(රංජන් කස්තුරි)
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වීමෙන් පසුව නව සමාගම්වලට අනුයුක්ත කෙරෙන සේවකයන් දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ ව ර් ජනය අද (11) පස්වරුවේ නතර කෙරිණ.
විදුලි වෘත්තීය සමිති 24 ක් ඒකාබද්ධව ඉකුත් 9 වැනිදා පස්වරැ 3 සිට එම ව ර් ජනය ක්‍රියාත්මක කර තිබිණ.
විදුලි වෘත්තීය සමිති නියෝජිතයන් කම්කරැ කොමසාරිස්වරයා සහ කම්කරැ නියෝජ්‍ය ඇමතිවරයා සමග ඊයේ පස්වරුවේ පැවති දී ර් ඝ සාකච්ඡාවකින් පසුව එම තීරණයට එළඹ තිබිණ.
ලංකා විදුලිබල මණ්ඩලය යටතේ සේවකයන්ට හිමිවූ වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලැබිය යුතු බවත් සියයට 40 ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බවත් පවසමින් විදුලි සේවකයෝ එම ව ර් ජනයේ නිරත වූහ.
මේ අතර විදුලි වෘත්තීය සමිති නියෝජිතයන්ට අද (12) ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමටද නියමිතය.
මේ අතර විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන හෙයින් සියලු සේවකයන් රාජකාරියට වා ර් තා කළ යුතු බවත් එසේ නොකරන සේවකයන්ට විනය පියවර ගන්නා බවත් අලුතින් පිහිටවූ සමාගම් දෙකක් අද විදුලි සේවකයන්ට දැනුම්දී තිබිණ
ඒ අනුව මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද එම සමාගම් දෙක විදුලි සේවකයින්ට දැනුම්දී තිබිණ.
ඒ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කේ.එස්. අයි. කුමාර සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සාලිය පණ්ඩිතරත්න යන මහත්වරැන් විසින් නිවේදන මගින් එම දැනුම්දීම කර තිබිණ
මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචා ර් ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා ඊයේ නිවේදනය කර තිබුණේ සේවකයන් සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් වන හෙයින් ඔවුන්ට එරෙහිව අපරාධමය නඩු පවරණ බවය.
ඒ එම ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම විදුලිබල සැපයුම් සේවාව තුළ පැවරී ඇති රාජකාරී ඉටු කරන ලෙසද ලේකම්වරයා සේවකයන්ට දන්වා තිබිණ.
මේ අතර සියලු සේවකයන්ට පත්වීම් ලිපි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවද නව සමාගම් දන්වා තිබිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd