
(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි.
විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්වය පිටුදැකීමට සාධනීය පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය.
එහෙත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය නව පනතෙන් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග කළ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
"ෆූටා" රතු එළි දල්වයි (සුජිත් හේවාජුලිගේ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි. විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්වය පිටුදැකීමට සාධනීය පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය එහෙත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය නව පනතෙන් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග කළ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි ඇදුරෝ රතු එළි දල්වති