ඉරානයට එල්ල කළ ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊයේ (28) අලුයම ආරම්භ වූ මෙම ප්‍රහාරවලින් 86 හැවිරිදි කමේනි මියගිය බව ට්‍රම්ප් පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.