IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට

පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් හත් දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මහනුවර යාපනය මාර්ගයේ මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරොද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ 57 සහ 17 වන වියේ පදිංචි වත්තේගම මීගම්මන උතුර ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

දඹුල්ලේ සිට මාතලේ දෙසට ධාවනය කළ පෞද්ගලික බසහක් මාර්ගය අයිනේ නවතා තිබූ ලංගම බසයකට ඉස්සර කිරීමට යාම් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් ත්‍රිරෝද රියේ ගමන් ගත් මවක,පියකු සහ දියණියක සහ ත්‍රිරෝද රියේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරාගේ මව සහ නැගනිය මියගොස් ඇත.

මේ අතර හම්බේගමුව ලිහිනාගල දම්වැල්ඔඩය මාර්ගයේ ලිහිනාගල ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටුණු පදිකයකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ දම්වැල්ඕඩය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරි පුද්ගලයෙකි.

කොළඹ පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් අත්ට්‍රැක්ටරයේ රියැදුරා සහ තවත් 10 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයකු මියගිය බව පොලිසිය කියයි.

බස් රථය ඉදිරියෙන් ගමන් ගත් ට්‍රැක්ටරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි ගිරිබාවේ කාන්තාවකි.තුවාලකරුවන් හලාවත රොහලට ඇතුළත් කර ඇත.

අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී ඊයේ (23දා) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව, බරපතල තුවාල ලැබූ තවත් තරුණයන් දෙදෙනකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල පොලිස් වසමේ මැඩියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සුසන්ත කුමාර පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා 19 හැවිරිදි කවිඳු මදුශාන් පද්මසිරි නමැති තරුණයන් දෙදෙනෙකි.

මෙම තරුණයින් පිරිස පෙරේදා 22 දා රාත්‍රියේ අනුරාධපුර නගරයේ පැවති "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී යළිත් නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන තලාව පොලිසිය සඳහන් කලේය.

රත්නපුර ප්‍රදේශයේ සිට යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ තීරෝද රථය මෙලෙස ගැටී තිබෙන බව පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රථිවිරුද්ධ මන්තීරුවෙන් පැමිණි බස් රථයේ ගැටී තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වන බව පොලිසිය කියයි .

අනුරාධපුර රඹෑව මාර්ගයේ පරසන්ගස්වැව යතුරු පැදියක් ලොරි රථයක ගැනීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

රඹෑව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදිය දකුණට හරවීමට යාමේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පසුපැදිකරු මියගොස් ඇත. යතුරු පැදිකරු තුවාල ලබා රඹැව රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ පරසන්ගස්වැව පදිංචි 57 හැවිරිදිපුද්ගලයෙක්.

 



අදහස් (3)

මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට

pakeer Sunday, 23 June 2024 12:11 PM

හොඳට බලන්න... හුඟක් අනතුරු වෙලා තියෙන්නේ... යතුරු පැදි, ත්‍රිරෝද රථ, බස්රථ සහ ලොරි... ඉතුරු ටික කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. ඉන් පස්සේ බැලුවොත් ඉතින් වෑන් තමයි.

:       1       5

නුවන් Sunday, 23 June 2024 03:30 PM

යතුරු පැදි කරුවන් ත්‍රිරෝද කරුවන් හිතන්නේ තමන් ගියොත් ඇති කියලා, ඕනෑම තදබදයකදී අස්සෙන් දාල එක පොදියට හිර කරනවා... දැන් කාන්තාවොත් එහෙමයි. පොලිසිය තනි ඉරි මැකිලා නැති තැන්වල ඉඳලා ඇල්ලුවාට මදි.. ආලෝක කුළුණු අසල රේල් ගේට්ටු අසල ඉඳලා පොරකන කට්ටිය අල්ලන්න..

:       0       4

Prabha Sunday, 23 June 2024 04:16 PM

ඔය ඔක්කෝටම මුල විනයක් නැතිකම. ලංකාවේ යුද්ධයෙන් දවසකට මැරුණු ගාණට වැඩි ප්‍රමාණයක් දැන් මහපාරෙ මැරෙනවා. ත්‍රීවීල්, බස්වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නියාමනයක් අවශ්‍යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site