
(පද්මසිරි ගාර්දියවසම්)
මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් බව පවසා එය පානය කිරීමෙන් පසු මියගිය ධීවරයින්ගේ ගණන හතර දක්වා ඉහළ ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
මෙම ධීවරයින් වෙනත් ධීවර යාත්‍රාවකින් ගොඩ බිමට රැගෙන එන බවද පොලිසිය කියයි .
අසාධ්‍ය තත්ත්වයේ පසුවන ධීවරයන් හැකි ඉක්මනින් ගොඩට රැගෙන ඒමට මැදිහත් වන ලෙසට බල කරමින් අද පස්වරුවේ මාතර කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් හරස් කර ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූහ .
නාවික හමුදාව ධීවරයන් ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කරන බවට පොලිසිය පැවසූ පසු ධීවරයින් විසිර ගියහ .
----------------------------------
මුහුදේ පාවූ අරක්කු පානය කළ ධීවරයෙක් මරුට:තවත් පහකට අසාධ්‍යයි
----------------------------
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 4 වෙනිදා මුහුදු රැකියාවට ගිය බහුදින ධීවර යාත්‍රාවක් සිටි ධීවරයන් පිරිසක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් පසු යාත්‍රාවේ ස්කිපර්වරයා ලෙස කටයුතු කල ධීවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
අනෙක් ධීවරයින් පස්දෙනාගේ තත්ත්වය අසාධ්‍ය බවද මේ වන විට වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන් ගොඩට රැගෙන එන බවද පොලිසිය පවසයි .
ධීවර යාත්‍රාව නාවික සැතපුම් 317 ක් දුර ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී අද (29) දා මෙය සිදුවී තිබේ .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි එම්.ජේ.නයනකාන්ත නමැති 42 හැවිරිදි ධීවරයාය.
මේ වන විට නාවික හමුදා යාත්‍රාවක් මේ වන විට එම ස්ථානයට යවා ඇතැයි ද නාවික හමුදාව කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු බහුතරයක් මකලාම හදන්න ඕනෙ ජාතියක්
බේබද්දනි, පාඩමක් ඉගෙන ගනිව්..!
මරුවා ඇවිල්ලා අයියෝ...!
මත්පැන් ද නැද්ද කියලා දන්නේ නෑ අයියා, නිකං ලස්සන හැඩ ලොකු බෝතලයක් පාවෙලා ආවා. රත්තරන් පාට වතුරක් තිබුනා ඇතුලේ... මොනවද මොනවාද ලේබලේත් ගහලා තිබ්බා. විෂබීජ නාශකයක්ද, කෘමිනාශකයක්ද, පොලිෂ් එකක්ද, සැර කෙමිකල් එකක්ද දන්නේ නෑ තිබ්බේ. හදිස්සියට කවුද ඔව්වා බලන්නේ. මිරිස් කරලක්, මාලුකෑල්ලක් හපන ගමන් අමුවෙන්ම ඇදලා ඇරියා හයදෙනාම. එච්චරයි මතක...
අතීතය හදන්න බෑ. මේවා පාඩම් කරගන්න ඕන අනෙක් අය. දරුපවුල් රකින තාත්තලානෙ මේ ධීවර රැකියාවට යන්නේ . මත් වතුරක් සුවඳින්වත් හඳුනගන්න බැරිද ? ඔක්කොම එකට කටේ හලාගෙන. එකෙක් ඉස්සෙල්ලා බිව්වනම් උනිත් අයට බේරෙන්න තිබුණා. මත් වතුරක් වගේ හැඩයක් දැක්කම සිහි විකල් වෙන තරමට ඇබ්බැහි වෙලා.
පව් කියන්න හොඳ නෑ.බේබදු කමට බීල කෙලවුනාම උන්ගෙ ගෙවල් වල උන් පාරවල් වහන් උද්ඝෝෂණය කරනව නම් උන්ටත් ගහල පන්නල දාන්න ඕනෙ.
බේබදුකමට වඩා මෙතන තියෙන්නේ මෝඩකම
න්‍යෂ්ඨික අපද්‍රව්‍ය වෙන්නත් බැරි නැහැ.
පෙරේරා, බේබදුකමයි මෝඩකමයි දෙකක් නෙමේ එකක්. ඔතන වෙනසකට තියෙන්නේ මේකේ අය ඉක්මනට මැරුණා. අනිත් ජාති බොන අය පවුලේ අයටත් වද දීගෙන, අතේ තියෙන සොච්චමටත් කෙලගෙන හිමින් හිමින් මැරෙනවා....
මට මතක් වුනේ මීට ඉස්සර තැපැල් කන්තෝරුවේ හොරට ගත්ත ගල් මෙලෙක් කරන බොතලේ බීලා මැරිච්ච කතාව. අරක්කු වගේ මුත්‍රා බොතලයක් වුනත් අපේ උන් බොයි. එච්චරම මළ පෙරේතකම. බලන්න මොන්ටිසෝරි යන ළමයි බිම තිබ්බ චොකලට් එකක් වුනත් අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි අහලා කන්නේ ඒ කියන්නේ අවුරුදු 4-5 පොඩි උන්ටත් වඩා මොඩ හරක් තමයි මේ ඉන්නේ
පසුගිය කාලයේ බේරුවල ප්‍රදේශයේ ධීවරයෙක් පිහි ඇනුමකින් මරණයට පත්වෙලා තිබෙනවා , පිහි අනුමෙන් පස්සේ ඔහු පැය 7-8 ජීවත්වෙලා තිබෙනවා , මුහුදේදී විෂ දෙයක් පානය කිරීම නිසා අද ධීවරයෝ 4 දෙනෙක් මරණයට පත්වෙලා , මෙම සිද්දි සිදුවෙලා සුළු කාලයක් තුලදී රේඩියෝ පණිවිඩ මාර්ගයෙන් රටේ බලධාරියෝ දැනුවත් වෙලා තිබෙනවා , නමුත් මුහුදේ නාවික හමුදාව සහ ගොඩබිම ගුවන් හමුදා හෙලිකොප්ටර සහ පුහුණු නියමුවන් ඉඳලත් මේ ජිවිත බෙර ගන්න රජයට බැරිවුණා , සිද්දි වෙලා පැය 3-4 අතර තුර අත්‍යවශ්‍ය ප්‍රථමාධාර දීල මේ ධීවරයෝ රෝහල් ගත කල නම් ජිවිත 5 බෙර ගන්න තිබුන , ගුවන් හමුදාව , නාවික හමුදාව පම්පෝරි ගැහුවට වැඩක් නැහැ .අඩුම වශයෙන් මේ සිධි ඉන්දියාවට කිව නම් ඒගොල්ල මේ ගලවාගැනීමේ කටයුතු කරලා දෙනවා
බේබදුකමට පුරුදු වෙච්චි අයට බෝතලේ දැක්ක ගමන් උන් හිටි තැනුත් අමතක වෙලා...