
(රවීන්ද්‍ර ලියනගේ)
වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් ගිංඔයට වැටුණු 17 හැවිරිදි තරුණිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ගඟට පැන්නතරුණයකු බේරාගෙන ඇතැයි වෙන්නප්පුව මුලසථාන පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ තාවකාලිකව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි සිටි 17 නැමති තරුණියකි.
තරුණිය ගිංඔයේ පාලම අසලට පැමිණ පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදි අන්තිමට මට ඔයාව බලන්න ඔනෙයි කියා ඇත.
ටික මොහොතකින් පෙම්වතා පාලම අසලට පැමිණවත් සමග තරුණිය පාලම මතින් ගඟට පැන ඇති බව පොලිසිය කියයි. පසුව ඇය බේරා ගැනිමට පෙම්වතා බව කියන තරුණයාද ගිංඔයට පැන ඇත.
අසල හෝටලයක සේවකයන් දෙදෙනකු ගඟට කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ ඉල්ලි ඇති අතර තරුණිය දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 17යි. ආදරේ ගැන මොනවා දන්නවද දුවේ ඔයා? මුහුකුරා නොගිය මනසට මීඩියා වලින් වැටෙන කුණු කන්දල් නිසා ළමයි මේ වගේ මෝඩ තීරණ ගන්නේ. සුගතියක් ලැබේවා.
හරිම කනගාටුදාකයි. ආදරය කියන එක තරුණ අයට තේරෙන බවක් පෙනෙන්න නැහැ.
ආදරය කියන එක තරුණ, වැඩිහිටි, මහළු කියලා දෙයක් නෑ. කාටවත් තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ රහත් වෙච්චි කෙනෙක්ට විතරයි. කරන්න දෙයක් නැහැ.
අවුරුදු 17 යි. ආවේග කලමනාකරනය කරගන්න බෑ. ධර්මය දන්නෙත් නෑ. මනෝ විද්‍යාව දන්නෙත් නෑ. මේ අවසන් කෙනා නොවෙයි...