IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘නීතිමය තත්වය තුළ සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය බෑ‘

(නිමල කොඩිතුවක්කු)

දැනට පවතින නීතිමය තත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන කිසිදු සාකච්ඡාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සමඟ පවත්වා නැතැයි ද  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙම කරුණු ප‍්‍රකාශ කළේ එක්සත්  ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂ  පසුපෙළ මන්ත‍්‍රීවරුන් සමඟ ඉකුත් සති අන්තයේ අරලියගහ මන්දිරයේ දී පැවති අදහස් හුවමාරු කර ගැනීමකදීය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවට  මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එහිදී කරුණු විමසීය.

දැනට පවතින නීතිමය තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා  නව පනතක් ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුවට  ගෙන ආ යුතු බව  විස්තර කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද  කියා සිටියේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද  මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියා නැතැයිද  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  වැඩිදුරටත් කීවේය.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම  සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පාර්ලිමේන්තු  පක්ෂ නායකයින් විසින්  පවත්වා නැතැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 



අදහස් (13)

‘නීතිමය තත්වය තුළ සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය බෑ‘

indra Sunday, 30 June 2019 09:14 AM

රටේ නීතියක් තිබේද? ඡන්දයක් අවශ්‍ය මහජනතාවට මේ විදිහට රටේ ජනතාව ඉවසා සිටියා ඇති.. අායෙත් නම් මෙවැනි රජයක් පරම්පරා දහයකටවත් එපා...

:       201       1457

sunil Sunday, 30 June 2019 10:23 AM

කවද හරි ඡන්ද තියයිනේ. එතකොට අපි අපේ රාජකාරිය නියමෙට කරන්නම්.

:       0       0

Praba Sunday, 30 June 2019 10:41 AM

රනිල් වික්‍රමසිංහ මහතා අපේ ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පාලකයාය. කිසිම මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නැත.

:       0       0

Sujeeva Sunday, 30 June 2019 10:52 AM

ඇයි බයද? තිබ්බොත් අනිවා පරාදයි..

:       0       0

jagath Sunday, 30 June 2019 12:18 PM

අනේ බෝලාගේ නීතිය...!! රෙද්ද පල්ලෙන් බේරෙනවා.

:       0       57

Raveendra Sunday, 30 June 2019 12:37 PM

මේ ගොයියට සූත්තර පුංචා කියන්නේ නිකන්ද..? පුටුවේ ඉන්න ඕනේ නිසා ඕනෑම තුප්පහි වැඩක් කරයි... දේශපාලකයා යනු දේශය විනාශ කරන අමනයා යන කියමන නැවත වරක් ඔප්පු කර ඇත..

:       0       140

shanthiSunday, 30 June 2019 01:01 PM

ආයේ ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල් ගානේ හිඟාකන්න එපා සමනලයෝ. අතපය කඩාගෙන තමයි යන්න වෙන්නේ... එදාට ඔහේගේ ඇමෙරිකන් යාලුවෝ නැහැ. ඒ අයට මෙහෙ ඉන්න දෙන්නෙත් නැහැ.

:       0       0

de silva Sunday, 30 June 2019 01:50 PM

පළාත්සභා සැප්තැම්බර් මාසේ තියන්න බැරිනම් වහාම ජනමත විචාරණයක් තියන්න. (1) පළාත් සභා ඕනද එපාද? (2) කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්නද? එපාද? (3) දැනට තිබෙන පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය (සමානුපාත) සහ විධායක ජනපතිවරයෙක් අවශ්‍යද? එහෙම නැත්නම් 77ට පෙර තිබුණු කොට්ටාශ ක්‍රමය ඕනෙද එපාද කියලා? එතකොට මහජනතාව ඔවුන්ගේ මතය කියාවි, කරුණාකර ඒ අනුව වැඩ කරන්න, එතකොට විශාල මහජන මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වේවි... දේශපාලකයන් වන ඔබලා රටේ තාවකාලික භාරකරුවන් පමණි. මේ රට අයිති රටේ පුරවැසි අපටයි.

:       0       25

චමින්ද Sunday, 30 June 2019 11:52 PM

සිල්වා මහතාගේ කථාව හරි. දැන් පළාත් සභා විසුරුවා හැර තිබියදීත් පළාත් නැතත් කිසිම ප්‍රශ්ණයක් නැතිබවක් පෙනීමෙන් පළාත් සභා එරටට අනවශ්‍ය බව පැහැදිලි වෙනවා. එනිසා පළාත් සභා අවශ්‍යද? අනවශ්‍යද? යන්න ගැනත් පවතින ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතුද? නැද්ද? පිළිබඳවත් ජනමතයක් වහාම විමසන්න....

:       0       0

mp Monday, 01 July 2019 05:40 AM

ඔහේට පුළුවන් මොනවද කියන්න බලන්න.

:       0       0

upali Monday, 01 July 2019 06:35 AM

ඔයා දැන් නීතිපති ද ?

:       0       37

Bandara Monday, 01 July 2019 10:01 AM

පුළුවන් තරම් පස්සට දාලා දවසක් හරි පුටුවේ ඉන්න කල්පනාව. අරලියගහ මැදුරේ බින්න බහිනවා කියලා කියන්නේ ඕකට...

:       0       84

de silva Monday, 01 July 2019 10:09 AM

දේශපාලකයිනි, ඔබලාට තිබෙන මේ ඔක්කොම ප්‍රශ්න විසඳලා දෙන්න. මේ ඔක්කොම ප්‍රශ්න සහිත ජනමත විචාරණයක් අපට දෙන්න.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site