ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරිණි.
පොදුජන පෙරමුණු සමුළුව ආරම්භයේදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මතාවිසින් පක්ෂයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගේ නම යෝජනා කළේය.
අනතුරුව සභාවේ ඒකමතිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය බාර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාවද දන්නේ නෑ ගොනාට අන්දන්න හදන්නේ? මල්ලි පොහොට්ටු ගහනකොටම අපි නම් දන්නවා අායෙත් මාෆියාව හැරෙන්නේ රට කන්න කියලා.
පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය අරගත්තේ නැහැ කියල නේද අර දවස් 52 කාලයේ කිවේ. මෙච්චර කාලයක් හැංගි හැංගි නැටුවා. බලමු දැන් සාමාජිකත්වය තියෙන පක්ෂයේ කට්ටිය කරන්නේ මොකද්ද කියල?. අපටනම් ආරංචි ඒ පක්ෂයේ සභාපතිවරයාත් ගෝඨාභයට සහාය දෙන බව අද හෙටම ප්‍රකාශ කරනවා කියලයි.
රාජපක්ෂ පවුල් පෙරමුණ කියලා නම දාගත්තා නියමෙට ගැලපෙනවා. අනිත් අයට හුළං...!
සුපිරියි !! නියමයි !! ජය නියතයි !!
ඔන්න පුතේ සංදර්ශන... හැමදාම ලඟින් හිටපු මිනිස්සු ටික සතුටු කරපු එක විතරක් වුණාට මේවගේ දේවල් කරන්නේ කොහොමද කියන එක ඉල්ලන්නත් කලින් ආර්යාව වෙලා ඉන්න කවුරු කවුරුත් බලා කියා ගත්තොත් හොඳයි.. බැරිවෙලාවත් දිනුවොත් වෙනදේ වෙන කතාවක්..
දැන් පස්සේ එල්ලිලා අායෙත් අනික් හොරු එළියට එයි. අවුරුදු 70 ගණනක් තිස්සේ සේරම එකතුවෙලා රට කනවා. අපේ මිනිස්සු තමයි රැවටෙන්නේ. අලුත් නායකත්වයක් අපිම හදා ගත්තේ. නැතිනම් ආයේම කවදාවත් අපේ පණ තියෙනකම් මේ රට හදන්න බැරි බව දැනගන්න.
2015 නතර වුනේ මැදමුලනේ ජනෙල් පොල්ලේ එල්ලිලා. මේපාර බෙල්ලේ වැලදාගන්න තමයි වෙන්නේ. සියළු රටවැසියනි, රට, ජාතිය මංකොල්ල කාරයින්ගෙන් බේරාගැනීමට නාගානන්ද කොඩිතුවක්කු මහතා දිනවමු.
සිරිසේන මහතා ආවානම් මීට වඩා ඡන්ද ප්‍රමාණයක් ගන්න තිබ්බා.
මෙයාට ඕනෑ නායකකම විතරයි. පක්ෂය රැකගන්න අවශ්‍ය නැහැ. මෛත්‍රීගෙන් ඉල්ලුවා නැවත නායකකම ලැබුනේ නැහැනේ... පොහොට්ටුවක් හදාගත්තා. දැන් මණ්ඩලේ කචල්, සුමනදාස නැති පොහොට්ටුව, පරිප්පු නැති හෝටලේ වගේ... පාලුවට ගිහින්
ඔන්න සාටක ඒ පාර පොහොට්ටුවේලු. තව සැරයක් කියනවා නිදහස් පක්ෂයෙලු. අායිමත් කියනවා පක්ෂ දෙකේමලු. දැන් ඉන්නේ උතුර දකුණ මාරුවෙලා.
කොහොමත් පොහොට්ටුවේ තීරණය ගන්නේ මෙයා බව කව්රුත් දන්නවා. උත්සව තියලා නායක කම ගන්න වෙන්න ඇති ආස. කොහොම නමුත් ලක්ෂ 62 පාවල දුන්නු සිරිසේනට රිදෙන්නම දීපු එකට සන්තෝසයි.
එහෙනම් මහිදට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම තවදුරටත් සිටිය නොහැකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් නොවේ වහාම විපක්ෂ නායක දුරය වෙනත් පක්ෂයකට ලබාදෙන්න අගමැති හා කතානායක පියවර ගත යුතුය
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වේ. ඒ මොහොතේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නේ කොහොමද? එතකොට මන්ත්‍රීකමක් නැතිව විරුද්ධ පක්ෂයේ නායක වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමනි...
ගෝඨාම නායකයා වුණා නම් තමයි ලස්සන.. එයාට රට කරන කොට මහින්ද ඇඟිලි නොගහ හිටියොත් තමයි හොඳ...
මහින්ද මහත්තයා පොහොට්ටුවේ නායකයා වෙද්දී මහා ලේකම්තුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙනවනේ... එතකොට මන්ත්‍රීකමයි, විරුද්ධ පක්ෂේ නායකකමයි අහෝසි වෙනවානේද? තීන්දුව ඔබතුමා සතුයි.
සිරිසේන පස්සේ තේරුම් ගත්තේ මේ ගොබ්බයයන් 62 වෙනස් කලේ නැතිනම් රට අගාධයේ කියලා. හලෝ ඔය පම්පෝරිය නැතිව කියන්නකෝ මේ අවුරුදු 5ට තුම්සේලගේ ආණ්ඩුව මෙරටට මොනවද කලේ කියලා? මම කියන්නම් අවුරුදු 5ක් ඇතුළත රාජපක්ෂවරු රටට කරපුවා. 1. තුම්සේලගේ නායකයෝම වෙඩි කකා මැරෙන ත්‍රස්තවාදය නැවැත්තුවා. 2.3.4.5... බොහොමයි.