පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 27 October 2018
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 26 October 2018
සන්ධානය ආණ්ඩුවෙන් අයින් වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. 26 October 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රිමාන්ඩ් ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළේය. 25 October 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය. 25 October 2018
පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කරන චක්‍රලේඛය හකුලාගන්නැයි උපදෙස් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 25 October 2018
අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා අත්අඩංගුවට ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 25 October 2018
බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව සියලුම බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. 25 October 2018
නාලක ද සිල්වා 5 වැනි වරටත් සීඅයිඩීයට ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස් වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 25 October 2018
විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 24 October 2018
නාලක - නාමල් හඬපට ගැළපෙයි ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23) අධිකරණයට දැනුම් දුන්නේය. 23 October 2018
පළාත් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් සැර ලිපියක් පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ. 22 October 2018
පැය 28 ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා හෙටත් කැඳවයි ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 22 October 2018
ඩොලරය 173 පනී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය. 22 October 2018
රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක් රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි. 21 October 2018
රෝ ඔත්තු සේවයට සම්බන්ධ ලංකාවේ ඇමතිවරු සිව්දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. 20 October 2018
ආයෝජන මණ්ඩලයේ සභාපති - අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීමේ ලිපි අද (19) ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි. 19 October 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය. 19 October 2018
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2018
අමාත්‍යංශයේ නිර්දේශය පොලිස් කොමිසම විසි කරයි ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. 18 October 2018
පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි පැය නවය හමාරක් තිස්සේ ප්‍රකාශ ලබා දුන් ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් පිටව ගියේය. 18 October 2018
නාලක සිල්වාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි රහස් පොලිසියෙන් දෙවැනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. 18 October 2018
බැංකු දෙකක-ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි. 17 October 2018
ජනපති මෛත්‍රී - මෝදි දුරකතන සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 17 October 2018
‘මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘ තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි. 17 October 2018
ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය. 17 October 2018
වරාය බදුදීමේ යෝජනාවට ජනපති පෑ විරෝධයෙන් කැබිනට් මණ්ඩලය ඇවිලෙයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් අද (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ. 16 October 2018
නාලක සිල්වා 18 යළි රහස් පොලිසියට කැඳවයි තම දරුවකුට අසනීපවී ඇතැයි කියමින් අද රහස් පොලිසියට නොපැමිණි ත්‍රස්ත විමර්ශන අංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 18 වැනි දා යළිත් වරක් රහස් පොලිසියට කැඳවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 16 October 2018
ඩී.අයි.ජී. නාලක රහස් පොලිසියට නොයයි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. 16 October 2018
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ. 16 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026