
(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි.
විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්වය පිටුදැකීමට සාධනීය පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය.
එහෙත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය නව පනතෙන් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග කළ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
"ෆූටා" රතු එළි දල්වයි (සුජිත් හේවාජුලිගේ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි. විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්වය පිටුදැකීමට සාධනීය පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය එහෙත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය නව පනතෙන් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග කළ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම මාලිමාකරණය කරන්නනේ ඕනෑ.
කලින් කරපු විදිහ හොද නෑ. ඒත් අපි සද්ද නැතුව හිටියා. දැන් කරන විදිය හොදයි. ඒත් මීටත් වඩා හොදට කලේ නැත්නම් අපි මේක අවුල් කරනවා.
දැනට අඩු බලගේ රතු එළියක් තමයි පිස්සු කෙලින් නැතුව රට ගොඩ ගන්න වැඩ කරපල්ලා.
පාඨකයාට දෙපාරක්ම කියවලා තේරුම් ගන්න ලියලා තියෙන්නේ.
කැළණිය කැම්පස් එකේ විද්‍යා හා සමාජ විද්‍යා පිඨවල තරගයට අත පෙවීමක් තමයි මේ වෙන්නේ. ඒක සාධාරණීකරනය කිරීමක් සදහා වන රග දැක්වීම මේ ආකාරයෙන් සිදුවේ. මේ ඔක්කොම යාළුවෝ මල්ලි.
මාක්ස්වාදී ආණ්ඩු ඉතින් හැමදෙයකටම ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍යයි කියලා ඕනා එකයි, එපා එකයි කියා වෙනසක් නැතිව ඇඟිලි ගහනවා. විෂය භාර ඇමැති ඉන්න අතරේ ඒ ගැන දෙසා බාන්නේ අදාලත්වයක් නැති ඇමැතියෙක්. ඔන්න රටේ පාලනේ හැටි. එකම අච්චාරුවක් වෙලා...