
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) පැවසීය.
රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බව ජනාධිපතිවරයා කීය. ඔවුන් තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවද්දී තමන් රටේ දියුණුව ගැන සිහින මවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, හුණුවටයේ කතාවේ මෙන්ම අසීරු අවස්ථාවේ දරුවා රැක ගැනීමට බිය වූ සහ ඊට කිසිඳු සහායක් ලබා නොදුන් පිරිස් දරුවා වැල් පාලමෙන් එගොඩ වන්නත් පෙර දරුවාගේ අයිතිය ඉල්ලීමට සටන් කරන බවද කියා සිටියේය.
ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ ආර්ථික ආගාධයට වැටී තිබූ ලොව කිසිඳු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ එම තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දුන්නේය.
වැරදි පාරකට හැරුණොත්, නැත්නම් පාර වරද්දා ගත්තොත් ඇතිවන භයානකකම පිළිබඳ සියලුදෙනාට අවබෝධයක් ඇති බැවින් එම තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ජනතාවට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගන්නා තීන්දුවෙන් තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නොව රටේ සහ දරු පරපුරේ අනාගතය බව ද අවධාරණය කළේය.
බංකොලොත්ව, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණු රට තමා ගොඩ ගත්තේ තම පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක්, තමා පත් කළ රාජ්‍ය නිලධාරීන් හෝ තමා පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නොවන බවද පැවසූ ජනාධිපතිවරයා එම කිසිවක් නොමැතිව වසර දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩනැගීමට තමාට හැකිවූ බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් බලයේ ඉන්න යටි හිතේ තියෙන ආසාව? දේශපාලුවෝ කොහොමටත් ජනතාව අන්දවන්න දස්සයි...
ඔබව තව අවුරුදු 5කට නැවත පත්කර ගත යුතුයි. ආපහු පෝලිමේ ලැගින්න නම් බෑ.. 69 ලක්ෂයක් රට බේරාගත්තා වගේ...
රටේ අනාගතය IMF වැඩසටහන සාර්ථක කරගැනීම මත රඳා පවතින බව ඉතා පැහැදිලියි. තවදුරටත් ඔළුගෙඩි මාරුකරමින් රටේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයට පත්කිරීමෙන් යළි ගොඩගත නොහැකි ආර්ථික අගාධයකට අප වැටෙනු ඇත. එබැවින් මෙම වැඩපිළිවෙළට සහාය දැක්වීම රටට ආදරය කරන,තමන්ට හා තම අනාගත පරපුරට ආදරය කරන සියල්ලන්ගේ පරම යුතුකමයි.
ද්විපාර්ශ්වික ණය හිමියන් සමග පැමිණී අවසන් එකගතාවය කුමක්ද කියා රටට නොකියා වෙන බයිලා කියලා වැඩක් නැහැ. අනික රට බංකොලොත් කෙරුවේ අපි නොවෙයි, රට බංකොලොත් කියලා ප්‍රකාශ කෙරුවෙත් අපෙන් අහලා නොවෙයි. රට ගොඩ දාන්න ඔහේ වෙහෙස උනේ නැහැ හලෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන පදයට නටමින් ජනතාව පිට බදු පිට බදු පටවමින් ඒ සල්ලී වලින් ලෝකය වටේ රවුම් ගහලා ආතල් ගත්ත අපතයෙක් විතරයි තමුන්. ඊළග ජනාධිපතිවරණයේදී අපි බලාගෙන ඉන්නවා තමුන්ට කළගුණ සලකන්න.
පව් අනේ බලාගෙන ගියාම මේ සේරම මෙයා තනියමනේ කරලා තියෙන්නේ
කවුරු හරි රනිල් හොඳයි, රට ගොඩ දැම්මා කියනවා නම් උන් ඔක්කොම සල්ලි වලට කඩේ යන උන්. උන් හිතන විදිහ වැරදි! ඇතත උනත් බොරු උනත් අපි හිතන විදිහ ව්තරයි හරි. කුහකයො කියන්නේ මෙන්න මුන්ට. මම නම් එකෙක් ගෙන් වත් තඹ සතයක් ඇරගෙනත් නෑ, අබමල් රේණුවක් වත් උදව්වක් ඉල්ලලත් නෑ, ඇරගෙනත් නෑ. ඒත් රනිල් ඔය ටීම් එක එක්ක රට ගොඩ දැම්මා කියන දේ නොපැකිලව පිලි ගන්නවා. ඒක තමයි ඇත්ත. මම දන්න දේශපාලනය අනුව නම්, පූර්ණ අත් දැකීම් සහ ප්‍රවීන දේශපාලඥයින් සමග වැඩකල් අත් දැකීම් සමග කියන්නේ, රනිල් හැර පවත්නා තත්වයෙන් රට ගොඩ ගත හැකි වෙන කිසිවෙක් අද දේශපාලනයේ නැත. සිටියත් අත් දැකීම් නැත. සම් බන්ධතාද නැත. එබැවින් කල හැකි දෙයක්ද නැත.
ඉන්දියාවෙන් අත මාරුවට ගත්ත ඩොලර් බිලියන 3 හදිසියේ ආපහු ඉල්ලුවොත් එහෙම මොකද කරන්නේ කියලා කියන්නකෝ මුත්තේ.
සංචාරකයෝ කැමැත්තෙන් ආවේ නැතිනම් විදේශ ශ්‍රමිකයෝ කැමැත්තෙන් සල්ලි එව්වේ නැත්නම් ජනතාව මත බර පැටෙව්වේ නැතිනම් මොකද වෙන්නේ? මේ තුනට අමතරව ආර්ථිකය ගොඩ දාන්න කළ එක දෙයක් කියන්න...
ගත් ණය ගෙවමින්, තව තවත් ණය නොවෙමින්, අපනයන වැඩි කරමින්, දේශීය නිෂ්පාදනවලට තැන දෙමින් සීරුවෙන් රට ගොඩ නැගීමට අවංකවම වැඩ කළ නායකයා අරගල කරමින් එළවා දැමීමට අපි කටයුතු කෙරුවෙමු. එසේ කරමින් අප, අපගේ ඇඳුම් පවා ගලවා ප්‍රදර්ශනය කරමින් ඉල්ලා සිටියේ අයි එම් එෆ් පලයව් කියායි... දැන් එම අයි.එම්.එෆ් අපගේ ගැලවුම්කාරයා වී තිබේ. ඔවුන් සමග ගනුදෙනුවට නම් ගැලපෙන්නේ රනිල් මිස සජිත් හෝ අකුදී නොවේ. එසේම, වගකීම් බාර දුන් වෙලේ ඔවුන් දෙදෙනාම පැන දිවූ ආකාරය ජනතාව ලෙස අපට මතක තිබේ.
2022 දී රට බංකොලොත් කලේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවයි. රනිල් ජනාධිපති වී නියෝජනය කරක්නෙත් පොදුජන පෙරමුණේ ආණ්ඩුවයි. නමුත් රනිල් දැන් කියන්නේ බංකොලොත් බවින් මුදවා ගත්තා කියලයි. ඒක තමන්ගේවරදින් රට බංකොලොත් කරගෙන එම ආණ්ඩුවම කියනවා බංකොලොත් බවෙන් මුදවාගත්තා කියලා. ඒක සත්‍යයක් නම් එය තමන්ම කරපු වරදක් තමන්ම නිවැරදි කරගෙන තිබීම ජයග්‍රහනයක් වෙන්නේ නැත.
අනේ පවු, යමක් අත්හරිනවා කියන එකත් මේ තරම් අපහසු වැඩක්ද?
අපි නම් බලාපොරොත්තු වුනේ " දේශපාලනයෙන් සදහටම ඉවත්වෙලා ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන් මගේ පාඩුවේ ඉන්නවා" වගේ ප්‍රකාශයක් කරයි කියලයි. ඒවානේ සුභ ආරංචි කියන්නේ...
පිට රටට අතපාන එක වෙනුවට සෑම ගමක් පාසාම කර්මාන්ත ආරම්භ කරලා ප්‍රෙද්ශය හඳුනාගත් අමුද්‍රව්‍ය වලින් පිටරට යවන්න පුළුවන් දේවල් නිපදවන්න පටන් ගන්නේ නැත්තේ මොකද? මිනිස්සුන්ගේ බදුමුදල් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින්ට බෙදලා රටක් ගොඩගන්න පුළුවන්ද?
මොකක්ද මෙයා කරලා තියෙන වික්‍රමය? ණය කන්දරාවට තවත් ණයක් එකතුකරගෙන. (ඩොලර් බිලියන 5.2 ක් හෙවත් ආසන්න වශයෙන් රුපියක් මිලියන 1530000 පමණ) රට වටේ පෝස්ටර් ගැහැව්වේ ඕක කියන්නද? සමහර.. ඉස්කෝලේ ගිහින් නැති මෝඩ බයියන් රතිඥ්ඥා පත්තු කරා... කොන්ඩේ බැඳපු ලේකම් ලියපු කතාවක් තමයි ජාතිය අමතමින් කියැව්වේ. රනිල් වික්‍රමසිංහ, ඔබගේ ලුණු ඇඹුල් කොහෙත්ම මදි මේ රටේ ජනතාව අන්දන්න. ජනාධිපතිවරණයේදී මේ ඔක්කෝටම රටේ ජනතාව ඔබට පිළිතුරු ලබාදේවි...
කවුරු කෙසේ කීවත් මෙවර ජනාධිපතිවරණයෙන් අනතුරුව රට අන්ත අසරණ දුගී දුප්පත් අවනීතිය රජ කරන ඉතා උග්‍ර අගාධයකට ඇද වැටීම වැළැක්විය නොහැකි බව ඉතා පැහැදිලියි. එකම පිළියම පක්ෂ පාට නොබලා සියල්ලෝම එක්වී නිශ්චිත කාලයක් සඳහා ජාතික රජයක් පිහිටුවා ගැනීමයි. රට ගොඩනඟාගත් පසු බඩගෝස්තරවාදී දේශපාලුවන්ට තමතමන්ගේ කාලකණ්නි අරමුණු කරා යාහැක. එදාට ජනතාවගෙන් නිසි ප්‍රතිචාර ලැබෙනු ඇත.
ඔය කතා හොඳයි රටේ වැඩිපුර ගොන්නු හිටියත්...
රට බංකොලොත් කලේ කවුරුන්ද යන්න සොයා බලා උන්ට දඩුවම් කිරිම ගැන හාන් කවිසියක් නැතිව තව තවත් හොරා කන්ඩ උදව් කරමින් උන්ගෙන් ම යැපෙමින් මහජනයා රවට්ටන නිර්ලජ්ජිත කපටියාට නොරැවටී අදූෂිත නායකත්වයකට රට බාර දෙමු!!!
මිත්‍රවරුණි, ලංකාවට නිදහස් අධ්‍යාපනය හිමිකර දුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා ඊළඟ ඡන්දයෙන් පරාද විය. විදේශීය අයිතිය සහ යටත් විජිත රාජ්‍යය අයිතිය යටතේ තිබූ වරාය, ලංගම වැනි ආයතන ජනසතු කල බණ්ඩාරනායක මහතාට වෙඩි තබා මරා දැමීය. මහත්මා දේශපාලනයේ යෙදුනු බත් දුන් පියා, ඩඩ්ලි සේනානායක පරාජයවී යන විට හූ කියා එලවීය. සරසවි සිසුන්ට මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය ඇතුළු බොහෝ සේවා සිදු කල ලලිත් ඇතුලත් මුදලි ඝාතනය විය. තිස් වසරක යුද්ධය අවසන් කල මහින්ද මහින්ද රාජපක්ෂට හොරා යැයි හංවඩු ගැසීය. (අද වන තුරු එම හොරකම් උසාවියේ ඔප්පු වී නැත.) මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජය ගතහොත් ඒ ලංකාවේ නම් විය නොහැක්කේමය.
දැන් බලාගෙන ගියාම පිනට ජනාධිපති වෙලා විතරක් නෙමෙයි පිනට දෙවියන්ගේ පණිවුඩකරුත් වෙලා සුබාරංචිය ගෙනල්ලා
අබුද්දස්ස කාලේ ,අබුද්දස්ස කාලේ , දැන් පිංගුත්තර ජාතකයටත් සුභ ආරංචියක් කියනවා
නයට අරගෙන කාලා සහ හොරා කාලා මොන සුභ ආරංචියක්ද.ඉදිරියේදී ජනතාවට අසුභ ආරංචියක් ලෙස නොයෙකුත් බදු වර්ග හඳුන්වා දෙයි
මේක හරියට තමන්ගේ උත්තර පත්තරේ තමන්ම ලකුණු කරලා තමන්ම පාස් කියනවා වගේනේ !!!!!
මෙන්න රනිල් ලොක්කා බලයේ ඉන්න රටේ මෝඩ මිනිසුන් ගොනාට අන්දවනවා .ලොක්කා ලෝක බැංකුවෙන් කෝටී ගණන් සල්ලි ණයට අරගෙන රටේ ණය බර දුප්පත් මිනිසුන් ගේ කර පිට දාලා, ඉවසා ගන්න බැරි විදියට බදු ගහලා, මිනිසුන් ඉන්නේ හරි අමාරුවෙන් .ගත්ත ණය වලින් දැන් , මන්ත්‍රීවරු බිලි බාගන්න කෝටි ගණන් දෙනවා .ජනතාව ඕවට රැවටෙන්නේ නෑ .
මෙන්න රනිල් ලොක්කා බලයේ ඉන්න රටේ මෝඩ මිනිසුන් ගොනාට අන්දවනවා .ලොක්කා ලෝක බැංකුවෙන් කෝටී ගණන් සල්ලි නයට අරගෙන රටේ නය බර දුප්පත් මිනිසුන් ගේ කර පිට දාලා .ඉවසා ගන්න බැරි විදියට බදු ගහල මිනිසුන් ඉන්නේ හරි අමාරුවෙන් .ගත්ත නය වලින් දැන් මන්ත්‍රී වරු බිලි බාගන්න කොටි ගණන් දෙනවා .ජනතාව ඕවට රැවටෙන්නේ නෑ .
අවංකවම කියන්න ආරංචිය සුභද කියලා.
මුඩුමයා .ගෙදර යන්න
සුභ ආරංචියක් කිව්වම මම හිතුවේ රට බංකොලොත් කරන්න දායක වුනු මහබැංකු හොරු අල්ලලා කියලා.
රවී සමඟ ඉදිරියට යන්න ද කියන්නේ .ශ්‍රීලන්කන් ගුවන් යාන 6 අවලංගු කර එම වන්දි මුදල් වලින් ,මහා බැංකු වංචාව ?හොරා කාපු සල්ලි දියව් මුලින්ම
මෙයාගේ හිතේ මෙයා තමා වැඩකරු කියලා. හරියට අර පැනලා ගිය ගෝටාභය වගේ.
ඩොලර් බිලියන සියයක විතර ණය වෙලා තවත් ණයෙන් සත් පහක් නොගෙවා රට බංකොලොත්භාවයෙන් මිදූනලු! අනේ අපොයි! මෙන්න කනෝ පිනුම්!!!
රනිල් ට තමුන්ව market කරන්ඩ කොහොමත් බැහැ, මේ මනුස්සය ඉන්නේ හොරු රැලකගේ අත්අඩංගුවේ .ඒක තමයි ඇත්තම තත්වය . හැබැයි ගොඩක් මිනිස්සු පැනල දුවද්දී මේ මනුස්සය කුණු බැනුම් අහගෙන හරි තීරණ ( ජනප්‍රිය නොවන ) ගත්තා . ජාත්‍යන්තරය කිව්වේ අපි ඉවරයි කියලා , මම හිටියේ ලංකාවෙන් පිට , හැබැයි කිව්වෙම කෑම stock කරගන්ඩ කියලා . මිනිස්සු නිවාඩුවට ලංකාවට එද්දී , කෑම ගේනවා ( කිරි පිටි ) කොළඹ මිනිස්සු වී ස්ටොක් කළා , සාගතයක් එයි කියල . මැටි රොටි ගැන කතා කලා. RW මේ තත්වයට රට lead කලා . දැන් JVP ගොඩක් දේවල් කියනවා නමුත් ඔය කට්ටිය බලන් හිටියේ පාලිමන්ට් එකත් විනාශ කරලා බලය ගන්ඩ. ඔවුන් ඒකට මිනිස්සුන්ව කැදෙව්වා . හැබැයි RW ඕඩර් කලා military එකට . පාලිමන්ට් එක බේරගත්ත . මිනිස්සුන්ට ලොකු talk දෙන්ඩ පුළුවන් නමුත් වගකීම් ගන්ඩ පුලුවන්ද. RW දෙයක් කරලා පෙන්නුවා .
වැඩ බැරි ටර්සන් ලයි හොරුයි හිතු හිතු හැටියට ණය අරගෙන අන්තිමට ඒවායේ පොලියවත් ගෙවන්නැ බරිව , අමරුවෙන් නය හිමියන් සමග හොර ඩිල් ගහල එක ගෙවන්න තව කාලයක් ඉල්ලගත්ත කියල හරිම උත්සවාකාරයෙන් ජාතිය අමතල කියන්න තරම් මේ රට අද විහිලු පුරයක් වෙලා
ණය ගන්නේ කවුද, කුමක් සඳහාද? මේ දේශපාලකයෝ කිසිම සැලසුමක් නැතිව ණය අරගෙන සල්ලි නාස්ති කරලා හොරකම් කරලා, දැන් කියනවා රට බේරගත්තා කියලා, ඉතා හොඳ විහිළු. ජාතියක් විදියට අපි මේවා අහගෙන මේ මිනිස්සුන්ව විශ්වාස කරන්න මෝඩද? අදටත් රටේ පොදු නීතියක් නැහැ, රාජ්‍ය දේපොළ උපරිමයෙන් හොරකනවා, සැම රජයේ දෙපාර්තමේන්තුවකම උපරිමයට හොරකම. මේක දිනුමක් නොව, අන්ත පරාජයක්, අපි නය අරගත්තානම් ඒවා ගෙවන්න ඕනේ, ගෙවල ඉවරකරලා නිදහස්වෙන්න ඕනේ, රටක් හැටියට අපි නය නැති ජාතියක් වෙන්න ඕනේ. කල් නොදී සියලුම ණය ගෙවීමට ස්ථිර සැලැස්මක් අපට තිබිය යුතුය, එවැනි සැලැස්මක් ඉදිරිපත් කලානම් එක ජයග්‍රහණයක්. රටම අඳුරට ඇදල දාපු මේ සියලු පාලකයෝ, රාජ්‍ය ධනය හොරකන රාජ්‍ය සේවකයෝ, මේ සෙල්ලම තවමත් නවත්තල නැහැ, කලින්ටත් වැඩිය හොඳින් කරගෙනයනවා. අඩුමගානේ ඔබගේ ඡන්දය සොරකමෙන් තොර සුදුසු අයට දෙන්න, මේවගේ විහිළු වලට අහුවෙන්න එපා. අපිට අපේ රට නගහිටුවන්න පුළුවන්, අපි අපේ චන්දය හරියට පාවිච්චි කලොත් පමණයි.
රනිල් ! පුළුවන්නන් , කොන්දක් තියනවානන්, මහා බැංකුකොල්ල කාපු උන්වයි , පැන්ඩෝරා පේපර්ස් වල පැහැදිලිව ආපු නිරුපම රාජපක්ෂ, තීරු නඩේසන් ගාව තියන ඩොලර් මිලියන 4000 වන රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි රාජසන්තක කරලා, එක්ප්‍රස් පර්ල් නැව්කාවේ මිලියන ගානක වන්දි මුදලට මොනවද වුනේ , කවුද ගත්තේ කියලා රටට හෙළි කරලා , සුනාමි වංචාවත් හෙළි කෙරුවොත්.. මාගේ ජන්දයත් ඔබට දෙන්න කැමති...
ඡන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් අයිඑම්එෆ් ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
මොහු කියන දෙය එලෙසින් උනා නම් ඒක රටට හොද දෙයක්.ඒත් ප්‍රස්නෙ එය එසේ නොවීමයි.කිසිම ජාත්‍යන්තර රේටින්ග් කොම්පැනි එකක මෙවැන්නක් සඳහන්ව නෑ.ෆිච් රේටින්ස්,මූඩි එකකවත් එවැන්නක් නෑ.රටක නායකත්වයක් හෝ ඇමතිවරු මාධ්‍ය ඉස්සරහට ඇවිත් අපි බන්කලොත් බවින් මිදුනා කිව්වට ඒක වෙන්නෙ නෑ.එහෙම උනා නම් රේටින්ස් කොම්පැනිවලින් එය නිල වශයෙන් කියන්න ඕනි.අනික රටේ විදේස සන්චිත ප්‍රමාණය වැඩිවෙලා ණය බර අඩු වෙන්නත් ඕනි.ඒ කිසිවක් නොවී කොහොමද දැන් අපි බන්කලොත් නෑ කියන්නෙ? එහෙම උනා නම් මිනිස්සුන්ගෙ බඩට,පර්ස් එකට සාක්කුවට දැනෙන්න ඕනි.ජීවත්විම පහසු වෙන්න ඕනි.කෝ ඒ එකක්වත් වෙලා තියද? නෑ.චන්දෙ කිට්ටු වෙද්දි මිනිස්සු අන්දවන්න ස්ටාට් කරල.ඒක කියන්නම රට පුරා පෝස්ටර් ගහල.ඒ වියදමින් අසරන පවුල් ටිකකට උදව් කලා නම් කෙතරම් වටිනවද?
රට භාරගන්න මනුස්සයෙක් නැති වෙලාවේ පැරදිච්ච රනිල් ඇවිල්ලා නොබියව බේරාගත්තා .එච්චරයි .අනික් දේවල් කතා කරලා වැඩක් නැහැ
සුබ ආරංචිය කිව්වහම මං හිතුවේ රනිල් සාගලව කසාද බැඳගෙන කියලා!
මොන විකාරයක්ද ණය ගෙවන්න චුට්ටක් පරක්කු කරගෙන මෙතන ඇවිත් තමන්ගේ පූච්චානං කියවනවා - මල විකාරයක්.
සීයා ආයෙත් කතන්දරයක් කියලා වගේ.මම නම් හිතුවේ සුභ ආරංචිය කියනකොට sagata පුතෙක් වත්ද කියලා .ඒකවත් පුළුවන් ම්නිහෙක් නම් බැරි යෑ
මේකේ තියෙන කමෙන්ට් දැක්කම හිතෙනවා මොනතරම් කුහක කාලකන්නිද මේ රටේ බහුතරක් ඉන්නේ කියල . මුන් කතාකරන්නේ හරියට දස සිල් උපාසකල වගෙයි . නමුත් ලැබෙන පළමු චාන්ස් එකෙන්ම බස් එකේ හෝ කෝච්චියේ හොරෙන් යනවා . තමන්ගේ කාර්යාලයෙන් අඩුම තරමින් පෑනක් හරි හොරෙන් ගෙනියනවා . පාගා ගහනවා . හොර ඕටී දාගන්නවා . ස්ට්‍රයික් කරලා එකටත් පඩි ගන්නවා . ඉතින් උඹලත් හොරු තමයි යකුනේ . මේ රට මේ වලට වැටුනේ අපි ඔක්කොම නිසා තමයි . නැතිව උඹලා විතරක් උපසකලා අනිත් උන් හොරු නිසා නෙවෙයි. අනික හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවෙන් අවහම හොඳයි . රනිල් අවහම නරකයි . ඕක කුහකම කියන සුවකළ නොහැකි රෝගයක්
පොත් රාක්කේ තියන පොත් වලින්ම තේරෙනවා මෙයාගේ තරම. මේයා හැමදාම පෙරලන්නේ එකම පොත
බොහොම ස්තූතිය ජනාධිපති තුමා, ඡන්දයක් තියන්නකෝ ජනතාව බලාගනී
මෙන්න කනෝ පිනුම් ...
තමන්ම ගත්ත ණය ගෙවා ගන්න බැරිව අනේ අපිට තව ටික කාලයක් දෙන්න අපිට දැන්ම ගෙවන්න බෑ කියන එක වීරකමක්ද? තමන්ගේ පවුල ගැන කල්පනා කරලා බලන්න ඔහොම කියන තාත්තෙක් හිටියොත් කොහොමත ගෙදරකට?
පසුගිය වසර දෙක මේ රට ඇත්තටම කබලෙන් ලිපට වැටුන අවුරුදු 2යි. ණය මත පමණක්ම පදනම්ව ගලාගිය ආර්ථික කළමනාකරණය ,ඒ ක්‍රමයේ වරද පෙන්වා දෙමින් බංකොලොත් වුණා. ප්ලාස්ටර් ගහලා විසදන්න බැරි කඩා වැටීමක් ආර්ථිකය තුළ තියෙන බව වටහාගත් අනෙක් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වාදී දීර්ගකාලින ප්‍රවිශ්ටයක් අවශ්‍ය නිසා ඡන්දයක් සමඟ ජනතා සහභාගීත්වය සහිත බලයක් ඉල්ලුවා. මේ මනුස්සයා බරපතල හෝ දැක්මක් තියෙන කෙනෙක් නොවන නිසා ගෙදර ඇදගෙන හිටිය එක පිටින් දුවන් ඇහිල්ල ජනාධිපතිකම ගත්තා. ඉතිහාසය අපට වරද්දපු ක්‍රමයම අනුගමනය කරමින් තව ණය ගත්තා. ණය ගත්ත බදු ගැහුවා ආර්ථිකය හැකිලුවා . ආදායම් ගැනීමට අවශ්‍ය කිසිදු නිෂ්පාදනයක් සේවාවක් ගොඩ නැගීම හෝ ස්ථාවර කිරීම පිළිබද හිතුවෙත් නැහැ සැලසුමකුත් නැහැ.
රට කාපු අයම ආයෙකියනවා රට හැදුවා කියල. හේතුව පොදුජන පෙරමුණු ආණ්ඩුවෙ බාරකරු වෙන්නේ රනිල්ය.
මෙයා යන්නේ අපේ රට නැත්තට ම , නැති කරලා .
රනිල් භාරගත්තේ නැත්නම් මේකේ කයිය ගහන ඔස්තාර්ලා පණ පිටින් ඉඳීද විස්වාස නෑ මේ මොහොත වෙනකොට.
දැන් මේ රට ඒ කාලේ ගිණි තියපු ජේ.වී.පී එකට කඩේ යන සුළු පිරිසක් අතන මෙතැන හැමතැනම කොමෙන්ට් වලින් ආණ්ඩු හදාගෙන, අනුර කුමාරව ජනාධිපතිත් කරගෙන ඉවරයි. දැන් ඔය කියන විදිහට රනිල් කියන්නේ, කරන්නේ බොරු නම්, රනිල්ට කරන්න බැරි නම් බොරු කයිය නැතුව, ගෝඨාභය ආණ්ඩුව ඇරන් කරන්න කියද්දී කරන්න තිබුණානේ. ආණ්ඩු නෙමෙයි, ඔය ඇට්ටර රැළ කරයි පාණ්ඩු...!
අපි ඔය කියන ණය ගත්තේ නෑ ගත්ත අයට සුභ ඇති
ජෙප්පෝ ෆුල් අවුල් වෙලා. ඩොලර් බිලියන ගාණක බස්, ට්‍රාන්ස්ෆෝමර්, රජයේ දේපළ ගිනි තියපුවා යට ගහලා ලොකු දේශප්‍රේමී ටෝක්ස්. අපි නොදන්න ජේවීපී කෙරුවාව.