ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2025
සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට? සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි. 01 May 2025
ඉන්ධන මිල පහළට පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 April 2025
හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 30 April 2025
සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ් රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්යක්ෂ අධ්යක්ෂවරියක ලබන මස 08දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද නියෝග කළේය. 29 April 2025
තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් අද (28) නියම කළේය. 28 April 2025
රනිල් අල්ලස් කොමිසමට එයි චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පෙරවරුවේ පැමිණියේය. 28 April 2025
දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය. 27 April 2025
උසස් පෙළ හපන්නු 2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාර නායක විද්‍යාලයේ රන්සර කුමාරගේ සිසුවා සමත් වූහ. 26 April 2025
කෝප් එකෙන් දූෂිතයන්ට නඩු රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 26 April 2025
දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැසීය. 25 April 2025
දේශබන්දු අධිකරණයට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය. 25 April 2025
වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලිසිය පැමිණිල්ලක් කර ඇත. 24 April 2025
මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක් බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක් කර තිබේ. 23 April 2025
ඩෑන් ප්‍රියසාද් මරුට කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 23 April 2025
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 22 April 2025
කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය කියයි. 22 April 2025
සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද? පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව පැවසෙන නීතිඥවරියක ලෙස වෙස් ගත් ඉනෝකා සෙව්වන්දි නමැත්තිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි පොලිස් මූලස්ථානය පවසයි. 21 April 2025
පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය පැවැසුවේය. 21 April 2025
’’ජනපතිගේ කතාව ඡන්දෙට හොඳ නෑ’’ ජාතික ජන බලවේගය පිහිටවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය. 21 April 2025
පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේදී පැවසීය. 20 April 2025
පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය. 19 April 2025
වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්ෂක අංග ගැළවෙයි වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති. 18 April 2025
දියර කිරි-යෝගට් වැට් බද්දෙන් නිදහස් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය. 17 April 2025
ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 16 April 2025
බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 15 April 2025
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 April 2025
අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි . 14 April 2025
සුභ අලුත් අවුරුද්දක් වේවා ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු 14 April 2025
මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය. 13 April 2025
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026