
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙයි.
එම චෝදනා එල්ල කර ඇත්තේ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ය. රුසියන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයට යුක්රේන හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන 91 ක් යොදා ගත් බවය. කෙසේ නමුත් රුසියන් හමුදාව වහා මැදිහත් වී ප්‍රහාරය ව්‍යර්ථ කර ඇත.
මෙම සිද්ධිය මුල් කොටගනිමින්, යුක්රේනය සමඟ පවතින සාම සාකච්ඡාවලදී රුසියාවේ ස්ථාවරය වෙනස් වනු ඇති බව ලැව්රොව් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින්, යුක්රේනය කන්න යන්නේ හොදම එකෙන්.