තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 09 November 2018
නිවාස ඇමැති ධුරය විමල්ට විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 November 2018
පාවිච්චි කළේ එක තුරුම්පුවයි - තව රැසක් තිබෙනවා තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත. 08 November 2018
ජනපති මෛත්‍රීපාල සමඟ වැඩකිරීමට සූදානම් : රනිල් ද හින්දු පුවත්පතට කියයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමඟ වැඩ කටයුතු කිරීමට සූදානම් බව ඔක්තෝබර් 26 වැනිදා හිටිහැටියේම බලයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 08 November 2018
තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 08 November 2018
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 07 November 2018
ජනමාධ්‍ය ජනපති යටතට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 07 November 2018
මනූෂ ඉල්ලා අස්වෙයි මනුෂ නානයක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තාවේ. 06 November 2018
‘එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු කතානායක හිටපු තැනම‘ දෙපාර්ශවයම බහුතරය පෙන්වන තුරු තමාට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 05 November 2018
පාර්ලිමේන්තුව 14 කැඳවන ගැසට් නිවේදනය නිකුත් වේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 14 වැනි දා කැඳවන බව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය අද සවස නිකුත් විය. 04 November 2018
තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති මීට සුළු වේලාවකට පෙර තවත් රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. 04 November 2018
රතන හිමිගේ සහය ආණ්ඩුවට රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 November 2018
පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 November 2018
අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය. 02 November 2018
පාර්ලිමේන්තුව 7 වැනිදා රැස්වෙයි නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 November 2018
තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ. 01 November 2018
පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන්නේ නැතැයි සුසිල් කියයි පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 01 November 2018
දුමින්ද - බැසිල් හමුවෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2018
‘ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘- නීතීපති අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ. 31 October 2018
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අලුත් ඇමතිවරු ඇතුළත් කෙරේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය. 31 October 2018
විපක්ෂ නායක අගමැති සමඟ සාකච්ඡාවක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ. 30 October 2018
අර්ජුනට ඇප කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 29 October 2018
අගමැති මහින්ද වැඩ බාරගනී නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය. 29 October 2018
සේවකයින් වර්ජනයේ-තෙල් බෙදාහැරීම නවතී ඛනිජතෙල් සේවකයින් ඉන්ධන බෙදා හැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ. 29 October 2018
ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 28 October 2018
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයට අත්සන් ගැනීම අරඹයි ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අද (28) පැවසීය. 28 October 2018
ගෝඨාභයට ආරක්ෂක ලේකම් තනතුර මීළග ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. මේ වන විට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේදී වැඩ බාරගැනීමට නියමිත බවද දැනගන්නට ඇත. 28 October 2018
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 27 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026