
(කවීෂා ගරුසිංහ සහ නිමල් ලන්දගේ)
දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ සිට මාතර දෙසට ගමන්ගත් පුද්ගලික බස්රථයක් ,මාතර සිට බෙලිඅත්ත දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක එකිනෙක ගැටීමෙනි.
අනතුරෙන් පුද්ගලයන් 30දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ මිනිස්සු වැඩිපුර තුවාල වුනේ බස් එක ඇතුලේ තියන කෑලි බෑලි වැදිලා.. මොවුන්ගේ මේ මගුල් තොරොම්බල් බස් පාරෙන් අයින් කරන්න බෑ නේ මොන ආණ්ඩුව ආවත්.. මේ සංස්කෘතිය මහා විනාශයක් ප්රවාහන පද්ධතියටම...