
(රෝෂන් තුෂාර)
වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම (23) නියෝග කළේය .
සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිස මේ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ වසර දෙකක කාලය තුළදි සිය වැටුප් සහ අදායම් වලින් උපයා ගත් නොහැකි රුපියල් මිලියන 46 වත්කම් උපයා ගැනිම හා එකි වත්කම් උපයාගත අකාරය අනාවරණය කිරීම අපෝහොසත්වීම මත සැකකරුඅල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, සැකකරුගේ බිරිඳගෙන් සහ බිරිඳගේ සහෝදරයාගේ ප්රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු ඇප මත මුදා හැරීම ප්රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියාය.
සැකකරුට එරෙහි පැමිණිල්ල 2015 දී ලැබුණු බවත් 2016 වර්ෂයේ දී විමර්ශන ආරම්භ කොට එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමක් කළ බවත්,නිසි පිළිතුරු ලබාදීමට සැකකරු අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන්නාය.
එකි වත්කම් උපයාගත්තේේ කෙසේදැයි 2016 වසරේදී විමසා සැකකරු වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස විදේශ රටක සිටින සිය බිරිද ගේ නැගනිය සහ ඇගේ සැමියා විසින් රුපියල් මිලියන 11 ක මුදලක් එව් බව ප්රකාශ කර ඇති බවත් එය තහවුරුකිරිම කිසිදු ලේඛනයක් ලබා නොදුන් බවත්, ඒ අනුව එම පුද්ගලයින්ගෙන් ප්රකාශ ලබා ගැනීමට ඇති බවත් පෙන්වා දුන්නේය.එම පුද්ගලයින් ප්රකාශ ලබාදීම මගහැර ඇති බවත් පැවසීය
මුදල් ඉපවූයේ ඉඩමක් අලවි කිරීමෙන් බවට ප්රකාශ කලද එම ඉඩම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් කොමිසම වෙත 2016 සිට ලබා නොදුන් බවත් ප්රකාශ කලේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා සේවා දායකයා කිසිදු අයථාවත්කමක් උපයා ගැනීමක් සිදු කර නොමැති බව කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.
සියලු කරුනු සලකා බැලු මහේස්ත්රාත්වරයා ප්රකාශ කර සිටියේ, සැකකරු සාක්ෂි කරුවන්ට බලපැම් කොරිමෙ ඇති හැකියාව මත සැකකරු රක්ෂිත බන්ධනාගාගත කරන බවය. තවද මෙම සිද්දිය සම්බන්ධයෙ පරික්ෂණ කඩිනමින් අවසන් කොට ඉදිරිදින ඉදිරිපත් කරන ලෙස ප්රකාශ අල්ලස් කොමිසමට නියෝග කලේය.
(ඡායාරූපය: ඉසුරු පෙරේරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ මොනවාද? අර ඉස්සර කියපු විදිහට උගන්ඩාවේ හංගලා තියන ඩොලර් කෝටි ගණන ගෙන්නකෝ අනේ ! අපි මුන්නැහැලාට ඡන්දෙ දුන්නේ තල්මස්සු මෝරු අල්ලන්න මිසක් හාල්මැස්සෝ අල්ලන්න නොවෙයිනේ...!
ලන්කාවේ දේශපාලනයට එන සමහරුන් මුදල්, ආගම් හා ජාතිවාදය නිසා ජනප්රියව පත්වූ අයයි. එතරම් උගත්කම් නොමැති ඔවුන් ට මහජන දේපල ගසාකෑමට සමහරක් රාජ්ය නිලධාරීන්, දෙගොල්ලන්ම එකතු වී උපාය මාර්ගිකව (tactix) කටයුතු කරන හැටි කියාදී ඇති බව පසුගිය කාලයන් පුරාම අපට දක්නට ලැබේ. මේ සංස්කෘතිය දැන්වත් නැති නොකළොත් ආයේ කවදාවත් ලන්කාව දියුණුකළ නොහැකිය.
ඕමාන් සමන්. කාටවත් ගැති නොවී අපේ රට දියුණුකිරීමට උදව් වන අදහස් ප්රකාශ කරන්න. මම ඩුබායි වලින් ඔයා ඕමාන්වලින් යැපෙන්න ඕනෑ නෑනේ අපේ රට දියුණුව තිබුණා නම්, අනාගතයේ ඔයාගේ, මගේ දරුවන්වත් එහෙ නොයවා මේ රටේම හොඳ රැකියා කිරීමට හැකිවේවායි ප්රාර්ථනා කරමු. මොන ආණ්ඩුවක් ආවත් මේ කරගෙන යන ක්රමය ගෙන ගියොත් රටේ ධනය එක් කෙනෙකුට දෙන්නෙකුට අයත්නොවී හැමෝටම බෙදී ගියොත් අලුත් රැකියා ඉපදී රට දියුණුවෙයි.
මෙයා රනිල්ගේ හොඳ කීකරු ගෝලයෙක්... ඒ කාලේ හොඳට හම්බකර ගත්තා. දැන් ඉතින් වමාරන්න තමයි වෙන්නේ...
රට බංකොලොත් කරපු මහින්ද ,රනිල්ලාගේ ගෝල බාලයෝ. දැන් විගණකාධිපති පත්කරන්න දෙන්නේ නැත්තේ මේ වගේ වැඩ අහුවෙන හින්දා...