IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටුනායක යානයකත් බෝම්බ බියක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෝහා කටාර් සිට පැමිණෙන ගුවන් යානයක ගුවන් මගි වෙස් ගත් පුද්ගලයන් සිව් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමේ සූදානමක් පවතින බවට ලද ඊ මේල් පණිවිඩයක් අනුව සිදු කළ පරික්ෂාවේදී එවැනි සැක සහිත කිසිවක් හමු නොවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

දෝහා හි පිහිටි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළ එම ගුවන් යානය අද  අලුයම 1.44 ට පමණ  කටුනායක බන්ඩාරනායක ජාතයන්තර ගුවන් තොටුපොළ බලා පැමිණි යානයක එම බෝම්බ ඇති බවට ඊමෙල් තොරතුර ලැබී ඇත.

එම ගුවන් යානය තුළ බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමට සුදානම්ව ගුවන් මගි සිව් දෙනකු ගුවන් යානයේ ගමන් කරන බවට යානය ගුවන් ගත විමෙන් පසුව කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විද්‍යුත් තෑපෑල වෙත ලද පණිවිඩයක් ලැබීම හේතුවෙන් එම ගුවන් යානය හදිසි ගොඩ බෑමක් සිදුකර පරික්ෂාවට ලක්කළ බව පොලිසිය සඳහන් කරයි .

එම ගුවන් යානයේ ගුවන් මගින් 245 ක් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනකුද , යානයේ නියමුවන් දෙදෙනකු ද  පැමිණි ඇති අතර ගුවන් යානය ගොඩ බැස්ස විමෙන් පසු ගුවන් හමුදාවේ බෝම්බ නිශ්කිය විසින් පරීක්ෂා කර ඇත.

එම ගුවන් යානයේ බෝම්බ හෝ එවැනි සැක සහිත කිසිවක් තිබි නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

 



අදහස් (9)

කටුනායක යානයකත් බෝම්බ බියක්

Siri Sunday, 28 December 2025 03:35 PM

මේ දවස්වල සිදුවන යම් යම් වැඩ කටයුතු ගැන හිතා බැලුවොත් හිරගෙවල්වල ලගින්න වෙන පිරිසක් එකතුවෙලා ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ කලකිරීමක් ඇති කිරීමට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඉතාම පැහැදිලියි. නගර සභාවක අයවැය පරද්දලා පාටි දාන්න තරම් මේ උදවිය අමානුෂික වෙලයි ඉන්නේ. කවුරු කවුරුත් කයිවාරු නවත්වලා සිද්ධ වෙමින් පවතින දේ ගැන සැලකිලිමත්ව ක්‍රියාකළ යුතු බවයි කියන්න තියෙන්නේ...

:       78       140

ChandanaSunday, 28 December 2025 05:21 PM

අනිවාර්යෙන් ම මේ පිටිපස පරාජිත දේසපාලුවෝ ඉන්නවා... ඔවුන්ගේ හෙයියන්චෝ මේවා කරන්නේ...

:       64       98

Don perea Sunday, 28 December 2025 04:26 PM

ඩෝබිලාගේ මාර කමෙන්ට්ස්...

:       83       62

චන්දන Sunday, 28 December 2025 05:22 PM

මෙන්න හෙන්චයියෙක්...

:       15       37

චංගොන්දාSunday, 28 December 2025 09:55 PM

කෝ, කෝ ... ආං චන්දනද? නියමයි ... හරි ...

:       0       15

Sandya Sunday, 28 December 2025 06:45 PM

අපරා⁣දේ එක ප්ලයිට් එකකට හතර දෙනෙක්...

:       15       11

ගුණරත්න Monday, 29 December 2025 08:03 AM

ඉන්දියාවේත් මෙහෙම දෙයක් වුනා, එක දිගට ඔය විදියේ අනතුරු ඇඟවීම් ගැන ව්‍යාජය දුරකථන ඇමතුම් සිය ගණන් ආවා. ඉන්දීය ගුවන්යානා සමාගම්වලට බිලියන ගණනින් පාඩු වුනා. විරුද්ධ පක්‍ෂවලට දොස් පවරලා අතසෝදාගන්න ආණ්ඩුව උත්සාහ කරාට මේවා ගැඹුරෙන් සොයා බැලිය යුතු දේවල්.

:       15       2

කෞෂි Monday, 29 December 2025 12:05 PM

ගුඩ් මෝනින් කිව්වත් චෙක්කරලා බලන්න ඕන නැටුම් ගුණරත්නනේ මේක කියන්නේ. දෙපාරක් නොවේ හය හත් වතාවක් චෙක්කරන්න අවශ්‍යයි...

:       1       12

හසකMonday, 29 December 2025 01:26 PM

පච වපුරන පච නායකයෙක් හින්දා ගුණරත්න ඇත්තක් කිව්වත් විශ්වාස කරන්න බැහැ.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site