වන්නිනායකට එරෙහිව පොලිසිය කරුණු දක්වයි
ගල්කිස්ස උසාවියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාදී බලහත්කාරකම් කර ,කුනුහරපයෙන් බැණ වැදි අසෝභන ලෙස හැසුරුණේ යැයි කියන කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නිවසේ නොසිට ප්රදේශයද අතහැර පලා ගොස් විමර්ශන වලට සහාය නොදක්වන බව ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසිය අද (13) පැවසීය.