IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාස්කු ඉරිදා ප්‍රහාරය මා දැනගත්තෙත් වෙබ් එකෙන්

(●● - සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සමහරුන් හුවමාරු කරගෙන තිබූ බුද්ධි තොරතුරු තමාට දැනගන්නට ලැබුණේ ඒ ප්‍රහාරයෙන් පසුව විවිධ සමාජ මාධ්‍යවලින් යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය.

එවැනි වටිනා තොරතුරක් යුද හමුදාපතිවරයා හැටියට තමාට නොදැන්වීම ගැන කනගාටුවන බව කී සේනානායක මහතා එම තොරතුරු ලැබුණා නම් ස්ථිරයෙන්ම තමා ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ කාරණය සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත් තමා පමණක් නොව යුද හමුදාවේ වෙනත් කිසිදු නිලධාරියෙකු හෝ ඒ තොරතුරු ගැන දැනුම්වත්ව නොසිටි බව ඉන් තහවුරු වූ බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක මණ්ඩලයේ දී කතා කළ යුතු සමහර දේවල් එම මණ්ඩලයේ රැස්වීම්වලට පිටස්තර අය පැමිණීම නිසා කතා කිරීමට නොහැකිවුණු බව කී යුද හමුදාපතිවරයා සමහර කරුණු තමා කථා කළේ ඒ පිටස්තර අය පිටව ගියාට පසුව බවද සඳහන් කළේය.

ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගිවීම අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන්නේ රාජ්‍යය නොවන බවත් ඔහු කියා සිටියේය.

ජාතික බුද්ධි ප්‍රධානියාට නිශ්චිත බලයක් නොතිබූ බව කී යුද හමුදාපතිවරයා ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය හා යුද හමුදාව අතර පසුගිය කාලයේදී පැහැදිලි අවිශ්වාසයක් ගොඩනැගී තිබූ බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (20)

පාස්කු ඉරිදා ප්‍රහාරය මා දැනගත්තෙත් වෙබ් එකෙන්

tarzan Thursday, 01 August 2019 07:04 AM

දැන් බලාගෙන ගියාම මේක රටක් නෙමේනේ... මුස්ලිම් අය එහෙනම් ඒ ගොල්ලොම බුද්ධි අංශ හදාගෙන මේ ප්‍රහාර වළක්වන්න කටයුතු කළ යුතුයි කියලද හැමෝම කියන්නේ...?

:       3       172

සමන්Thursday, 01 August 2019 08:50 AM

බදුර්දීන්ගේ කෝල් කතාව වෙනස් කළාට පස්සේ ඔබ ගැන සැකයි. ඔබත් දේශපාලන අධිකාරියට බයයි වගේ...

:       9       617

jana Thursday, 01 August 2019 07:05 AM

මේ ගොල්ලොත් මෙහෙම කියනවා නම් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටයි.

:       1       119

Perera Thursday, 01 August 2019 07:07 AM

මෙයා අැත්තමයි කියන්නේ. මෙයාට බලපෑම් කරේ නෑ කියලත් කිව්වනේ...

:       1       24

Hafeel Thursday, 01 August 2019 07:44 AM

මෙතුමා කියනවා වගේ ආරක්ෂක මණ්ඩලයට පිටස්තර අය පැමිණීම ඉතා අනතුරුදායකයි. එදා එක්තරා මාධ්‍යයක පළවුණා අසාද් සාලිත්, ජනාධිපති නියෝගයෙන් ආරක්ෂක මණ්ඩලයට සහභාගි වුණා කියලා... මෙච්චර අඩුපාඩු සිදුවෙලත්, මේ ජනාධිපති නිලධාරීන්ට දොස් කියනවා නම්? හිරුණික මන්ත්‍රී කියනවා වගේ මේ ජනාධිපති කවදාවත් තමාගේ වැරැද්ද හෝ වගකීම් බාරගන්නේ නැහැ.

:       363       522

sampath Thursday, 01 August 2019 08:01 AM

අපි මේ කතාවල් අහන් ඉන්න තරම් පව්කාරයෝ වුණානේ.. මේ රටේ සාක්ෂරතාවය 95%ට වැඩියි කියලා හැමෝම මතක තියාගෙන වැඩ කරනවා නම් හොඳයි..

:       0       51

lambat Thursday, 01 August 2019 11:52 AM

අකුරු දැනගත්තට වැඩක් නැහැ. වචනෙක තේරුම දන්නේ නැතුව. අපේ රටේ බහුතරය අකුරු නම් දන්නවා ..

:       0       0

ගල්කටස් Thursday, 01 August 2019 08:04 AM

දැන්වූයේ නැහැ කියලා අැඟ බේරගන්න බැහැ. ඔබතුමා හමුදාපති.. ඉතින් වගකීම තමයි ඔව්වා සොයා ගැනීම. නැතිනම් 2 පන්තියේ ළමයෙකුට දෙන්න...

:       18       503

Habeeb Thursday, 01 August 2019 08:08 AM

වෙබ් එකට ඉස්සෙල්ලා පත්තරෙන් දැනගන්න තිබුණනේ.

:       0       45

සේන Thursday, 01 August 2019 08:11 AM

වගකිවයුතු නිලධාරීන් පැත්තකින් තියලා අන්තවාදීන් එකතුවෙලා විහිළු කරනවා මාධ්‍ය ඉදිරිපිට... මේ නිවට දේශපාලන අධිකාරිය රටම වැනසුවා...

:       3       152

chandima.d.n Thursday, 01 August 2019 08:12 AM

හමුදා බුද්ධි අංශයක් නැද්ද?

:       0       304

Bamunuarachchi Thursday, 01 August 2019 08:18 AM

ආණ්ඩු දෙකේ රට ආරක්ෂා කිරීමේ වෙනස තේරුම් ගෙන සිංහලයනි ඒකරාශී වෙයල්ලා. මේ රජය යටතේ සිංහලයාට කිසිම ආරක්ෂාවක් නැත. අාත්මාරක්ෂාවට කඩුෆයිට් ඉගෙනගනිල්ලා. ලංගම තිබෙන කම්මලෙන් කඩු තෝමර හෙළි පලිහවල් සාදා ගනිල්ලා, අංගම්පොර ඉගෙන ගනිල්ලා. ඔය එකක්වත් බැරි නම් මුස්ලිම් වෙයල්ලා. කොහොමද 62 සනීපයිද?

:       524       356

athuraFriday, 02 August 2019 04:24 AM

රාජපක්ෂලාට කඩේ යන කෙනෙක් බව් බව් ගානවා.

:       1       0

BamunuarachchiFriday, 02 August 2019 04:47 PM

ඇත්ත කියනකොට ඉවසා ගන්න බැරිව කැලේ ඉඳන් හූ කියනවා වගේ...

:       0       0

BamunuarachchiSaturday, 03 August 2019 11:50 AM

62ක ගොයියෙක් මෙතැන හූ කියනවා වගේ ඇහෙනවා.

:       0       0

චුටි පුතා Thursday, 01 August 2019 08:41 AM

ඔය මුස්ලිම් ප්‍රශ්න ගැන කතා බහ ඇති වුණේ අද, ඊයේ නෙමෙයි. මට මතකයි ඥාණසාර හාමුදුරුවෝ තව සිංහලේ වගේ සංවිධාන අනන්තවත් ඕවා ගැන කතා කළා. ඒ කාලේ කළේ ඒවාට හැමෝම චෝදනා කළ එක විතරයි. අපි වුනත් සාමාන්‍ය මිනිස්සු හැටියට හිතුවේ නැති ප්‍රශ්න ඇති කරන්න යනවා. එහෙම දේවල් නැහැ කියලා. එ්ත් මම හිතන්නේ බුද්ධි අංශ කරන්න ඕනේ අපි වගේ... ඒවා නිකන්ම අහක දාන එක නෙමෙයි. බුද්ධි අංශවලට හැම තොරතුරක්ම වැදගත් විය යුතුයි. එ්ක මොන ක්‍රමේකින් ආවත්, එයාලා කරන්න ඕනේ ඒවා ගැන සොයාබලා කටයුතු කිරීමයි. කවුරු හරි අත ළඟට ගේනකන් බලා නොසිට...

:       82       666

ranjith Thursday, 01 August 2019 12:04 PM

කෝ මේ රටේ නායකයෙක්...? නායකයෙක් නැතිරටක් බවට අද රට පත්වෙලා.

:       0       0

Chanak los angeles Friday, 02 August 2019 05:44 AM

ඕක දෙන්නකෝ ළමයෙකුට...?

:       0       0

සුරංග Friday, 02 August 2019 01:44 PM

හරි හරි මහත්තයෝ මැරුණු උදවිය මැරුණා නොවේ. සියදිවි හානිකර ගත්තා. ප්‍රශ්නය ඉවරයි...

:       0       0

Bamunuarachchi Friday, 02 August 2019 04:56 PM

සිද්ධිය වෙච්ච ගමන් අපි දැනගත්තේ sms වලින්. ඒ කියන්නේ අපේ තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාලය බලවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 353 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site