(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් අද (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හා තවත් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙන බව දැනගන්නට ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් පසුව මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණැයි පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. ඔය දෙන්නම එක්කෙනාට එක්කෙනෙක් හොරෙන් තනියෙම රජවෙන්න තමයි දඟලන්නේ. ඕකෙන් මේකෙන් වෙන්නේ අහක ඉන්න අශ්වයෙක් රේස් එක දිනන එකයි. ඊට පස්සේ ඒගොල්ලෝ පරණ අඩුපාඩු නියමෙට හරිගස්සගෙන ඒකාධිපති වාදය කියන්නේ මොකද්ද කියල හොඳට පෙන්නලා දෙවි.
අවුරුදු 70 වක් අප රට පස්සට ගියා මිස ඉස්සහරට ගියේ නැහැ. දේශපාලුවෝ ලොකු පෝසතුන් වුණා මුල් අවදියේ සිටපු දේශපාලනය කල මහත්වරුන්ට මෙය අදාල නැත. රට ජනතාව දුප්පතුන් වුණා
හැංගී හැංගී වෙස්මුහුණු බැන්දාට ඕගොල්ලෝ නටන්නේ එලියෙනේ.
මොනවා කලත් දැන්නම් පලක් නැත.
කුමන දෙයක් සාකච්චා කලත් කුමන අපේක්ෂකයා දැම්මත් මහජනතාව වන අප මේ අශිෂ්ට දේශපාලන ක්‍රමය සහ එය ක්‍රියාත්මක කරන දේශපාලුවන් ගැන ඉතා කලකිරීමෙන් ඉන්නේ. අපට විකල්පයක් අවශ්‍යමයි මේ රට මේ අගාදයෙන් ගොඩනැනීම සඳහා. බුද්ධිමත්, උගත්, රට ආගම කෙරෙහි ගෞරව කරන, දේශ හිතෛෂී පුළුල් දැක්මක් සහිත නායකයින් අවශ්‍ය කාලයයි මේ. අප දේශපාලන පක්ෂ වලට වහලුන් ලෙස ක්‍රියා කල කාලය අවසන්කර, සුදුසු පුද්ගලයින් සොයා නායකත්වයට පත්කරගත යුතුයි.
මොනවා කලත් දැන් තව කෙනෙකුට ඉඩ දෙන්න කාලේ හොඳයි.
අපිනම් නාගානන්ද මහත්තයට, නැත්නම් ගලගොඩ අත්තේ හාමුදුරුවන්ට.
ඔයගොල්ලෝ මොනවා කලත් ජනතාව හොදින් අවබෝධ කරගෙන්න ඉන්නේ ඔයාලා ගැන. ලංකාවේ දුෂණ, මිනීමැරුම් , ජාතිවාදී කලබල , ඔයගොල්ලන් වග කියන්න ඕනි.
ගොඩනැනීම සඳහා. බුද්ධිමත්, උගත්, රට ආගම කෙරෙහි ගෞරව කරන, දේශ හිතෛෂී පුළුල් දැක්මක් සහිත නායකයින් අවශ්‍ය කාලයයි...!!!] මේ කාලයේ එහෙම අය හොයන එක කළුනික හොයනවටත් වඩා දුෂ්කර කාර්යයක් බව අපට වැටහී බොහෝ කලක් වෙනවා...!!! අපේ රටට නිදහස ලබාගැනීමට පෙරමුණ ගත් පැරණි නායකයන් ගැන අපට විශ්වාසයක් භක්තියක් තියෙන්නෙත් ඔවුන් එම විශ්වාසය කඩ නොකර රට හදපු නිසයි...!!!
ඔය දෙන්නටම දිනන්න තරම් ජන ප්‍රසාදයක් අද නැහැ. අසරණ ජනතාව මත බදු පිට බදු පනවමින් හොයන සල්ලි වලින් තව දීපල්ලා... මැති ඇමති මන්ත්‍රී රාජ්‍ය නිලධාරීන්ට... අද බහුතරය හාමතේ...
අපි හැමෝම මිනිස්සු. කවුරු අාවත් ලංකාවේ හොරකම කරන එක්ක වළක්වන්න බැහැ. මේක අපේ අය හොඳට ඉගෙනගෙන තමයි දේශපාලනේට එන්නේ...
රනිල් ජනාධිපති, සජිත් අගමැති සාකච්ඡාවටද?
රනිල් ජනපති, සජිත් අගමැති සංකල්පය හොඳයි වගේ... ජවසම්පන්න පුද්ගලයන් ඕනේ අගමැතිකමට. බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වගේම පලපුරුදු ජ්‍යෙෂ්ඨ නායකයෙක් ජනපති විය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ... අගමැති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂය දරන මත ගැටුමට ඉඩ සලසමින් සම්ප්‍රයුක්ත මතය මතුකර ගැනීමට උපේක්ෂා සහගතව ක්‍රියකල යුතු අතර වැඩි බලතල අනවශ්‍ය ජනපතිට මුළු පාර්ලිමේන්තුවම ගරුකරන, ජනපතිත් පාර්ලිමේන්තුවට ගරුකළයුතු හා වගකිවයුතු සියලු අන්තවාදයන් හා ඒකාධිපති වාදය පිටුදකින එකම නීතියක් යටතේ පාලනය වන තනිරටක් හදාගැනීමට ක්‍රියා කළයුතුයි කියලයි මට හිතෙන්නේ...
අර අවබෝධතා ගිවිසුම ගැන අගමුල සේරම කියන්න ඇති නේද? පැරදුණොත් අනික් පැත්තට යවන්න වෙනවනේ කට්ටියකුත් එක්කලා මුක්කුවක් දෙන්න.