
(රන්ජන් කටුගම්පොල)
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී වෛද්‍ය පීඨයට ඇතුල්වීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණයකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහුගේ මුලික අයිතිවාසියක් කඩ වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිසුවා මෙරට විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයට වහාම ඇතුළත් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ සිසුවා ගොනුකොට තිබූ මුලික අයිතිවාසිකම් පෙතසමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ ආචාර්ය සෝභිත රාජකරණ යන මහත්වරුන්ගේන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ,දම්සිත් ජයරත්න සිසුවා විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වගුත්තරකරු වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් සිල්වා සහ ආචාර්ය සෝභිත රාජකරණා යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේ සඳහන්ව.
පෙතසම්කරු කොළඹ රාජකීය විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සමත්වීය පසුව ඔහුගේ පියා ගුවන් හමුදාවේ කණ්ඩායම් කපිතාන්වරයකු වශයෙන් සේවය කරමින් සිටියදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීමෙන් අනතුරුව රුසියාව බලා පිටත්විය එහිදී ඉන්දියානු පකිස්ථානා බංගලිදේශයේ ළමයි ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතිකය සමත් විය .එය ශ්‍රී ලංකා වේ අපොස උසස් පෙළ සමාන සුදුසුකමකි.
ඉන් පසුව පෙත්සම්කරු විදේශ අමාත්‍යංශය හරහා රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ඇතුළත් වීම සඳහා අයඳුම් පතක් ඉදිරිපත් කළේය.
එහෙත් අදාල නිර්ණායකයන්ට පෙත්සමකරු නොවැටෙන බව පවසමින් අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කළේය.
එම තීරණයෙන් අගතියට පත් පෙතසම්කරු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීන්දුව ටිකක් පැටලිලි සහගතයි නේද? දැන් එතකොට ඒ ළමයා zscore එක බයිපාස් කරලද? නැත්තන් zscore එක හැදුවේ කොහොමද? රටින් එළියේ ඉන්න හැම දෙනාටම ඒ අයිතිය තියෙනවාද? නැත්තන් මාපියන් අනිවාර්ය හේතුමත රටින් යන්න වුණු අයට විතරද? එතකොට රට ඇතුළේ අයට ඒක බරපතල අසාධාරණයක් නෙමේද? දැන් රටින් එළියේ ඉන්න ළමයි ඔක්කොටම ඉල්ලන්න තියන්නේ. අනික zscore එක බයිපාස් වෙලා නම් රට ඇතුළේ ඉන්න අයටත් නඩු දාන්න තියන්නේ. උ/පෙ පාස් කියන්නේ විශ්ව විද්‍යාලය සුදුසුකමක්. සම්පත් මදිකම නිසානේ වෙන නිර්නායකයක් හඳුන්වලා දුන්නේ? මේක ටිකක් සංවේදි කාරණයක් නිසා වැඩිදුර විස්තරයක් බලාපොරොත්තු වෙනවා.
අධිකරණයෙන් පිහිට නෙවේ නියෝග ලැබෙන්නේ. පිහිට ලැබෙන්නේ දෙයියන්ගෙන්.
ලංකාවේ උසස්පෙළ හරි ලොකු ඇති මේ පසුගාමී විශ්වවිද්‍යාලවලට. ඒකනේ රට දවසෙන් දවසෙම දියුණුවෙන්නේ. ලංකාවේ (පුරවැසි) ලමයෙක් ලංකාවට වඩා දියුණු රටකින් උසස්පෙලට සමාන විභාගයක් සමත්නම් ඒ ලමයට අයිතිය තියෙන්න ඕන තමන්ගේ රටේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවෙන්න.