
(ඇන්ටන් ජයසුරිය හා අර්නස්ට් ජයතිලක )
"සාමය කියන එක මනුෂ්‍ය වර්ගයාට අත්‍යවශ්‍යම දෙයක්. ධනයට වහල් වෙලා බලයට වහල් වෙලා ජීවත් වීම එය නෙවෙයි නිදහස කියන්නේ. අද ඒවායේ වහලුන් බවට පත් වෙලා. ඒවායෙන් ඈත් වෙලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ජීවිත් වීම වැදගත්. අප ශ්‍රී ලංකාව නිදහසින් පසුව දකින්නේ එන්න එන්නම සමාජය බේද බින්න වී ඊර්ෂ්‍යාව, වෛරය, තරහවෙන් එකිනෙකා සමග කුලල් කා ගන්නා පරිසරයක් ජනිත වූ ආකාරයයි යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.
දේශපාලන වශයෙන් අප බෙදී කටයුතු කරනවා. ඉපදුනු දා පටන් මරණය දක්වා හම්බ කරනවා.
මේ ඔක්කොම තියෙන්නේ එලියේ. ඇතුලෙ මුකුත් නෑ.බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව කියාපාන්නේ තන්හාව තමයි දුකට හේතුව කියලා.
එම නිසා අප සමාජය පිරිසිදු කිරීමට නම් තන්හාව නැති කළ යුතු යැයි"
ක්‍රිස්තු ධර්මය කියන්නේ අත්හැරීමයි. අත්හැරීමක් නැති තැන කිතු ධර්මයක් නෑ. සමහරුන් නත්තල වැරදි විදියට දකිනවා. මුදල් සොයන උත්සවයක් ලෙස සිතනවා.අපි ගවලෙන් හදනවා. නත්තල් ගස් හදනවා.නමුත් වැදගත් වන්නේ ජේසුස් වහන්සේ අපට පෙන්වූ මාර්ගයේ ගමන් කිරීමයි. උන්වහන්සේ ගවලෙනක ඉපදී අපට මතක් කර දෙන්නේ දිළිදුකම තුළ එකිනෙකා සමග ප්‍රේමයෙන් ජීවත් විය යුතු බවයි.
ක්‍රිස්තුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ තම කම අහිමි කරගනිමින් නම්‍යශීලී ජීවිතයක් ගත කිරීමටයි. ආත්මය නැති තැන දෙවියන් වහන්සේ ද නැත. දයා ප්‍රේමය ඇති තැන දෙවියන් වහන්සේ ඇත.
ගංවතුරක් ඇවිල්ලා ස්වභාවධර්මය ආත්මාර්ථකාමී විදිහට සමහරු පාවිච්චි කලා.
දේශපාලනික නායකයන් උදව් දෙන නිසා හොඳ පරිසරය විනාශ කරනවා. කැලෑ එලි කරනවා. කුණු කසල තැන තැන දමා යනවා. දේශපාලනිකයන් සමග එකතු වී ඉඩකඩම් ගොඩ කරනවා. මෙසේ ස්වභාවධර්මය විනාශ කිරීම නිසා මෙම විපත්වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ නිසා විනයක් ඇති කරන සමාජයක් බිහිවිය යුතු යැයිද පැවසීය.
උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේ දී පැවැති නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට එක් වෙමන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ එසේ පැවැසූහ
උස්වැටකෙයියාව මීසම් සේවක සුරංග ප්‍රනාන්දු පියතුමාගේ මෙහෙයවීමෙන් නත්තල් පූජාව සංවිධානය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අවශ්‍යද කියනවා නම් රටවල් යුද්ධ වලින් යටත්කරලා ඕක කියලා දුන්නේ.
සාමයේ නමින් බිහි වෙලා තිබෙන ආගම තමයි ප්‍රශ්නේ...
මේ සෑම දෙයක්ම අවසානයේ නවතින්නේ බුද්ධ දර්ශනය අභියස... අගරදගුරු හිමියනි, ඔබට .. ‘‘සුබ නත්තලක්‘‘...