
වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාව අත්පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩාහි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ආරක්ෂිතව, නිසියාකාරයෙන් නව නායකත්වයට බලය පවරන තෙක් වෙනිසියුලාවේ පාලනය අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පත් කරන බව ද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු හමුදාවේ ඩෙල්ටා ෆෝස් බල ඇණියේ භටයන් වෙනිසියුලාවේ කරකස් නගරයට ප්‍රහාර එල්ල කරමින් එරට ජනපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස් අල්ලා ගත්තේය. ඉන් අනතුරුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඇමෙරිකන් හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd