
(ළහිරු හර්ෂණ සහ ගයාන් සූරියආරච්චි)
ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර ද කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. මේ හේතුවෙන් කොටුව අවට තද වාහන තදබදක් පවතී
විරෝධතාවෙන් කොටුව කලබලයි
2024-06-26
12:21 pm
(ළහිරු හර්ෂණ)
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු පොලිස් බැරියර් කඩාගෙන ලෝටර් පාර දෙසට ගමන් කරන බව වාර්තා වේ.
මේ හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි.
විරෝධතාවය හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දැමූ බව පොලිසිය සඳහන් කරයි.
ගුරු - විදුහල්පති කොටුවේ විරෝධයක
2024-06-26
11:57 am
ඉල්ලීම් කීපයක් මුල්කරග ගනිමින් ගුරු - විදුහල්පතිවරු කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් කොටුව අවට සුළු වාහන තදබදයක් ඇතැයි පොලිසිය පවසයි.
5000කට ආසන්න පිරිසක් මෙම විරෝධයට එක්ව සිටිතියි අප වාර්තාකාරවෝ පවසති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම පාඩම් ඩිජිටල් විදියට ළමයිට දුන්නා නම් ගුරුවරුන්ට විරෝධ කරන කොට ළමයි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. එකම පාඩම රිපිට් කිරිමට ගුරුවරු ඕනි නෑ
මේ ස්ටාලිනය ජාතියට කරන්නෙ මහා විනාශයක්. අර උලපනයට මොකද උනේ දන්නැහැ. මුන් ඔක්කොම එක්කො ජෙප්පො නැතිනම් පෙරෙට්ටෝ. මුන් දෙගොල්ල තමයි රටට ලොකුම හෙනේ...
රට කන්නේ මුන් තමයි තව රටේ පාලනයත් එල්ලනවා
ඉස්සෙල්ලා ඉස්කොලේ වහලා හරියට උගන්නලා හිටියා නම් හොඳයි නේද? ඔතන ඉන්න බාගෙට හරක්. විෂය හරියට බෑ අපි ටියුෂන් වලට වෙනම වියදම් කරන්න ඕනෑ දවසට පැය 8 ක් වත් රාජකාරි කරන්නෙත් නෑ. කරන ටික හරියට කරන්නෙත් නෑ
ඇයි මේ ස්ටාලින්ට ගුරුවරුන් මේ තරම් බය, නිවට...? මිනිහාට වුවමනා නම් අනික් අය පාරට බහින්න ඕනෑ. දැන් අර උලපන උන්නැහැ නම පැත්ත වැටිලා. මේ ජෙප්පොයි, පෙරෙට්ටොයි තමයි අපේ රටේ අධ්‍යාපනය විනාශයට පත්කරන්නේ...!
ගෞරවනීය වෘත්තියක් කාලකන්නි දේශපාලන අමනයින් විසින් පාරට ඇද දමා ඇත. මෙයට මුල්වන දේශපාලකයින්ගේ සටන් පාටයි "අපි බලයට එන්නෙත් නැහැ.. අපිට බලය ගන්නත් බැහැ.. අනිත් අය රට කරන්න දෙන්නෙත් නැහැ "අපි සමාජවාදීන් 1971 ඉඳන්...
ස්ටාලින් කියන හාදයගේ මාෆියාවට අහුවුණු අහිංසක ගුරුවරුන්... අකැමැත්තෙන් මේවාට සහභාගි වෙන අය බොහෝයි. බලන්න විනයක් නැති හැසිරීම්... ඉතින් දරුවන්ට විනය උගන්වන්නේ කොහොමද?
අපේ ළමයි අනාථයි... මේ විකාර වැඩ වලින්...
ජල ප්‍රහාර මදි. බැටන් ප්‍රහාර දෙන්න මාසයක් තෙල් බේත් කරන්න. රට අවුල් කරලා ඡන්ද ගන්න හදන වුන්ට උණ ගන්න...
ගෑස් ගැහිලි ජල ප්‍රහාර ගහන එකේ ඇති කිසිම වැඩක් නැහැ රබර් උණ්ඩ හෝ ජීව උණ්ඩ භාවිතා කළ යුතුයි මොකක්ද මේ කරන්නේ හැමදාම හැම තිස්සේම හැම වෙලාවේම ගියවර මාස 7ක් පුංචි එවුන්ට බරපතල අසාධාරණයක් කරා ඒ කරපු පාඩුව තාම පියව ගන්න බැරුව ආණ්ඩුව ළමයින් ඇතුළු දෙමව්පියන් තාම දුක් විදිනවා අනික උතුරෙන් හෝ නැගෙනහිරින් මේවාට ඇවිත් ඇති 10ක් 12ක් විතර ඒ හැර කිසිම කෙනෙක් මේවාට එන්නේ නැහැ මොන ජරමර කරත් උන් උන්ගේ ළමයින්ට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරනවා සෑම වසරකම වෙලාවටත් කලින් විෂය නිර්දේශය සම්පූර්ණ කරන්නේ උතුරේ හා නැහෙනහිර ගුරුවරු පමණයි වසර අවසන්වීමට පෙර පුනරීක්ෂණත් කරලා දරුවෝ විභාග සදහා සූදානම් කරලා ඉවරයි ඒකට අපේ මහත්තුරු ඒක නිසා කියන්නේ එක්කෝ මේක පෞද්ගලිකකරණය කරන්න ඕන නැත්නම් රබර් උණ්ඩ හෝ ජීව උණ්ඩවලින් ගහලා දාන්න ඕන මොළ කුඩු වෙන කරන්න දෙයක් නැහැ
නිකන් ඉන්නවට පඩි ගන්න ස්ටාලින්ගෙයි මහින්ද ජයසිංහ ගෙයි පහත් දේශපාලන අරමුණු ඉටුකර දෙන්න එන උදවියට කදුළු ගෑස් ගහලා පැන්නුව එක හොදයි . නැතිනම් කොළඹට එන ජනතාවට ට්‍රැෆික්වල රස්තියාදු වෙන්න වෙනවා . මුන්ට ස්ට්‍රයික් කරන දවසට පඩි කපන්න ඕනෙ
ගුරුන් නැතුවත් ශිල්ප සැදේ. මෙතන ඉන්නේ ඇත්තටම ගුරුවරු වෙන්න බෑ
අනිකුත් පක්ශවල දේශපාලකයින් හොරකම් කලා යයි කියන ජේවීපී එක හැත්තෑ එකේ සිට කරමින් ඉන්නේ රජ්‍ය දේපොල අවභාවිතාවයි, ජේවීපී අපේක්ශක මහින්ද ජයසින්හ ගුරු සංගම් නායකයෙක්, තම දේශපාලන අරමුනු වෙනුවෙන් පාසල් ළමයින් ඇතුළු රාජ්‍ය සම්පත් අවභාවිතය හෙළා දකිමු
ජනපතිවරණ වලට මුදල් නාස්ති කිරීමෙන් වළකින්න, බන්කොලොත් රටේ මොන මැතීවරනද? රනිල් මහතා දිගටම පාලනයේ රැදී සිටින්න, රට අස්තාවර කරන්න දෙන්න එපා
තව පෝය 4 කින් එයාලාගේ ආණ්ඩුවක් එනවානං එදාට ඉල්ලීම් දෙගුණ තෙගුණ කරලා ගන්න පුළුවන්නේ...ඇයි මේ කළබලෙන් මේ ඉල්ලිම් ගන්න තදියම..
ගුරුවරුන්ගෙග ජීවන තත්ත්වය උසස් කරන්න බැරිනම් හිරගෙවල් අරින්න වෙනවා. අද රටට වෙලා තියෙන නස්පැත්තිය ඒක. ගුරු ඉල්ලීම් සාධාරණයි ඒවා ඉටු කරානම් ප්‍රශ්නෙ ඉවරයි • වැටුප් විශමතා ඉවත් කරන්න • පාසල් වෙනුවෙන් දෙමාපියන්ට දරන්න වෙලා තියෙන අධික බර ඉවත් කරන්න • පාසල් උපකරණ වල බදු ඉවත් කරන්න • අධ්‍යාපනයට අය වැයෙන් වෙන් කරන මුදල වැඩි කරන්න මේවා සාධාරණ හැමෝගෙම හිතසුව පිනිස කරන සටන් මෙතන කමන්ට් කරපු කීදෙනෙක්ගෙ දරුවො ඇතිද ?
මෙතැන භාගෙට දැනගෙන කියවන උදවිය හැම මාසෙම 30000ක් අඩුවෙන් පඩි අරන් බලප්ල්ලාකෝ.
ලලිත් කියනවා වගේ ඔක්කොම නිකන් දීලා වුණු විපත කල්පනා වෙන්නේ නැද්ද? යුනිවර්සිටි නිකන් නිසා ළමයි ඔක්කොම ඉන්නේ පාරේ. කිසිම දෙයක් නිකන් එපා. රටක් වලපල්ලට ගියේ නිකන් දීලා. දුප්පත් අයටත් දියුණු රටවල් වල ක්‍රමයක් හදලා තියෙනවා ඉගෙන ගන්න. දුප්පත් කියලා කාගෙන්වත් ඉල්ලන්න ඕනැ නෑ...
රනිල් රාජපක්ෂ කල්ලියේ මූසිලයන් තමන්ගේ කුලී වැටුප වෙනුවෙන් ගුරුවරුන්ට ගරහනවා. නින්දා අපහාස කරනවා. ගුරුවරුන් ඉල්ලන්නේ තමන්ට නොදුන් හා දෙන්න පොරොන්දු වූ වැටුප් වැඩිවීමයි. එහෙම නැතුව රට කාබාසිනියා කෙරුවා දේශපාලකයින් මෙන්ම සුඛෝපභෝගි නිලනිවාස සමග ඒවායේ ජල, විදූලි හා දුරකථන බිල්පත් ගෙවන ලෙසවත්, බද්දෙන් නිදහස් වාහන බලපත්‍රයක් හෝ බාර් ලයින් නොවන බව පාසල් නොගිය මහත්වරුන් දැනගත යුතුයි.
රටක් ජාතියක් ගොඩනගන්න අපරිමිත කැපවිම් නළ ගුරු දෙවියන් අපහසුතාවයට පත්කරන රජයේ මුරබල්ලෝ උසිගන්නපු මජර මීහරක් දේශපාළුවනි ජාතික ප්‍රතිපත්ති සකසා සේවාවන් විධිමත්කර මේ ප්‍රශ්නය විසදිමට ඇහුන්කන් දිම යුතුමකි
ප්‍රශ්නය තමන්ගේ වෙනකං ඒක ප්‍රශ්නය ලෙස දකින්නේ නැහැ . මම දෙමාපියන් හැටියට ගුරු ඉල්ලීම් සාධාරණ බව පේනවා . එයාල බහුතරයක් ගන්නේ මාසෙකට පනස්දහසකට ආසන්න හෝ ඊට අඩුවෙන් . ඕටී ගමන් වියදම් නැහැ . එනිසා ඒ ඉල්ලීම් සාධාරණ යි.
මේ වසරේදී වැටුප් වැඩි කල නොහැකී.. බිග් බොස් කිව්වේ.
ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම අති සාධාරණයි. ඒ නිසා එය ලබාදිය යුතුමයි. ඒ වගේම මේ වෙලාවේ වැටුප් සටන පෙරට එන්න හේතුව විය හැක්කේ ළඟ ළඟ එන ජනාධිපතිවරණයට පෙර මේ ආණ්ඩුවෙන් තම ආර්ථිකය ඉල්ලීම් දිනා ගැනීම පහසුවේ යයි සිතන වෘත්තිය සමිති නායකයින්ගෙන් උපදෙස් නිසා විය හැකියි. එසේත් නැත්නම් සාමාන්‍යයෙන් රටේ බහුතරය සිතන්නේ වැඩ වර්ජන උද්ගෝෂණය කරන්නේ ජ.වි.පෙ. හා සම්බන්ධ වෘත්තිය සමිති විසින් බවයි. එබැවින් මෙය ජනාධිපතිවරණයට ආසන්න කාලයක් වන නිසා ජාතික ජනබල වේගය අපහසුතාවයට පත් කරන අදහසින් එයට විරුද්ධ දේශපාලන මත දරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් තම වෘත්තිය සමිති හරහා කරන වැඩ වර්ජනයක් විය යුතුයි. එය වඩාත් තහවුරු වෙන්නේ ජ.වි.පෙ.ට සම්බන්ධ වෘත්තිය සමිති මෙම වැඩ වර්ජන හා උද්ගෝෂණය වලට සම්බන්ධ නොවීමත් සමගයි...
කලබල වෙන්ට එපා. අනුර මහත්තයා ආවම ඔය හැමෝටම ලක්ෂයකින් පඩි වැඩි කරනවා. එතකොට හැමෝටම සොමියේ ඉන්ට පුළුවන්.
අදහස් බලන්න ඉස්සර වෙලා මම මේ කියන්නේ අද උදේ එක අම්මා කෙනෙක් කියපු කතාවක් තමයි... ඉතින් ඒ අම්මාගේ දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න නියමිත වුණත් දැනට 11 වසරේ හිටියා වුණත් තවමත් එම දරුවන්ට 10 වසරේ සිලබස් කවර් කරලා නැතිලු.. එම දරුවෝ වෙනුවෙන් වාර පරීක්ෂණ කරලා නැහැ. විෂයයන් ඉතාමත් දුර්වලයි කියලා කිව්වාම අපිට ඇඬෙන්න එනවා... අපි කුඩා කාලයේ අහලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය නොදෙන ගුරුවරු මතු ආත්මවල මන්ද බුද්ධිකයින්ව උපදිනවා කියලා ඒක කොහොම වුණත් දරුවන්ට හරියට ඉගැන්වීම නොකර මුදල් පසුපස යාම නිසා ඔවුන්ට සදාකාලිකවම බුද්ධියක් ලබන්න නොහැකි වේවි... මොකද සෑම දෙමාපියෙක්ම ඉගැන්වීම නොකර වර්ජනය කරන හා කරවන සැමටම ශාප කරනවා. මම කියන්නේ නම් දරුවෝ ඉන්න අම්මලා, තාත්තලා මාලිමාව මේ වර්ජන මෙහෙයවන නිසා මාලිමාවට ඡන්දය දීමෙන් වළකින්න කියලා පමණයි...
අනුරයයි, එයාගේ සහෝදරයොයි මෙච්චර මොරදිදී කියද්දීත් තව දින ගණනකින් අනුර ජනාධිපති වෙනවා කියලා එයාලාගේ හොඳම ගොලයින් වෙච්චි මහින්දටයි ස්ටාලින්ටයි ඒක විශ්වාස නැතිව ඇති මේ දැන් වර්ජන කරන්නේ. නැතිනම් එයාලාටවත් අනුර විශ්වාස නැතිද දන්නැහැ.
කවුරු හරි රනිල් හොඳයි, රට ගොඩ දැම්මා කියනවා නම් උන් ඔක්කොම සල්ලි වලට කඩේ යන උන්. උන් හිතන විදිහ වැරදි! ඇතත උනත් බොරු උනත් අපි හිතන විදිහ විතරයි හරි. කුහකයො කියන්නේ මෙන්න මුන්ට. මම නම් එකෙක් ගෙන් වත් තඹ සතයක් ඇරගෙනත් නෑ, අබමල් රේණුවක් වත් උදව්වක් ඉල්ලලත් නෑ, ඇරගෙනත් නෑ. ඒත් රනිල් ඔය ටීම් එක එක්ක රට ගොඩ දැම්මා කියන දේ නොපැකිලව පිලි ගන්නවා. ඒක තමයි ඇත්ත. මම දන්න දේශපාලනය අනුව නම්, පූර්ණ අත් දැකීම් සහ ප්‍රවීන දේශපාලඥයින් සමග වැඩකල් අත් දැකීම් සමග කියන්නේ, රනිල් හැර පවත්නා තත්වයෙන් රට ගොඩ ගත හැකි වෙන කිසිවෙක් අද දේශපාලනයේ නැත. සිටියත් අත් දැකීම් නැත. සම් බන්ධතාද නැත. එබැවින් කල හැකි දෙයක්ද නැත. සමන්ත
සමහරක් කියනවා දැක්ක ස්ටාලින් J.V.P කියලා. ඕකුන් තමයි රෑට හිරු දෙරන බලලා ගිහින් නිදාගන්න අය...