(ප්‍රදීප් කුමාර)
මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ පිහිටුවා ඇති කොවිලේ දේව පූජාවක් සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන මාවෙයි සේණාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දෙමළ දේශපාලඥයෝ රැසක් අද (06) සහභාගි වූහ. ඔව්හු එහිදී පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබු මෙම ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ.
දන්තධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමේදී වඩාහිඳුවන ලද ප්‍රථම විහාරස්ථානය මෙය වේ. මෙම ප්‍රදේශවල ඉපැරණි බෞද්ධ නටබුන් රැසක් අදට ද දක්නට ලැබේ.
පුරා විද්‍යා භූමියේ එවන් කටයුත්තක් කළද මෙම අවස්ථාව සදහා මුලතිව් පොලීසියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් විහාරස්ථානයට ලබා දී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු හෙළ ජන බලය පදනමේ කැඳවුම්කරු නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.
“මෙම ස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේගේ අනුමැතියකින් තොරව තමයි මේ ස්ථානයේ මේ වාගේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ පුරාවිද්‍යා ස්ථානයේ වලවල් හාරලා ගිනි පත්තු කරලා සිද්ධ කරන මේ කටයුතු වලින් හඳුනා නොගත් පුරාවස්තු වලට හානි සිද්ධවෙන්න පුලුවන්. අනෙක් කාරණය තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයා පොල්ලකින් ගහලා වත් නැගිට්ටවන්න බැරි බොරු නින්දක තමයි ඉන්නේ“
“අපි දන්නවා ටජ් මහලේ ජංගම දුරකථනයකින් ඡායාරූපයක් වත් ගන්න දෙන්නේ නෑ. එහි අලෝකයෙන් එයට හානි සිද්ධ වෙන්න පුලුවන් කියලා. නමුත් මේ ස්ථානයේ අද සිද්ධ වෙන කටයුතු පිළිබඳ ඇත්තේ දුකක්. ඒ වාගේම මුලතිව් පොලිසිය ඉතාමත් නිවට විදියට මේ ස්ථානයේ සාමය කඩ වන බව දැන දැන මේ දේවල් වලට ඉඩ හැරලා තිබෙනවා. මේක මේ අන්තවාදීන්ගේ ආක්‍රමණයක් කියලා කියන්න පුලුවන්.“ යැයි දනුවන් බැල්ලන්තුඩාව මහතා පැවසීය.
මෙම අවස්ථාවට පැමිණි දෙමළ දේශපාලන නායකයෝ සිංහල මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයක තරම .....
කවද්ද අපේ රටේ මිනිස්සු සහ පූජකයන් මේ මිථ්‍යාවන්ගෙන් නිදහස් වෙන්නේ..?
මම සිංහල ක්‍රිස්තියානි, මේවා අපේ ජාතික උරුම...
ඔය විදියට පුරාවිද්‍යාව නිසා ලංකාවේ කිසිම තැනක වලක් හෑරීය නොහැක. පීඩාකාරී යුද්ධයෙන් පසු දකුණේ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවාක් මෙන්, උතුරේ මිනිසුන්ටත් නිදහසේ ජීවත් වන්නට ඉඩ දිය යුතුයි.
වර්ගවාදී අදහස් මුල් බැහැගත් මෙවන් මිනිසුන්ගෙන් වෙන කුමක් බලාපොරොත්තු වෙමුද? උගත් පිරිස් යයි කියාගත් නිවටයිනුත් එසේ හැසිරේ නම් වෙන කුමන කතාද? එමෙන්ම නිවටයින්ට නිල ඇඳුම් ඇන්දවීමත් බරපතල වරදක් බව අදාළ "ඇමතියන්ට" මතක්කිරීමට කැමැත්තෙමු. එක අතකින් තමන්ගේ ප්‍රධානියා ලෙඩ ඇඳේ බොහොම අමාරුවෙන් ඉන්නකොට ඇයි පහළ ඉන්න හාදයින්ටත් උතුර, දකුණ නැති වෙන්නත් පුළුවන්...
මම සිංහල ක්‍රිස්තියානි... මේවා අපේ හදපත්ලෙන්ම රැකගත යුතු ජාතික උරුමයන්... මොවුන්ගේ අහංකාර උද්දච්ච ක්‍රියාව මම හෙලා දකිනවා.
තව ජූලියක ආරම්හයද? අපිත් සූදානම්.
හැමදාම පොලිස් ආරක්ෂාව මැද පූජා තියපල්ලා. අපිට සංහිඳියාවක් වුවමනා නැත..
"හෙළ ජන බලය" මෙහෙම අවස්ථාවක් දැනගත්තාම කලින් ප්‍රසිද්ධ කරන්න.. එතකොට අපි පන්සල් වඳින්න එන්නම්...
එතකොට අර යූඑන්පී එකේ බොදු උරුමය ගැන කතා කරන පුරාවිද්‍යා ඇමැති සජිත් කොහෙද දන්නේ නැහැ ඉන්නේ? රටේ ජනාධිපති වෙන්න හදන්නේ මේවට ඉඩ දීලා වෙන්න ඇති...
ලිපක් බැන්දා කියලා මොකද්ද වුණු හානිය? බොරු අවුල් ඇති කරන්නේ ඇයි?
ලක්ෂ 62 මීකුලයේ ගොන් පැටවුන්ට නම් පුදුම සතුටක් ඇත්තේ... නේද මේවා දකිද්දී?
මේ විනාශ කරන්නේ රටේ උපනූපන් පරපුරක හිමිකම් කියන රටේ ඉතිහාසය. රට කරවන නාකි ටික හෙට අනිද්දා මැරිලා යාවි. ඔවුන්ට මේවගේ අගයක් නැහැ.
සිංහල දේශපාලකයෝ වරෙල්ලකෝ අපේ ඡන්දෙ ඉල්ලා ගෙන...
නව අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමේදී එම ප්‍රදේශයේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ කැමැත්ත ලබාගත යුතුයි.
නිවට පාලකයා දැක්කම පාහරයින් රිසි සේ නටනවා. අනේ අපටත් නායකයෙක් ඇත්නම්...
ලංකාවට ඉන්දියාව කියන විදියට වැඩ කරන්න වෙන්නේ මේ මිනිස්සු හින්දා. ලංකාවට එක භාෂාවක් අවශ්‍යයි. රටක සංස්කෘතිය ගොඩනැගෙන්නේ ඒ මත... මේ විදියට කිසිම පාලනයක් නැතිව දේශපාලනමය කටයුතු කරාම මිනිස්සු අතර ගැටුම් වැඩි වෙනවා. දෙපැත්තට ඇදෙන්නේ භාෂා දෙකක් තිබුණාම... ලංකාවේ ව්‍යවස්ථාව හරියට නිකන් යටත් විජිතයක ව්‍යවස්ථාවක් වගේ... ලංකාවට හැමදාම තුන්වෙනි පන්තියේ රටක් වගේ ඉන්න පුළුවන් මේ විදියට... ලංකාව කියන්නේ දකුණු ඉන්දියාවට? දකුණු ඉන්දියාවේ කරන දේවල් ලංකාවට ඒ විදියටම ගේන්න ඕනේද? ලංකාව දූපතක්... මහද්වීපවල ඒ ඒ ප්‍රදේශවල ස්වභාවයට එකිනෙකට වෙනස් සංස්කෘති තිබුණට, ලංකාවට එහෙම අවශ්‍ය නැත. ලංකාව බෙදෙන්නේ භාෂාවෙන්. එය ඉස්ලාම් අන්තවාදයටද උදව්වක් වෙන්නේ එමගින්... ජාතික, රාජ්‍ය, පරිපාලන භාෂාව සිංහල වුණොත් හොඳයි. කෙටියෙන් කිව්වොත් එක ජාතික භාෂාවක් අවශ්‍යයි...
මෙතන ක්‍රියාත්මක වෙන්නේ ලොකු උප්පරවැට්ටියක්
පොලිසියට ඔය වැඩේ නවත්වන්න තිබුණනේ... පුරාවිද්‍යා නටබුන් සහ ස්ථාන ආරක්ෂා කිරීමට ඇති පනත් යටතේ. එය ඉතා බලගතු පනතක් හරියට කොන්ද පණ තියෙන පාලකයෙක් ඉන්නවා නම්... අනෙත් කරුණ තමයි, නිසැකවම මෙහිදී පොලීසියට විරුද්ධව නීතිමය පියවර ගත හැකියි.. රාජකාරිය පැහැර හැරියා කියා...
ඔය නටඹුන් නිසා හෝ ... නොදුටු දෙවි..දේවතාවන් නිසා හෝ , මනුස්සයෝ .. මනුස්සයොත් එක්ක ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව .. " සතුටින් සමාදානයෙන් " ජීවත් වෙන්න උත්සහ කරමුද ???
මොන මගුලක්ද මේ, අපේ රටේ ආණ්ඩු බුදිද?
සිංහල ගැන කතාකිරීම ජාතිවාදයකි. මංගල උන්නැහේත් කියන්නේ මේක අපේ රට නොවේ කියලා මහින්ද උන්නැහේ හිටියත් ඔය දේශපාලනය එසේම පවතිනවා.. දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඔක්කෝටම වැඩ මුලට එනවා. සිංහල ඔබත් දේශපාලනේ බදාගෙන ඉන්න.
ඔක්කොම සිංහල, දෙමළ වුණත් කමක් නැහැ... උස්සලා පොලොචේ ගහනවා හොඳේ...
නිවට... දේශද්‍රෝහී පිංගුත්තර පාලකයින් යයි කියාගන්නා අවජාතකයින් නිසා තමයි මෙවැනි දේ සිදුවන්නේ... එනිසා මේ පිංගුත්තරයින් සියලුදෙනාම නෙරපා හැර අපේ මව්බිම රැකගත යුතුයි...
කරුණාකරලා මේවට වෛරය ඇතිකරගන්න එපා. ඔබලා හොඳ සිංහල බෞද්ධයෝ නම් මහා පිරිත් පොතේ එන මගුල් අස්න හෙවත් නම්පොත (පෙර කල පිරිවෙන් අධ්‍යාපනයේදී කුඩා දරුවන්ට හෙළබස ඉගැන්වීමට යොදා ගත් පොතක් ලෙස මෙන්ම සති පිරිත් දේශනා වලද දේවාරාධනයේදී යොදා ගත් ලක්දිව සියලු දිසාවන්හි පිහිටි පන්සල්, දේවාල නාමාවලියක් ඇතුලත් නම්පොත) කියවලා බලන්න.. අන්තර්ජාලයෙන් අරන් කියවාගන්න.. සොයාගන්න බැරිනම් ඔය තමයි එදා ලක්දිව තිබුන සියලු බෞද්ධ වෙහෙර විහාරවල නාමාවලිය... බලන්න අද ඔයින් කීයද තියෙන්නේ කියලා. ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සියලු ආක්‍රමණිකයන් ඔවුන්ගේ පූජනීයස්ථාන සහ රජයේ ගොඩනැගිලි හදලා තියෙන්නේ ඔය පොතේ එන විහාර කඩා ඒ මතයි.
ඉංග්‍රීසීහු ඔවුන් පාලනය කළ සෑම රටකටම ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන ගියහ. ඉංග්‍රීසීන් ඒ රටවලින් පිටවූයේ දෙමළ කම්කරු ප්‍රශ්නවලින් ඒ රටවල් අර්බුදයකට පත්කරමිනි. යටත් විජිත යුගයේදී දෙමළ ජාතිවාදය පදනම් කරගෙන ලංකාව පෙඩරල් ක්‍රමයට බෙදන්නට වෑයම් කෙරුණත් එය වැලකුණි. බුරුමයේ හා මලයාවේද එවැනි වාතාවරණයක් තිබුණි. ජවහාල්ලාල් නේරුගේ අදහස වුණේ ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණු පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතු බවයි. ඔහු සාකච්ඡාවලදී දෙමළ කම්කරු ජනතාවට පුරවැසි අයිතිය ලබාදීම ගැනද අවධාරණය කළේය. මහත්මා ගාන්ධිතුමාද වරක් යාපනයට පැමිණ දුම්කොළ වගාවට පැමිණි දෙමළ ජනයා සමඟ සාකච්ඡා පවත්වා ඇත. එහෙත් මේ දෙදෙනාම සාමකාමී බුද්ධිමත් නායකයෝ වූහ. ඒ නිසා ලංකාව කෙරෙහි බලහත්කාරකම් කරන්නට ඉදිරිපත් නොවූහ. නමුත් අද?
ඔබත් කියව කියවා ඉන්නේ නැතිව ප්‍රසිද්ධියට පත්කර පන්සලේ පිරිත් සංගායනාවක් පටන් ගන්න. අපිත් පැමිණ කරේ වාඩිවෙලා පිරිත් අහන්නම්...
සජිත් නේද ඇමති ? මේ උතුරේ බෞද්ධ විනාශ නොපෙනෙනවා වගේ ඉන්නේ අනාගත පරපුරේ අයිතිය නේද නැති කරන්නේ ? ආණ්ඩුකාරවරයෙක් ඉන්නවනේ, ඒ කවුදවත් දන්නවද ?
කාලකන්නි යහපාලනය...
බමුණා මුළු පිටුවම බදු අරගෙන වගෙයි .
මම මේ ස්ථානය දන්නවා. පුරාවිද්‍යා නටබුන් තිබෙන තැනක්... අක්කර ගානක නටබුන් තියෙනවා. හාමුදුරුවෝ මෙතෙන තනියෙම රැකගෙන ඉන්නවා. උන්වහන්සේත් වයසයි. අසනීපයි. පුරාවිද්‍යා නිලධාරීන් මෙතන රැකගන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රදේශයේ නිලධාරීන් සහ පින්තූරයේ ඉන්න පිරිස් ඉඩදෙන්නේ නැත. බලයෙන් ඇවිත් මේ වගේ වැඩ කරනවා. වස්පිංකමත් තහනම් කෙරෙව්වා. සැමටම හරි නීතියක් වෙනවා නම් හොඳයි. හුඟක් අය කරුණු නොදැන කතා කරන බව පේනවා.