(ඉන්දිකා රාමනායක)
තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ මහනුවර අරුප්පල ප‍්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (09) පේරාදෙණිය දවුලගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු මුක්තාර් ආශිෆ් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහුගේ පේරාදෙණිය හේන්දෙණිය නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශයේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර සමාජයට අහිතකර විෂබීජ පුළුස්සා දමන්න. එය මහඟු පිනකි...
සහරාන්ගේ ගෝලයෝ විතරක්ම හොයලා මදි. සහරාන් කාගේ ගෝලයෙක්ද කියලත් හොයාගන්න වෙනවා. ලෝකේ කිසිම ත්‍රස්ත සංවිධානයක නායකයා තමන්ගේ පළමු ප්‍රහාරයෙන් විහින් මැරෙන්න යන්නේ නැහැනේ. අනික මේ තරම් ගෝලබාල රැලකට පුහුණුව දීලා..? ලොක්කා මළාම ඉදිරි කටයුතු සේරම නවතිනවා. ප්‍රභාකරන් කවදාවත් සටනට ගියාද? විජේවීර සටනට ගියාද? වෙන එකක් තියා පාක්ෂිකයෝ මරාගන්නකොට රනිල් වික්‍රමසිංහවත්, මහින්ද රාජපක්ෂවත් ඒ මැදට පනිනවද? ඒක නිසා මේකේ ලොක්කා රටේ ඉහළින්ම වැජඹෙනවා ඇති තවමත්? මේ තරම් පිරිසකට පුහුණුව දුන්නේ පළමු ප්‍රහාරයෙන්ම සටන නවත්තන්නද? එ්ක වෙන්න බැහැනේ? මේ සියල්ලන්ගේ ප්‍රධානියා ඇල්ලිය යුතුමයි. නැතිනම් දෙවෙනි වටය ආයෙත් එනවා ඒකාන්තයි...
අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.. එයාව හැමෝම දන්නවා... නමුත් දේශපාලන වාසි නිසා ක්‍රියාමාර්ග ගන්න බයයි..
චන්දිම කියලා තියෙනවා වගේම අනිවා සහරාන්ට ඉහළින් නායකයෙක් ඉන්න ඕනෑ. සමහරවිට අපි නොහිතන කෙනෙක් මෙහි නායකයා වෙන්නත් පුළුවන්...
මේ මුස්ලිම් දඩයම දැන්වත් නතර කළ යුතුයි. රනිල් කියලා තියෙන්නේ ඔක්කොම ඇල්ලුවා කියලයි.
පසුගියදා ප්‍රහාරයේ නායකයා සහරාන් විය නොහැකිය. ඕනෑම සංවිධානයක නායකයා ප්‍රථම ප්‍රහාරයේ දී ම සිය දිවි හානි කර ගන්නේ යැයි කිසිවිටෙකත් සිතිය නොහැකි එම නිසා සහරාන් මෙහෙයවූ අය කවුදැයි වහා සොයා බැලිය යුතුයි. ලංකාවේ බුද්ධි නිලධාරීන් දක්ෂයන් ඒ නිසා මේ මේ කළ නොහැකි දෙයක් ද නොවේ අවශ්‍ය වන්නේ පක්ෂග්‍රාහී නොවන දේශපාලන නායකත්වයක්.