මෝටර් රථ හිටපු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා වැලක්
රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය