(●● - සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සමහරුන් හුවමාරු කරගෙන තිබූ බුද්ධි තොරතුරු තමාට දැනගන්නට ලැබුණේ ඒ ප්‍රහාරයෙන් පසුව විවිධ සමාජ මාධ්‍යවලින් යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය.
එවැනි වටිනා තොරතුරක් යුද හමුදාපතිවරයා හැටියට තමාට නොදැන්වීම ගැන කනගාටුවන බව කී සේනානායක මහතා එම තොරතුරු ලැබුණා නම් ස්ථිරයෙන්ම තමා ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ කාරණය සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත් තමා පමණක් නොව යුද හමුදාවේ වෙනත් කිසිදු නිලධාරියෙකු හෝ ඒ තොරතුරු ගැන දැනුම්වත්ව නොසිටි බව ඉන් තහවුරු වූ බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලයේ දී කතා කළ යුතු සමහර දේවල් එම මණ්ඩලයේ රැස්වීම්වලට පිටස්තර අය පැමිණීම නිසා කතා කිරීමට නොහැකිවුණු බව කී යුද හමුදාපතිවරයා සමහර කරුණු තමා කථා කළේ ඒ පිටස්තර අය පිටව ගියාට පසුව බවද සඳහන් කළේය.
ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගිවීම අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන්නේ රාජ්‍යය නොවන බවත් ඔහු කියා සිටියේය.
ජාතික බුද්ධි ප්‍රධානියාට නිශ්චිත බලයක් නොතිබූ බව කී යුද හමුදාපතිවරයා ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය හා යුද හමුදාව අතර පසුගිය කාලයේදී පැහැදිලි අවිශ්වාසයක් ගොඩනැගී තිබූ බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලාගෙන ගියාම මේක රටක් නෙමේනේ... මුස්ලිම් අය එහෙනම් ඒ ගොල්ලොම බුද්ධි අංශ හදාගෙන මේ ප්‍රහාර වළක්වන්න කටයුතු කළ යුතුයි කියලද හැමෝම කියන්නේ...?
මේ ගොල්ලොත් මෙහෙම කියනවා නම් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටයි.
මෙයා අැත්තමයි කියන්නේ. මෙයාට බලපෑම් කරේ නෑ කියලත් කිව්වනේ...
මෙතුමා කියනවා වගේ ආරක්ෂක මණ්ඩලයට පිටස්තර අය පැමිණීම ඉතා අනතුරුදායකයි. එදා එක්තරා මාධ්‍යයක පළවුණා අසාද් සාලිත්, ජනාධිපති නියෝගයෙන් ආරක්ෂක මණ්ඩලයට සහභාගි වුණා කියලා... මෙච්චර අඩුපාඩු සිදුවෙලත්, මේ ජනාධිපති නිලධාරීන්ට දොස් කියනවා නම්? හිරුණික මන්ත්‍රී කියනවා වගේ මේ ජනාධිපති කවදාවත් තමාගේ වැරැද්ද හෝ වගකීම් බාරගන්නේ නැහැ.
අපි මේ කතාවල් අහන් ඉන්න තරම් පව්කාරයෝ වුණානේ.. මේ රටේ සාක්ෂරතාවය 95%ට වැඩියි කියලා හැමෝම මතක තියාගෙන වැඩ කරනවා නම් හොඳයි..
දැන්වූයේ නැහැ කියලා අැඟ බේරගන්න බැහැ. ඔබතුමා හමුදාපති.. ඉතින් වගකීම තමයි ඔව්වා සොයා ගැනීම. නැතිනම් 2 පන්තියේ ළමයෙකුට දෙන්න...
වෙබ් එකට ඉස්සෙල්ලා පත්තරෙන් දැනගන්න තිබුණනේ.
වගකිවයුතු නිලධාරීන් පැත්තකින් තියලා අන්තවාදීන් එකතුවෙලා විහිළු කරනවා මාධ්‍ය ඉදිරිපිට... මේ නිවට දේශපාලන අධිකාරිය රටම වැනසුවා...
හමුදා බුද්ධි අංශයක් නැද්ද?
ආණ්ඩු දෙකේ රට ආරක්ෂා කිරීමේ වෙනස තේරුම් ගෙන සිංහලයනි ඒකරාශී වෙයල්ලා. මේ රජය යටතේ සිංහලයාට කිසිම ආරක්ෂාවක් නැත. අාත්මාරක්ෂාවට කඩුෆයිට් ඉගෙනගනිල්ලා. ලංගම තිබෙන කම්මලෙන් කඩු තෝමර හෙළි පලිහවල් සාදා ගනිල්ලා, අංගම්පොර ඉගෙන ගනිල්ලා. ඔය එකක්වත් බැරි නම් මුස්ලිම් වෙයල්ලා. කොහොමද 62 සනීපයිද?
ඔය මුස්ලිම් ප්‍රශ්න ගැන කතා බහ ඇති වුණේ අද, ඊයේ නෙමෙයි. මට මතකයි ඥාණසාර හාමුදුරුවෝ තව සිංහලේ වගේ සංවිධාන අනන්තවත් ඕවා ගැන කතා කළා. ඒ කාලේ කළේ ඒවාට හැමෝම චෝදනා කළ එක විතරයි. අපි වුනත් සාමාන්‍ය මිනිස්සු හැටියට හිතුවේ නැති ප්‍රශ්න ඇති කරන්න යනවා. එහෙම දේවල් නැහැ කියලා. එ්ත් මම හිතන්නේ බුද්ධි අංශ කරන්න ඕනේ අපි වගේ... ඒවා නිකන්ම අහක දාන එක නෙමෙයි. බුද්ධි අංශවලට හැම තොරතුරක්ම වැදගත් විය යුතුයි. එ්ක මොන ක්‍රමේකින් ආවත්, එයාලා කරන්න ඕනේ ඒවා ගැන සොයාබලා කටයුතු කිරීමයි. කවුරු හරි අත ළඟට ගේනකන් බලා නොසිට...
කෝ මේ රටේ නායකයෙක්...? නායකයෙක් නැතිරටක් බවට අද රට පත්වෙලා.
ඕක දෙන්නකෝ ළමයෙකුට...?
හරි හරි මහත්තයෝ මැරුණු උදවිය මැරුණා නොවේ. සියදිවි හානිකර ගත්තා. ප්‍රශ්නය ඉවරයි...
සිද්ධිය වෙච්ච ගමන් අපි දැනගත්තේ sms වලින්. ඒ කියන්නේ අපේ තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාලය බලවත්...