‘‘අන්‍යාගමිකයන් මරන්න කියලවත්, මරාගෙන මැරෙන්න කියලවත්, මෙහෙම කාලකන්නි වැඩ කරන්න ඉස්ලාම් දහමේ කියලා නෑ. මෙයාලා ඉස්ලාම් කියලා පිළිගන්න බෑ. මම අයිඑස් පිළිගන්නේ නෑ. මේ අයිඑස් කාලකන්නි මේ රටෙන් තුරන් කරන්න වැඩ කටයුතු කළ යුතු බව මම කියනවා ‘‘ යැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරගය ගැන සොයන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබා දෙමිනි. එම සාක්කි විභාගය මේ වනවිට පැවැත්වෙයි.
ප්‍රශ්නය - සතොස වාහන ත්‍රස්තවාදී වැඩවලට භාවිත කළා කියා චෝදනා තිබෙනවා?
පිළිතුර - පසුගිය ඔක්තෝබර් මාසයේ හදපු ආණ්ඩුට මට එන්න කියා නිතරම කිව්වත් මම නොගියපු නිසා එක මන්ත්‍රීවරයෙක් මට මේ චෝදනාව කළා. තවත් මන්ත්‍රීවරයෙක් මේක කිව්වා. මම බලං හිටියා මේ බරපතල චෝදනා ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කරයි කියලා. නමුත් කළේ නෑ. මම පොලිසියට ගිහින් එතුමන්ලාට විරුද්ධව පැමිණිලි කළා.
ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බාධා කළා කියා චෝදනා තිබෙනවා? මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ උපදේශකයකුගේ දරුවකු සම්බන්ධයෙන් ඔබ යුද හමුදාපතිට කතා කළාද?
පිළිතුර - ඔහු රාජ්‍ය පරිපාලන පළමු වැනි ශ්‍රේණියේ නිලධාරියෙක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයකු ලෙස සිටියදී ඔහුගේ අමාත්‍යංශයක අතිරේක ලේකම්වරයකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා. 1990 දී මුස්ලිම් වැසියන්ව එල්ටීටීයෙන් පන්නලා කඳවුරුවලට ආවට පස්සේ පුනරුත්තාපන අධ්‍යක්ෂ ලෙස හිටියේ ඔහු. ඔහු පොලිසියට පැමිණිලි කරලා තියෙනවා නොදන්නා පිරිසක් පුතාව අරගෙන තියෙනවා කියලා. පොලිසිය කිව්වලු අපි ගාව නෑ කියලා. එස්ටීඑෆ් එකෙනුත් කිව්වලු ගත්තේ නෑ කියලා. ඔහු මගේ ගෙදරට ඇවිත් අඬ අඬා කිව්වා පුතා කොහෙද කියලා බලලා කියන්න කියලා. දෙහිවල පොලිස් ස්ථානාධිපතිගෙන් ඇහුවාම ඔහු කිව්වා අපි හොයනවා කියලා. දෙහිවල භාර ඩීඅයිජී වික්‍රමසිංහ මහතාට ගත්තම කිව්වා අපි ගත්තේ නෑ කියලා. මම හමුදාපතිට ගත්තම කිව්වා බලලා කියන්නම් කියලා. තාත්තා දිගින් දිගටම අහන නිසා තවත් වරක් ගත්තා. ඔහු කිව්වා බලලා කියන්නම් කියන්නම් කියලා. ඉන් පස්සේ 28 වැනිදා ආයෙත් කතා කළාම කිව්වා අපි අරං ඉන්නවා පොලිසියට බාර දෙන්න ඉන්නේ කියලා. ඉන් පස්සේ මම ගත්තේ නෑ. මම බලාපොරොත්තු වුණේ මොකද වුණේ කියලා බලාගන්න විතරයි. ඒ තාත්තට ඕන වෙලා තිබ්බෙත් ඔහු ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා බලා ගන්නයි. හමුදා බාරයේ සිටින බව දැනගත් පසු මම ආයේ කතා කළේ නෑ.
ප්‍රශ්නය - ඊබ්‍රහිම් නම් කුළුබඩු ව්‍යාපාරිකයාගේ බඩු ගන්න කියලා ඔබ බලපෑම් කරලා තියෙනවා?
උත්තරය - ඒ ගැන ලේකම්ගෙන් අහන්න පුලුවන්. මම බලපෑම් කරලා නෑ.
ප්‍රශ්නය - තුර්කියෙන් අන්තවාදීන් පිරිසක් ගැන තොරතුරු එවා තිබු බව ඔබ දන්නවද?
උත්තරය - මම දන්නේ නෑ
ප්‍රශ්නය - ඔබ කාන්තන්කුඩියේ දේශපාලනය කරනවද?
උත්තරය - එතරම් ලොකු දේශපාලනයක් එහේ කරන්නේ නෑ. එක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විතරක් අපෙන් පත්වුණා.
ප්‍රශ්නය - සිද්ධිය වෙන්න කලින් මේ ත්‍රස්වාදී ක්‍රියා ගැන දැනගෙන හිටියද?
‘ඔයාලගේ ආගම ඔයාලට. මගේ ආගම මට ‘ කියලා කුරාණයේ තිබෙනවා. ආගමේ අයම් ප්‍රශ්න ඇති. මම දේශපාලකයෙක්. මම ආගමික ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්නේ නෑ. සහරාන් කියන්නේ මවුලවි නෙමෙයි. ඔහු ආගමික නායකයෙක් නෙමෙයි. ඔහුම විතරයි මවුලවි කියලා හඳුන්වා ගන්නේ. ත්‍රස්තවාදී කල්ලිය ගැන මම දැනගෙන හිටියේ නෑ සිද්ධිය වෙන්න කලින්.
ප්‍රශ්නය - හිස්බුල්ලා ඔබේ පක්ෂයේ නේද හිටියේ?
පිළිතුර - හිස්බුල්ලා අපේ පක්ෂයේ අවුරුදු 5ක් පමණ හිටියා. පහුගිය ජනාධිපතිවරණයේ දී අපි මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන්න ගත්තට පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන්න ගියා.
ප්‍රශ්නය - 2015 දී ඡන්දය ඉල්ලපු අය සහරාන් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන බව ඔබ දන්නවද?
පිළිතුර - මම මේ කමිටුවෙදි ඒ ගැන කියනවා දැක්කා. ඉන් පස්සේ මම අපේ අමීර් අලී මන්ත්‍රීතුමාගෙන් ඇහුවා. ඔහු කිව්වා එහෙම ගිවිසුමක් අත්සන් කළේ නෑ කියලා.
ප්‍රශ්නය - ඔබ සහාරන් හමුවෙලා නෑ කිව්වට ඔබ හා සහරාන් හමුවූ බවට මාධ්‍යවල ඡායාරූප පළවුණා.
පිළිතුර - 2015 ඔක්තෝබර් 15 වෙනිදා අරාබි විද්‍යාලයේ උත්සවයක ගත්ත පින්තූරයක් ඒක. ඒ ඉන්නේ සහරාන් නෙමෙයි. ඒ ඉන්නේ මවුලවි නිස්තාර්. ඔහු මට ලියුමක් එවලා තියෙනවා මාව සහරාන් කියලා නාලිකාවෙන් පෙන්වනවා කියලා. ඔහු නිට්ටඹුව පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලත් තිබෙනවා. ඔහු කොළඹ පොලිස් මූලස්ථානයට ගිහිනුත් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ බොරු චෝදනා.
ප්‍රශ්නය - විල්පත්තුවේ ඉඩම් අක්කර ගණනක් ඔබට තිබෙනවා කියලත් චෝදනා ආවා?
පිළිතුර - 2015න් පස්සේ උතුරු පළාතේ ඉඩම් දීලා නෑ. 2009 යුද්ධෙන් පස්සේ කාර්ය සාධක බළකායක් පිහිටෙව්වා. ඒකට යුද හමුදාපති, පොලිස්පති, වන සංරක්ෂක ජනරාල්, දිසාපතිලා හිටියා. ඒ කමිටුව තමයි නැවත පදිංචි කිරීම් කරන්නේ කොහෙද කියලා තීරණය කළේ. ගිය ආණ්ඩුවයි ඒක කළේ. ගිය ආණ්ඩුව කළේ දේ වැරදි කියලා මම කියන්නේ නෑ. විල්පත්තු වනෝද්‍යානය ඇතුළේ එක පවුලකටවත් ඉඩම් දුන්නේ නෑ. ඒ පදිංචි කිරීම් කළේ මන්නාරමේ. මේ චෝදනා ගැන ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. ඒ වාර්තාවේ තිබෙනවා විල්පත්තු වනෝද්‍යානය ඇතුළේ පදිංචි කරලා නෑ කියලා. විල්පත්තුව තියෙන්නේ පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට. මන්නාරම දිස්ත්‍රික්කෙයි පදිංචි වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව ආවට පස්සේ ඉඩම් දුන්නේ නෑ. දුන්නේ 2012, 2013 කාලෙදි.
ප්‍රශ්නය - ඔබට සහ පවුලට අක්කර 3000ක් හෝ 8000ක් තිබෙන බවට චෝදනාවක් කරලා තිබුණා නේද?
පිළිතුර - මගේ මුලු පවුලටම තිබෙන්නේ අක්කර 55යි. එස්බී දිසානායක මන්ත්‍රීවරයා කිව්වා මට අක්කර 8000ක් තිබෙනවා කියලා. මට දූපතක් තියනවා කියලත් කිව්වා. ඒ මන්ත්‍රීවරයා ගෙනත් ප්‍රශ්න කරන්න. පවුලට තියන අක්කර 55ට අමතරව තව තියන ඒවා එතුමාගෙන් අහලා දැනගෙන රජයට පවරා ගන්න. මේ ගැන විමර්ශනයක් කරන්න කියලා මම ඉල්ලනවා.
මගේ මල්ලිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මුදා හැරියා කියලා මාධ්‍ය වාර්තා තිබුණා. එය සම්පූර්ණ බොරුවක්. මගේ මල්ලිව අත්අඩංගුවට ගත්තේ නෑ. ඒ ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ පවා ගියා මල්ලිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මුදා හැරියා කියලා. 25 මන්නාරම තාරපුරම් නිවාස සහ පුද්ගලයන් පරීක්ෂා කරලා තිබෙනවා. මගේ මල්ලි ඒ වෙලාවේ වාහනයක ඉඳලා තිබ්බේ. එයත් සාමාන්‍ය විදියට පරීක්ෂා කරලා ඔවුන්ව යවලා තියනවා. මල්ලි අත්අඩංගුවට ගත්තු කතාව බොරුවක්. (වැඩබලන පොලිස්පතිගේ වාර්තාවක් කියවයි)
කමිටුව හමුවේ සාක්කි දුන් රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද කීවේය.
‘‘ත්‍රස්තවාදය නිසා මේ පාර්ලිමේන්තුවේ මම තමයි වැඩියෙන් ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙන්නේ. යුද්ධෙදි එල්ටීටීඊයෙන් අපිව එළවද්දි අපි ඇවිත් කඳවුරුවල ජීවත් වුණා. දුක්වින්දා. දැන් මේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුයි. ත්‍රස්තවාදය තුරන් කරන්න උපරිම සහයෝගය දෙනවා. බෞද්ධ, කතෝලික ස්ලාම් ආගමික නායකයන් එකතු වෙලා වැඩ කළ යුතුයි. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවේ තිබුණු චෝදනා 10ම බොරු චෝදනා. විශ්වාස භංගයට අත්සන් කළ අයගේ වගකීම තමයි රිෂාඩ්ට විරුද්ධව පැමිණිලි කරන්න කිව්වට පස්සේ ගිහින් පොලිසියට පැමිණිලි කරන්න තිබ්බා. මගේ නම කියලම පොලිසිය කිව්වා පැමිණිලි කරන්න කියලා. මේ මව් රටට අපි ආදරෙයි. රට තිබ්බොත් තමයි අපිට දේශපාලනේ කරන්නත් පුලුවන්. අවස්ථාවදී දේශපාලනය කරන්න හොඳ නෑ මේ වෙලාවේ. ආයෙත් ත්‍රස්තවාදයක් මේ රටට එපා. ආගම්, පක්ෂ බේදයෙන් තොරව රට ගැන හිතලා හැමෝම එකතු වෙලා මේ ත්‍රස්තවාදය තුරන් කළ යුතුයි. ‘‘
පාරවල් වල නම් අරාබි භාෂාවෙන් යෙදීම අනවශ්‍ය වැඩක්. එහෙම ඕන නෑ. සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් තිබුණම ඇති.



(ඡායාරූප - චතුර එස් කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.. ඔව්... ගස් ටික තුරන් කරපු එකේ ඔය වැඩේ බොහෝම ලේසියෙන් කරන්න බැරිය..!
අනෙ අම්මේ බබා. අනේ එන්නකෝ කිරි ටිකක් කවන්න පැණිත් එක්කම. අපි නොදන්න බදියුදීන්... විල්පත්තුවේ පදිංචි කරපු එවුන් අහසින් පියාඹන් ඇවිත් වෙන්න ඇති පදිංචි වුනේ...
"අන්‍යාගමිකයන් මරන්න කියලවත්, මරාගෙන මැරෙන්න කියලවත්, මෙහෙම කාලකන්නි වැඩ කරන්න ඉස්ලාම් දහමේ කියලා නෑ." ඔබ ඉස්ලාම් භක්තිකයකු කියලා මට සැකයි.. මොකද ඔබ කුරාණය නිවැරදිව කියවලා නැති බවයි පෙනෙන්නේ.. පාසැල් පොත් වලම ඉස්ලාමය අත් හරින අයට මරණ දඩුවම ලබාදිය යුතු බව උගන්වනවා.. ඔබතුමා කොහොමද කියන්නේ මේවගේ බොරු. උපවාස කාලයෙන් පසුව කුමක් කළ යුතුයි කියලාද සඳහන් වෙන්නේ..? නබිතුමාත් කඩුවෙන් ආගම ප්‍රචාරය කළ බව ඔබ නොදන්නවා නම් ඉස්ලාම් දහම ඉතිහාසය ගැන ඔබතුමාට තව බොහෝ දේ ඉගෙන ගත යුතුයි...
මේ අයි.එස්. කාලකන්නි මේ රටෙන් තුරන් කරන්න වැඩ කටයුතු කළ යුතු බව මම කියනවා ‘‘ යැයි රිෂාඩ් බදියුදීන් කියාසිටී... ඔබගේ කතාව සහ ඔබ ගැන තිබෙන්නා වූ වැරදිමත නිවැරදි කිරීමටත් කියනදේ කරනවා කියා රටට පෙන්වීමටත් ඔබට යුතුකමක් තිබේ. සියලු අයි.එස්. ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් වීම නිසා ලංකාවෙන් අයි.එස්. තුරන් කරලීමට ආරක්ෂක අංශ මෙන්ම මුස්ලිම් දේශපාලකයන් මුස්ලිම් අාගමික නායකයන් මෙන්ම මුස්ලිම් ප්‍රජාව මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළයුතු නොවේද?
අනේ කූඹියනේ තොපටත් රජෙක් ඉන්නේ.. මොකදෝ කරන්නේ අපේ කරුමේ අපට වන්නේ...
විල්පත්තුව අවට තියෙන පරිවාර රක්ෂිතවල තමයි.. කැලේ කපලා මිනිස්සු පදිංචි කලේ එ්ක ගැන අහන්න තිබුණා. ඒ වගේම හැඳුනුම්පත් 1200 ක් ළඟ තබාගැනීම ගැන ප්‍රශ්න කරන්න තිබුණා. ඒ වගේම මොහුට අක්කර 50ක් තියෙනවා කියන්නේ ඉතින් අක්කර 50ක්, ගෙවල් කොළඹ කීයක් තියෙනවද? ඒවා ලැබුණු හැටි හොයන්න ඒවා ඔක්කොම ගත්තේ ඇමතිගේ පඩියෙන්ද? එතකොට ඒබ්‍රහිම්ගේ පියා මෙයාගේ ලඟින්ම හිටියේ මෙයා මුකුත් දන්නේ නැහැ. විල්පත්තුවේ පදිංචි කරපු අයගෙන් පාකිස්තාන් ජාතිකයන් අහුවුණා. එයාලා කොහොමද එහෙ පදිංචි වුනේ..? දැන් මෙයා බබාවගේ කියනවා නම් මෙයා මුකුත් දන්නේ නැහැ.. කියලා මුස්ලිම් අන්තවාදය රටෙන් තුරන් කරන්න ඕනේ කියලා.. අරාබි භාෂාවෙන් නම් ගහන්න ඕනේ නැහැ කියලා... 1. නැගෙනහිර සියලු මාර්ගවල තියෙන අරාබි නම් වහාම ඉවත් කරන්න. 2. මද්රසා පාසල් තහනම් කිරීම හෝ රජයට පවරාගෙන ඒවා නියාමනය කරන්න. 3. පාසල් පෙළපොත් සංශෝධනය කරන්න අන්තවාදී අදහස් ඉවත් කරන්න. 4. අන්තවාදී අදහස් පළකරපු අයව අත්අඩංගුවට ගන්න. 5. බුදුපිළිම කැඩූ තරුණයින්ව අත්අඩංගුවට ගැනීම වළකපු ඇමැතිව අත්අඩංගුවට ගන්න. 6. නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය වහාම රජයට ගන්න. දැන් මේවා කරන්න කාගෙන්වත් බාධාවක් නැහැනේ...
ඉතින් අපි ඔක්කොම දන්නවා නේද අන්තිමට මේ තීරණය නේද කියලා....?
කෝ අද සුමන්දිරන්... ඔහු අද පේන්න නැහැ. ඔහුට අද කිසිම ප්‍රශ්නයක් අහන්න නැද්ද? අරලිය ගහ මන්දිරයේ අධ්‍යක්ෂණය කළ නාට්‍යයේ ඔහුට අද කොටසක් නැද්ද?
අන්තිමට කරපු එකෙකුත් නැහැ, උදව් කරපු එකෙකුත් නැහැ.හොඳ වෙලාවට සහරාන් බෝම්බෙ පුපුරවාගෙන මැරුණේ.. හිටියනම් වෙන්නේ වහ කාලා පැනලා මැරෙන්නයි.
හා අයියේ අක්කර 55ක් ගත්තේ කොහොමද?
අර ගොයියාටත් කෝට් එකකුයි, ටයි එකකුයි ලැබිලා. අපි හිතුවේ ජවිපෙ ගොයියෝ ටයි කෝට් අඳින්නේ නැහැ කියලා...
"මේ මව් රටට අපි ආදරෙයි." මෙහෙම කියන්න " සිංහලයින්ගේ මව් රටට අපි ආදරෙයි". අපි ඔහෙලට ආදරේ නැහැ. ඔහෙලා අපිට මහා වදයක්. දමිලයින් තව හොඳයි.
..මනුස්සයෙක් වැරදි කරුවෙක් කියලා ඔප්පු කරන කන් ඔහු නිවැරදියි. හැබැයි මේ මනුස්සයට ඒ අයිතිය අහිමියි. ඔය හැටි අපරාධ කාරයෙක් නම් හංවඩු ගහපියව්කෝ උසාවියක...
ඔතන කොමිසමේ ඉන්න අයට අහන්න බැරිද යුද්ධයෙන් පස්සේ ෂොපින් බෑග් එක්ක ඇඳුම් දාගෙන මන්නාරමට ආපු එකා කොහොමද අක්කර 55ක් ගත්තේ කියලා. ලංකාවේ සිංහල ජනතාව කොච්චර ඉන්නවද පර්චස් 10ක් වත් නැති.
මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක, පියසේන ගමගේ සහ ජී.එල් පිරිස් සම්බන්ධකම් ගැන ඒවා කියපු ඒවා කෝ?
බදුර්දීන් මන්ත්‍රීතුමා... ඔබතුමා ලබාදී තිබෙන පිළිතුරු බලනවිට ඔබ සියලුම ජනවර්ගයන් එකට සිටීම විශ්වාසකරන මෙන් පෙන්වනවා. එසේ නම් මුස්ලිම් නායකයන් වශයෙන් මුලින්ම ඔබතුමා ඇතුළු නායකයන් රජයට වැඩපිළිවෙලක් ලබාදෙන්න.. (1) සියලුම ජනකොට්ඨාශ වලට පිළිගත හැකි නීති පද්ධතියක් (2) ආගමික ස්ථාන පිහිටුවීමේදී පිළිගත හැකි ක්‍රමවේදයක් (3) සිංහල සහ දෙමල ජනතාවටද නැගෙනහිර ව්‍යාපාර කිරීමට අවස්ථාවක් (4) මුස්ලිම් ගම්මාන පිහිටුවීම වෙනුවට සිංහල සහ දෙමල ජනයාටද එම ගම්මාන වල ජීවත්වීමට අාරාධනාවක් (5) මුස්ලිම් ධර්මය ඉගැන්වීම ගැන පිළිගත හැකි ක්‍රමවේදයක් මෙවැනි ක්‍රියාමාර්ග නොගෙන දන්සල්, බොරු අදහස් ඉදිරිපත් නොකරන්න. සිංහල සහ දෙමල ජනයාද මුස්ලිම් නායකයන් ඉහත පරිදි ක්‍රියා නොකරන තෙක් ඔවුන්ගේ ව්‍යාපාර වර්ජනය කළ යුතුයි.
කියන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඔබ කල පාහර වැඩ සියල්ලෝ දනිති..
හරිම ශෝචනීයයි... ලංකාවේ කුඩු, ත්‍රස්තවාදී ක්‍රියා, යුද උපකරණ ගෙන්වීම වගේ දේවල් වලට මුලින්ම සිටින පුද්ගලයා.. හැමදේම රියල් වලට යටවෙනවා.
දැන් ලංකාවට isis බිය ගෙනැල්ලා. විකාර, වෙන වැඩ නැහැ. කලින් කොටි ත්‍රස්තවාදය, දැන් ඉස්ලාම් ත්‍රස්තවාදය. 21වෙනි සියවසේවත් මිනිසුන්ව බය නොකර වැඩ ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
ISIS විතරද තුරන් කරන්න ඕනේ. මුසල්මානුවන් මේ වර්ධනය වන විදිහට මුළුරටම මුස්ලිම් වෙනවා... බොහොමටික කාලයකින්... එමනිසා මුසල්මානුවන් වඳකිරීමක් අපිත් සොයාගත යුතුයි.
මොවුන්ට වචනෙන් හරි උදව් කරන සිංහලයින් සියල්ලටම පළමුව සමාජයෙන් කොන්කළ යුතුයි...
"බදුර්දීන්ට අත නොතබනු" කියන පෝස්ටර් එක අලාගෙන පෙළපාලි ගිය අර රතු ටයි ජේ වී පී කාරයත් බදුර්දීන්ගෙන් සාක්කි විමසනවා. සිරිසේන කියනවා වගේ මේක විහිළුවක් නොවෙයිද?
අහන්න ඕන ප්‍රශ්න කිසි දෙයක් ඇහැව්වේ නෑ. මේ කමිටුව සෝදන කමිටුව නොහොත් වැරදිකරුවන් සුද්ද කරන වරදක් නොකල සාක්කිකරුවන් තලාපෙලන්නට බලන අරුම කරුම කමිටුවකි. එන්න කමිටුවට කුණු සොදාගෙන යන්න.. සබන් හා වතුර නොමිලේ දෙනු ලැබේ.