(නිමන්ති රණසිංහ)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කෙරෙන කොළඹ නැගෙනහිර නගර සඳහා වූ ‘‘විශේෂ ජල ව්‍යපෘතියෙන්’’ එම මණ්ඩලයේ සභාපතිවරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් රුපියල් කෝටි 40කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.
මෙම ව්‍යපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයේ පුවත්පත් දැන්විම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත‍්‍රාත්කරුවන් බඳවා ගනු ලැබ ඇති බවත්, එම කොන්ත‍්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබාදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ. ඒ. අන්සාර් සහ අදාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එම්. ටී. එම් රශීල් යන අයවලූන්ගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ලංකාව කාලා
නියමයි.
මගෙ රට කෑවා මේ දේශපාලකයෝ....
ඔහොම යන් ඔහොම යන්...තව තව සෙල්ලම් එලි වෙන ජාමෙට
තවත් අලුත් නාට්ටියක්...
මේ රටේ හැම තැනම කෝටි ගණනින් වංචා. පුදුමයි රට පවතිනවා.
ඔන්න එලිවේගෙන එන්නේ .
ඒවගේ වංචා කරන්නද අපේ ජල බිල් ගාස්තුව වැඩි කරන්නේ, ඩුබායි, සෞදි, කටාර්, කුවේට් වගේ රටවල ඒ රටේ මිනිස්සුන්ට වතුර නිකම්, අපිට එහෙත් මුදලට, මෙහෙත් මුදලට, වතුර බැරල් එකක් සැදීමට තෙල් බැරල් 3 ක් යනවා මේවා බොරු නෙවෙයි.
ඔය එන්නේ නම් ලැයිස්තුව. ප්‍රගතිය කුමක්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටි.
කවුද කියන්නේ මේක වංචාවක් කියල. මේක බෙදාගැනීමක්.
මොකද සෑම දෙනාම මේ පුවතට පුදුම වෙන්නෙ. ලංකාවේ ගානක් නොදී කිසිම දෙයක් කරන්න බැහැ. ඇමෙරිකාවේ ඉන්න අපි වතුරටයි, කැලි කසල ප්‍රවාහනයටයි, සතියකට වරක් කසල ගෙනයන එකටයි. මසකට දෙපාරක් පාර අතුගාන එකටයි මසකට ඩොලර් 75ක් මහා නගර සභාවට ගෙවනවා. අද වෙන තෙක් කිසිම වංචාවක් ගැන අහල නැහැ.
මේ අය තුත්තිරි ගස් අල්ලාගෙන ආවේ අපි පිරිසිදු විදියට වැඩකරනවා කියලා නේද?
මැද පෙරදිග නම් දෙන්නම ගස්
ඇමතිතුමාගේ නමත් දැම්මා නම් නියම කතාව තේරෙයි...
මෙව්වට නඩු අහලා දඬුවම් දෙනකොට අපේ දරුවන්ගෙත් දරුවො ඉපදිලා. සමහර ඇත්තන්ට හොඳයි හම්බකරගෙන කන්න. උසාවි නම් ඇරෙනවා දේශපාලන නඩු කතා කරන්න...
නායක හාමුදුරුවනේ, පෙනෙනවාද ඔහෙලා පාර්ලිමේන්තුවට වඩම්මා ගත්ත අර ඇමැතිලාගේ කට්ටිය කරන වැඩ.