්නේ නෑ. හරි ක්‍රම වේදයක් තියනවා නම් අයුතු ක්‍රියාකාරකම් කල්තියා දැනගන්න පුළුවන්...
ලංකාවේ මුලින්ම කරන්නේ හොරකම් ගැන පැමිණිලි කරන සංජය මහවත්ත වැනි මිනිස්සු රිමාන්ඩ් කරන එක...
දැන් හරි හරියට පියුමි හංසමාලි එක්ක හිටපු අය, මේක බොරුවක්, දේශපාලන පලිගැනීමක්, ඉරිසියාවට කරන දෙයක් කියන්නකෝ.. !
බලන ශෝ එකක් දැන්ම බලාගනිල්ලා! චන්දෙ ඉවරඋනු ගමන් ශෝ එක ඉවරයි !!!!!!
පියුමි ගොඩක් දේවල් වලට පැටලිලා වගේ, මොනවා වුණත් තව මාස දෙක තුනයි තියෙන්නේ, ඊට පස්සේ ඇත්ත කතන්දරේ එළියට එයි.
ලංකාවේ අපි දන්නවා ඉන්දීයාවේ ශාරුක් ඛාන්ගේ වත්කම්, ඇමරිකාවේ එලොන් මස්ගේ වත්කම් හැබැයි අපි දන්නේ නෑ ලංකාවේ ව්‍යාපාරිකයව්ගේ, නළු නිළියෝන්ගේ වත්කම්