නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රිමාන්ඩ්
ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළේය.