(අංජුල මහික වීරරත්න)

නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නායයෑම් සහ නාය යෑමේ අධි අවදානම් හේතුවෙන් සිය පදිංචි ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කළ යුතු පවුල් හඳුනාගෙන නැවත පදිංචි කිරීමේ වැඩසටහන ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

එම වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6 ක මුදලක් හඳුනාගනු ලබන ප්‍රතිලාභි පවුලක් සඳහා ලබා දෙන අතර, එම මුදල එක් නිවසක් සඳහා රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.