(රන්ජන් කටුගම්පොල)

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙසේ දැනුම් දෙනු ලැබුවේ පනත් කෙටුම්පතට එරෙහිව තිබූ පෙත්සම්පහක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.

ප්‍රයිම් ලැන්ඩිසමාගම හොම් කැන්ඩි සමාගම සහ ගොඩනැගිලි බදු දීම මගින් ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් පිරිසක් විසින් ගොනුකොට ඇති මේ පෙතසම්වල න් වගඋත්තර ගරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.