
(බී. ජී. චතුරංග )
මව සමඟ මල්වතු ඔයට වැටුණු දරුවන් දෙදෙනාගෙන් දියණියගේ සිරුර ද සොයාගත් බව පොලිසිය කියයි.
සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදන්ව සිටි දරු දෙදෙනාගෙන් ගැහැණු දරුවාගේ සිරුරත් අනුරාධපුර 'මල් අතු ඔය ලේන්' මාර්ගයට පිවිසෙන අලුත් පාලම අසල තිබී සොයා ගත් බව අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගනු ලැබුවේ, අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචි සිටි සිතුල්යා මීරියගල්ල දැරියගේ සිරුරයි.
එම දැරියගේ එකම සොහොයුරා වන තිෂුක මීරියගල්ල නැමති 8 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර අතුරුදන් වී දින තුනකට පසු, ඉකුත් 4 වන දින අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ සොයා ගනු ලැබීය.
දැරියගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇගේ වම් අත සහ වම් කකුල නොතිබූ අතර එය කිඹුලන් හෝ කබරයන් විසින් කා දමන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය සඳහන් කළේය.
මීට දින හතකට පෙර ඉකුත් 2දා මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක්, වයස අවුරුදු අටක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු හතර හමාරක ගැහැණු දරුවා සමඟ අනුරාධපුරයට පැමිණ, අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන තොරතුරු ටික දෙන්න. මාව බේරුණාද? හේතුව දන්න කෙනෙක් ලියන්න.
පූර්ව කර්මය මව ලෙසද පැමිණිය හැක. අන්තිම ට මව බේරුනා. දරුපැටව් දෙන්නා දුක් විඳලා මිය ගියා
හේරත් බන්ඩාර කියන්නෙ මේ දරුවන්ගෙ පියාද? මාව බේරුනාද අහන්නෙ ඇයි තමුං මේ විපතට වග කියන්න ඕන නිසා නේද?
මේ ලස්සන හුරතල් ළමයි දෙන්න දිහා බලාගෙන අම්මට එහෙම තීරණයක් ගන්න කොහොම හිත හදාගත්තාද මන්දා..
මෙම මව කලේ අකුසලයක් සහ අපරාධයක් වුවත් තමාට සහ දරුවන්ට සුරක්ෂිතව ජීවත්වීමේ පරිසරයක් ඇයට නොතිබුණා වියහැකියි.. තමාත් නොමැතිව දරුවන්ද තවදුරටත් ද්‍රක්විදිනු ඇත යන චේතනාවෙන් මෙය කලා වියහැකියි.. මානසික ආතතිය තුළ ඕනෑම පීඩිත අයෙක් මෙවන් දෙයකට යොමුවිය හැකියි.. එනිසා තම අවට සිටින්නන්ගේ ගැන විමසිලිමත් වීම වැදගත්...
අනේ....