කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.