යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ අමත්‍යංශ ලේකම්වරයා  ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව  ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග සේවකයයන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කිසිදු අයුරකින් අඩු නොකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකණයෙන් තීන්දු කර තිබියදී පවා විදුලියල මණ්ඩලයේ අනුප්‍රාප්තික  සමාගම්  සේවක අයිතිවාසිකම්  බරපත ලෙස උල්ලංඝනය  කරමින් සූදානම් වන බව ද ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

සේවක අයිතිවාසිකම්  සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් සහ මෙම අවිධිමත්  ප්‍රතිව්‍යාගතකරණ ක්‍රියාවලිය නිසා සමස්ථ විදුලිබල ක්ෂෙත්‍රයේම කඩා වැටීම වළක්වා ගැනීම සඳහා අප සංගම් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් සහ සාකච්ඡා අසාර්ථක  වූ නිසා වෘත්තීය සමිති 25ක් එකතුව ඉකුත් 9 වැනි දා පස්වරු 3.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව ලේකම්වරයා කියා සිටියේය.

අනුප්‍රාප්තික  නව සමාගම්වල  අධ්‍යක්ෂ මණ්ඩල  සාමාජිකයන් හා අද පැවැති සාකච්ඡාවකදී නව සමාගම් හයෙන් හතරකම සභාපතිවරු වෘත්තීය සමිති 25ක් ඉදිරිපත් කළ යෝජිත ගිවිසුමේ වගන්තිවලට එහි සභාපතිවරුන් එකඟතාව පළ කළබවට ලිපියක් සමාජ ගත කර තිබේ.

එම ලිපියේ අන්තර් ගථය සම්බන්ධයෙන්  එකඟවුව ද එහි නීත්‍යානුකූල වලංගුතාවය පිළිබඳව බරපතල ගැටළු  පවතින බව ද ලේකම්වරයා පවසයි.

එහි සඳහන් අඩුපාඩු  සම්පූර්ණ වනතරු එම ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි අපගේ වෘත්තිය ක්‍රියාමාර්ගය  අවසන් කිරීමට වෘත්තීය සම්ගම් සූදානම් නැති බව ද පවසති.