(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ සංඛ්‍යාව අද (4 ) පස්වරුව වන විට 11 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස විස්සකට අධික බව පොලිසිය කියයි.
කසිප්පු පානයෙන් පසුව මෙම පිරිස වමනය පාචනය ඇස් දැවිල්ල ඇස් නොපෙනීම ආදි රෝග ලක්ෂණ ඇතිවී මෙන් පසුව රෝහල් ගත කර ඇත. එක් අයකු වත්තෙමුල්ල ප්‍රදේශයේ ඉඩමක වැටී මරණයට පත්ව සිටි අතර උඩුඋල්ල ප්‍රදේශයේ නිවසක තිබි තවත් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත.
මියගිය අයගේ ශරීර අභ්‍යන්ත කොටස්රස පරීකෂ වෙත යැවීමටද පියවර ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය ජීවිතයක් නැති වෙනවාට අප සතුටු වනවා නොව.. නමුත් මේ මිනිසුන් තමන් පානය කරන්නේ ලෝදිය බව දැන දැන මේවා භාවිතා කළා නොවේද? රජයේ රෝහල්වලට රජයෙන්ම නීතියක් ගෙන එන්නේ නම් මත්පැන් භාවිතය නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීමේදී එම රෝගියාගෙන් ඒ වෙනුවෙන් වැයවන සියලුම මුදල් ශතයක්වත් අඩු නැතිව අයකර ගැනීම කළ යුතු බවට. මොකද මේ ඔබේ අපේ බදු මුදල්වලින් මෙවන් බේබද්දන්ට ප්‍රතිකාර කිරීම කරන්නේ... මේ මිනිසුන්ගේ අඹුදරුවන් මොන තරම් දුක් කන්දරාවක් විඳිනවද? කට ගොන්නක් බීගෙන ගෙදර එන තම සැමියා, තම පියාගෙන් වෙන හිරිහැර නිසා... බාර් කාරයන්ද මෙය හිතට ගනිව්... මුදල් හම්බකර ගැනීමේ පරම අභිලාෂයෙන් විකුණන මත්පැන් බින්දුවක් බින්දුවක් ගානේ අඹුදරුවනුත් එ් මහා පාප කර්මයට සම්බන්ධ වන බවට. එපමණක් නොවේ, බාර්වලට නිකුත් කරන බලපත්‍ර දෙන නිවට දේශපාලකයිනුත් දැනගනිව් ඒ පාප කර්මවලට නුඹලාගේ අඹුදරුවනුත් වන්දිගෙවන බවට.. දියවන්නා ඔයේ හැලිවදුරන් 225 ටම මෙය කියවීමට හැකිවේවා!!!!
එතනෝල් - බීමට සුදුසුයි (සාමාන්‍ය අරක්කු) C2H5OH මෙතනොල් - බ්වුවොත් ඇස් අන්ධ වෙනවා CH3OH ප්‍රොපනෝල් බ්ව්වොත් මැරෙනවා... C3H7OH කසිප්පු වල ඔය තුනම තියනවා... ඊට අමතර තව ගොඩක් දේවල් තියනවා...
පල්ලෙවෙල දුම්රිය ස්ථානයට අඩි 300ක් දුරිනුයි.., මේ තිප්පොල තියෙන්නේ. අපේ සීයා කෙනෙක් බේරුණේ 99න් ...
නෝර්මල් බියර් බඩට දාගත්තොත් ඉක්මණින් විස සාන්ද්‍රණය අඩුකරගත හැකි විහිළුවක් නෙමේ. ඇත්තක් එතන ලෙඩ්ඩු තව බේර ගත්තහැකි මෙතනෝල්, ප්‍රොපනෝල්, බියුටනෝල් සාන්ද්‍රණය බියර් බඩට දැමීමෙන් අඩුකර ගත හැක. ඉක්මණට කට්ටිය බේර ගන්න..
රටේ සෑම පෙරන තැනකටම ඉක්මනට දන්වන්න. මුල්ම ටික විසි කරන්න හා මිනිස්සුන්ට පෙර වතුර නොදුන් කුකුලෙක්ට, බල්ලෙක්ට, පුසෙක්ට බොන්න දීලා සතා නිරීක්ෂණය කරන්න කියන්න පැය 6ක් වත්... සතා මැරුණොත් විස ඇති...
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පින්වතුනි..
මට මතකයි අවුරුදු කීපයකට කලින් දෙල්ගොඩ පැත්තෙත් ඔය විදිහටම 15ක් විතර මැරුණා.
නීතියානුකූල මත්වතුර මිල වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු මේ වගේ කසිප්පු වැනි දේවලට පුරුදුවෙනවා. ආන්ඩු නොහිතන පැති තියෙනවා. සමහර රැකියා වලට අනුව පියවි සිහියෙන් වැඩ කරන්න බැරි තැන් තියෙනවා. ඉතින් එවෙනි දේවල් ගැන රජය සිතන්න ඕන. ගලී වලවල් සුද්ද කරන, එම්බාම් කරන, කුනුගොඩවල් එකතුකරන, නාට්ටාමිවරු වගේ සාමන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි රැකියා උදාහරණයක.
මීට අවුරුදු 8-9 විතර ඉස්සර වැලිවේරියේ මේ වගේම දෙයක් වුනා. අන්ධ වුන කීප දෙනෙක් අදටත් රටටත් ගෙවල් වලටත් මහා බරක් වෙමින් ඉන්නවා. 15ක් විතර මියගියා. කසිප්පු නීතිගත කරන්න ඕනේ කියපු ඇමතියෙකුත් ඉස්සර වෙන්නපුවේ හිටිය.
තව තවත් අරක්කු මිළ වැඩි කිරීමෙන් මෙවැනි අනර්ථකාරී පානයන්ට මිනිසුන් යොමුවේ.
මිනිස්සු කස්සිප්පු බොන්න පුරුදුවෙලා තිබෙන්නේ , රජයෙන් අරක්කු වලට ගහන විශාල බද්ද නිසා අරක්කු බොන්න මුදල් නැතිකම නිසා , සල්ලි තිබෙන පුද්ගලයට කිසිම ප්‍රශනයක් නැතුව බාර් එකට ගිහින් ඕල්ඩ් අරක් හෝ බ්‍රැන්ඩි බෝතලයක් අරන් බොන්න පුළුවන් , දුප්පතා බොන කස්සිප්පු වස වෙන්න පුළුවන් , හරිම අසාධාරණයක් , ලංකාවේ මත්පැන් නවත්වන්න ඕනේ නම් අර සෞදියේ වගේ මත්පැන් තහනම් කරන්න , එහෙම නැත්නම් අරක්කු වලට ගහන බදු අඩුකර , දුප්පතත් බොන්න පුළුවන් මිලකට ඒවා අලෙවි කරන්න.
මේවගේ සිද්දි වලට බදු මුදල් හා නිලධාරීන්ගේ කාලය කාදමන එක අපරාදේ. කසිප්පු බීලා කොහොමත් මැරෙනවා. මෙතන වෙලා තියෙන්නේ ඒක ඉක්මන් කරපු ඒක. දැන් ඒ පළාතේ කසිප්පු බොන ඒක ටිකක් පාලනය වෙලා ඇති. හැබැයි තාවකාලිකව .
ඔය කසිප්පු කඩය වටල්ලන්න රතන හිමි, ගලගොඩඅත්තේ හිමි ආවේ නැත්තේ... ඕක සිංහල කෙනෙක්ගේ නිසාද?
කාලා, බීලා ජීවත් වෙන්න පින තියනවා නම්, කසිප්පු බොන්න ඕනෑ නැහැ. ලෝකයේ ඕනෑතරම් වටිනා මත්පැන් වර්ග තිබෙනවා. සාමාන්‍ය මිනිසාටත් මිලදී ගත හැකි ලංකාවේ කසිප්පු වලටත් වඩා මිලෙන් අඩු. ඒවා එක්තරා ප්‍රමාණයකට අනුව පාවිච්චි කළාම මිනිස් සිරුරට එතරම් අහිතකර නැහැ. කිසිදු අහරක් නොගෙනම කටට හලා ගන්නා විෂ රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන කසිප්පු පානය කළාම දුක් විඳ, මියැදෙන්න සිදුවෙන බවට ජනතාව දැනුවත් කළ යුතුයි. මේවා පාසලෙන් පටන් ගත යුතු දේවල්. ඒ වගේම බෝතලයේ ලේබල් එක බලා තමන් උසස් සමාජ පන්තියකට අයත් යයි ලොවට ප්‍රදර්ශනය කිරීමට, සිරි ලංකාවේ නිෂ්පාදිත, බ්ලැක් ලේබල් විස්කි පානය කරන අපේ සහෘදයින්ටත් කිව යුතුව ඇත්තේ, ඒවාත් කසිප්පු වලට නොදෙවෙනි නොවන බවයි. මගේ මතය අනුව නම්, මෙරට මත්පැන් නිෂ්පාදනය තහනම් කොට, විදේශ රටවලින් පමණක් ආනයනය කළයුතු බවයි.
බුදුන් වහන්සේ වදාළ ආකාරයට සුරාවෙන් තොර වුණානම් ඔය ජීවිතත් අද අපි අතර...