(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ.
තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති මෙම ජේලර්වරයා අද සවස සේවය නිමවා පැමිණ අම්බලන්ගොඩ දුම්රිය පලෙන් බැස යතුරු පැදියෙන් තම නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් කුලීගොඩ හංදියේදි වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර පලාගොස් තිබේ.
ජේලර්වරයාගේ සිරුර බලපිටිය රෝහලට ගෙනගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයට ඉන්න හිතෙන රටක්...
මරණ දණ්ඩනය අපේ රටට සුදුසුද නැද්ද? කුඩුකාරයන් හතුපිපිලා වගේ.
බන්ධනාගාරගතව ඉන්න පාතාලයන්, කුඩ්ඩන් පාලනයට රජය සුදුසු පියවර නොගැනීම නිසා මෙවැනි දේ සිදුවීම වැළකිය නොහැකිය. නිලධාරීන්ට පමණක් වරද පැටවීම සුදුසු නොවේ.
එල්ලුම්ගහ එහෙම අහෝසි කරලා තවතව මොවුන්ට හිරගෙදර ඉඳන් බිස්නස් කරන ගමන් සුරසැප දෙන්න නීති... එක්සත් ජාතික පක්ෂයට ජයවේවා..!!!
රටේ නීතිය පණ නැතිකොට අපරාධකාරයින්ගේ බය තුරන් වී ඇති බවට හොඳම සාක්කියක්...
නිවන් සුව පතමු මෙවන් අකල් මරණ නොවෙන්නට...
එල්ලුම් ගහ තිබූ තැන තියෙන්න නොහැර මහපාරට ගෙනා දේශපාලකයින්ට සාපවේවා...!
කෝ නීතිය?
මරණ දඬුවම අහෝසි කිරීමේ පනතට පක්ෂව ඡන්දය දෙන කට්ටිය ඊට කලින් මේ මරණයට හේතුව සොයන්න.
නිවන් සුව ලැබේවා...!!!
වැලිකඩ ඉන්න ජේලර්ලගෙන් 95%ම කරන්නේ පාතාලයට උදව් උපකාර කරන එක...
බය වෙන්න එපා. ළඟදීම කොමිටියක් පත්කරලා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරනවා වැරදිකාරයෝ සොයන්න.
කලින්ම වැඩ පටන් අරගෙන...
නාඳුනන තුවක්කුකරුවන් ආයෙත් මතු වෙලාද?
අපි කවුරුත් දන්නා රහසක් තමයි මත්ද්‍රව්‍ය මැරකම් හා බොහෝ භයානක දේ හසුරුවන්නේ බන්ධනාගාරයේ සිටින්නන් බවයි. එසේ නම් මේ දුෂිත වූ රට ගොඩ ගැනීමට එල්ලුම් ගස අනිවාර්ය කළ යුතුවේ. රටට වින කරන, රට වනසන කවදාවත් හැදෙන්නේ නැති, හදන්න බැරි වුන් නසා දැමීම රටට කරන පිනකි.
මදුෂ්ට ඇතුළේදී හරියට සලකලා නැති හින්දා වෙන්න පුළුවන්... කොලොම්බියාවේ එස්කෝබාර් ඉන්නකොට වුණු දේවල් අවුරුදු 35කට පස්සේ දැන් ඒ විදියටම ලංකාවේ වෙනවා...
සමහර කාලකණ්ණි දේශපාලකයන් මරණ දඬුවම නතර කරන්න පනත් ගේන්න දඟලනවා...!
මරණිය දණ්ඩනය තහනම් කරනු... ඒක නම් ඉහළින් පාර්ලිමේන්තුව ඉටුකරනවා. අපරාධ දිරිගැන්වීමට වෙන්න ඇති...
හිරේ ඉන්න පාතාලයන් ජංගම දුරකථන භාවිතා කර අයථා ක්‍රමමගින් කෝටි ගණන් මුදල් උපයමින්, සමාජය තලා පෙළා දමනවා. මේවා සිදුවෙන්නේ බන්ධනාගාර නිලධාරීන් තම රාජකාරිය නිසිලෙස ඉටු නොකරන නිසා... දැන් පාතාලය බන්ධනාගාර නිලධාරීන් දඩයමත් පටන් අරන්, හුරතල් කරපු බල්ලන් තම හාම්පුතුන් සපාකන්න පටන් අරන් වගේ...